යහපත් මවක හෝ පියකු ලෙස තම භූමිකාව ඉටුකිරීම ජීවිතය කෙටි කරන මගක් විය හැකියැයි විද්‍යාඥයන් පිරිසක් කියා සිටිති. මේ අදහස පළ කරන්නේ එක්තරා කුරුමිණි විශේෂයක් ගැන අධ්‍යයනයේ යෙදෙන එංගලන්තයේ කේම්බි‍්‍රජ් සරසවියේ පර්යේෂකයන් පිරිසකි. මෙකී කුරුමිණි විශේෂය හඳුන්වනු ලබන්නේ වලදාන කුරුමිණියා (burying beetle) ලෙසයි. මොවුන් අසාමාන්‍ය කුරුමිණි විශේෂයක් ලෙස සැලකේ. ඒ ඔවුන් සිය දරුවන් රැුක බලාගන්නා හෙයිනි. කුඩා කුරුල්ලෙකුගේ හෝ කොස් ඇට මීයෙකුගේ මළ සිරුරක් සොයා ගන්නා ඔවුහු එහි පිහාටු හෝ ලොම් ඉවත් කොට පොළවෙහි වල දමන්නේ, සිය කීටයන් හදා වඩා ගැනීම පිණිස ආහාරයට ගත හැකි කැදැල්ලක් තැනීමට ය. මෙම කීටයන් ට තනිවම දිවි සලසා ගැනීමට හැකි නමුත් ආහාර ගැනීමේ දී දෙමාපියන්ට ද යම් උපකාර කළ හැකිය.
දරුවන් හදා වඩා ගැනීමේ දී අනුගමනය කරන විෂම වූ මෙකී ක‍්‍රමවේද දෙක දෙමාපියන් සහ පැවත එන්නන්(offspring) යන කොට්ඨාශ දෙකටම බලපාන අන්දම ගැන සොයා බැලීම පිණිස පර්යේෂණය මෙහෙය වූ රෙබෙකා කිල්නර් කුරුමිණි කණ්ඩායම් දෙකක් ඇති දැඩි කළාය. එක් කුරුමිණි කණ්ඩායමකට ‘යහපත් ජනකයන්’ කාර්ය භාරය ඉටු කිරීම වස් සිය කීටයන්ට ආහාර ගැනීමේ දී උදව් කිරීමට ඉඩ හරින ලදී. දෙවැනි කණ්ඩායමේ දී (කීට අවස්ථාවේ) දෙමාපියන් ඉවත් කරනු ලැබූ හ. එම කීටයන්ට තමන් ගැන තමන්ටම බලා ගැනීමට සිදු විය. එම කණ්ඩායම නම් කෙරුණේ ‘අයහපත් ජනකයන්ගේ කණ්ඩායම'(the “bad” parent group) ලෙසිනි.
රැක බලා ගැනීමේ දී ඉහළ මට්ටමක දායකත්වයක් (මාපියන්ගෙන්) ලද කීටයන් හැදී වැඞී ඔවුන් ද යහපත් දෙමාපියන් බවට පත් වූ අතර රැක බලා ගැනීම දුර්වල මට්ටමක පැවැති දෙවැනි කණ්ඩායමේ කීටයන් අයහපත් දෙමාපියන් බවට පත් වූ අතර ඔවුන්ගේ ජනිතයන් ද එලෙසම විය.
‘යහපත්’ ජනකයෙකු වන්නේ කුමක් නිසාවෙන් ද යන්න නිර්ණය කිරීම පිණිස පර්යේෂක කණ්ඩායම කුරුමිණියෙකු බිහි කළ කීටයන්ගේ සංඛ්‍යාව (number) සහ ප‍්‍රමාණය (size) මැන බැලූහ. එම කුරුමිණියා ජනකයෙකු වීමේ යෝග්‍යතා පිරිවැය ද (fitness cost of parenthood)පරීක්ෂා කෙරිණ. ඒ, කීටයන් රැක බලා ගැනීමෙන් පසුව කොපමණ කලක් එම කුරුමිණියා ජීවත් වූයේ ද යන්න සොයා බැලීමෙනි. යහපත් ගුණාංග කණ්ඩායමෙන් තෝරාගෙන ජෝඩු කළ දෙමාපියන්ට කීටයන් බොහෝ ප‍්‍රමාණයක් සිටි අතර ඉන් පසුව දිගු කාලයක් ජීවත් වූහ. ‘අයහපත්’ කණ්ඩායමේ ජෝඩු වලට සිටියේ කෙසඟ කීටයන් සුළු ප‍්‍රමාණයකි. පසුව, ඔවූහු ඉක්මණින්ම මිය ගියහ.
අනතුරුව පර්යේෂණ සිදු කෙරුණේ ‘හොඳ’ ජනකයෙකු ‘නරක’ ජනකයෙකු හා ජෝඩු කළ විට සිදුවන්නේ කුමක් දැයි සොයා බැලීමට ය. මේ සොයා ගැනීම ගැන 2015 වසරේ සැප්තැම්බර් අග දී ප‍්‍රකාශයට පත් කෙරිණ. මෙවැනි යුගල ගතකිරීම් වලදී ‘හොඳ’ ජනකයා පීඩාවට පත් වූ බවත් වෙනත් ‘හොඳ’ ජනකයෙකු හා ජෝඩු කළ විටදීට වඩා අඩු ආයුකාලයක් හිමි වූ බවත් පෙනී ගියේ ය. සමහර විට මෙයට හේතුවන්නට ඇත්තේ කුරුමිණියන් විසින් ඉදි කරන ලද ආහාරයට ගත හැකි කැදැල්ල ජනිතයන්ට පමණක් නොව දෙමාපියන්ට ද ආහාර ප‍්‍රභවයක් වීම විය හැකිය. තම මාපිය කටයුතු පිරිවැය පියවා ගැනීම පිණිස කීටයන් හා එකී ආහාර ප‍්‍රභවයන් කොපමණ බෙදා හදා ගත යුතු ද යන්න තුලනය කර ගත යුතු වේ.
‘නරක’ ජනකයෙකු සමග එකට ජෝඩු කළ විට හොඳ ජනකයෙකුට තවත් හොඳ ජනකයෙකු හා ජෝඩු කළ විටදීට වඩා මහන්සි වී වැඩ කිරීමට සිදුවනවා පමණක් නොව යළි ප‍්‍රකෘතිමත් වීමට තරම් ප‍්‍රමාණවත් ව ආහාර ගැනීමක් සිදුනොවක බවක් පෙනී ගියේය. මෙම කුරුමිණියන් කිල්නර් විසින් හඳුන්වනු ලබන්නේ ‘සිය ජනිතයන් වෙනුවෙන් තම දිවිය කැප කරන’ (sacrificing themselves for the good of the young) කුරුමිණියන් ලෙස ය.
පර්යේෂකයන් මවිතයට පත් වූයේ දරුවන් හදා වඩා ගැනීමේ පරිසරයේ වෙනස්කම්වල ප‍්‍රතිඵල ඊළඟ පරපුර වෙත පැවරුණු වේගය, සීඝ‍්‍රතාව යෙනුයි. පරිණාමය කොපමණ වේගයකින් සිදුවන්නේ ද යන්න ගැන ප‍්‍රතීයමානයන්(implications) ඇති විය හැකි බව මින් හැෙඟ්. ‘‘ඇතැම් තත්වයන් යටතේ පරිණාමනය වන වේගය වඩාත් ඉක්මනින් සිදුවන්නේ නම් ඇතැම් ගහනයන්ට ජීවිතය පවත්වාගෙන යමින් (නොනැසී පැවතී) පරිසරයේ අභියෝගයන් ධනාත්මක තත්වයන්ට අනුගතවීමට හැකියාව තිබිය හැකිය’’ යයි කිල්නර් පෙන්වා දෙයි.
Naked Scientists, Science News හි The better beetle parent dies younger ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න