අප බොහෝ දෙනා ජීවිතයේ වැඩි වශයෙන් ගෙවන්නේ නිවෙස්වල, පාසලෙහි හෝ කාර්යාල වැඩ පොළ ඇතුළෙහිය. ඒ මතු ද නොව, අප වැඩි දෙනා වායු දුෂණය සම්බන්ධ කරන්නේ පිටත පරිසර සමගයි. එකතුදු වුවත් බොහෝ අවස්ථාවල දූෂක (contaminants) ඉහළ මට්ටමක පවතින්නේ  අභ්‍යන්තරයෙහි (indoors) බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. ශක්ති කාර්යක්ෂමතාව වැඩිකර ගැනීමේ සැලසුම් හේතු කර ගෙන වාතයේ අඩංගු ඇතැම් ද්‍රව්‍ය ගොඩනැගිලි අභ්‍යන්තරයේ දී වඩා සාන්ද්‍රගතව ඇති බව දක්නට ඇත. ඇ.එ.ජ. පරිසර ආරක්ෂක ඒජන්සිය (Environmental Protection Agency) ගණන් බලා ඇති අන්දමට ඇමරිකාවේ නිවාස හා වෙනත්  ගොඩනැගිලි සියල්ල අතරින් සියයට 30(%)කම, ජනතාවගේ සෞඛ්‍යයට බල පෑ හැකි තරම් දූෂක අඩංගුයි.  නිදසුනක් ගතහොත්,  අසාත්මිකතා ප්‍රතිචාර, බෝවෙන රෝග, ශරීරයේ වායු මාර්ගයේ කොටස් නිධන්ගතව උත්කෝපණය සහ විෂ ශරීර ගතවීෙම් ප්‍රතිචාර (මෙම ප්‍රතිචාරවලට අක්මාව, කේන්ද්‍රීය ස්නායු පද්ධතිය, ප්‍රතිශක්ති පද්ධතිය ආදී පටක හා අවයවවලට සිදුවන හානිද ඇතුළත්ය.) කෙරෙහි වගකිව යුත්තේ අභ්‍යන්තර වායු දූෂක විය හැකියි.

අප ආශ්වාස කරනා විට වායු දූෂක  අපේ වායු මාර්ග හා පෙනහළුවලට ඇතුල්වෙයි. දූෂකවලට එරෙහිව අපේ ශ්වසන පද්ධතියෙහි විවිධ වූ ආරක්ෂක යාන්ත්‍රණ ඇත. නිදසුනක් ලෙස දක්වතොත්, නාසයේ මං වෙතින් අංශු පරිස්‍රාවනය ෙකාට ඉවත් කළ හැකිය. අංශු  පෙනහළුවලට ආනනය කළ විට (inhaled)ඉන් සමහරක් ශ්ලේශමල ස‍්‍රාවය (mucus) තුළ හිරවේ. ඒවා (උගුරේ සිට ආමාශයට ඇති නාළිකා කොටස) අන්නස්‍රෝතය වෙත ප්‍රවාහනය කෙරේ. අනෙක් ඒවා විශේෂ සෛල මගින් වටකර විනාශ කර දමනු ලැබේ. උත්කෝපණය ඇති කරවන වායු සහ දූවිලි ශ්වසන පද්ධතියේ ඉතිරි ප‍්‍රදේශවලට යාම වළක්වාලීම පිණිස කිවිසුම සහ කැස්ස උපකාරි වේ. පෙනහළුවලට ආනනය කරන ලදුව රුධිර ධාරාවට අවශෝෂණය වූ ඇතැම් වායු ශරිරය මාර්ගයෙන් නිර්ධූලක කිරීම, සරල බසින් කීවොත් විස නැසීම කළ හැකිය.

මෙකී ආරක්ෂක විධිවිධාන සියල්ල නොතකා ඇතැම් දූෂක ශරීරයට ඇතුල් වී එහි ලැගුම් ගනී. එසේ ඇතුල්වී පෙනහළුවල පදිංචි වන ඒවා නිසා දිගටම පවතින හෝ වරින්වර උත්කෝපණ ඇති විය හැකිය. රුධිර ධාරාවට ඇතුල් වූ ද්‍රව්‍ය ශරීරයේ අනෙකුත් කොටස් වෙත  ගෙන යා හැකි අතර එවිට වකුගඩු හෝ අක්මාව වැනි අවයවවලට හානි පැමිණිය හැකිවේ.

අපගේ නිවාස ඇතුළු ගොඩ නැගිලි  අභ්‍යන්තර පරිසරය තුළ වායුමගින් ඇතුලුවූ හානිකර ද්‍රව්‍ය ඒකරාශීවීම මගහරවා ගැනීම පිණිස හොඳම මග නිවාරණයයි. () අපේ නිවස තුළ කෘමිනාශක, පවිත්‍රකාරක සංයෝග සහ අනෙකුත් රසායනික පරිස්සමෙන් භාවිත කිරීමෙන් විෂ (විය හැකි) වායු සහ හුමාලවලට අප නිරාවරණයවීම අඩුකරගත හැකිය. සිසිල්කරන හා තාපන පද්ධති නිසි පරිදි නඩත්තු කිරිම, ගොඩනැගිලි ඇතුළට හැකිතරම්  පිරිසිදු වාතය ගලා එන බව සහතික කර ගැනීම,  බැක්ටීරියා සහ  වැඩෙන තෙතමන සහිත ස්ථාන ඉවත් කිරීම යන මේ සියල්ල සෞඛ්‍යාරක්ෂක වඩා යහපත් අභ්‍යන්තර වාතාවරණයක් ස්ථාපිත කිරීමට ආධාර වේ.

වාතය නිරතුරුව අප අවට පවතී. එහෙත් අප බොහෝ දෙනෙකු එහි සංයුතිය හෝ එය  වැදගත් වන්නේ මන්දැයි සිතනවා අඩුය. එය ඇත්තටම වර්ණයක් නොමැති, ගන්ධයක් නොමැති වායු වල සම්මිශ්‍රණයකි. එහි ඇති ඔක්සිජන් සෛල තුළ ක්‍රියාකාරිත්වයට අවශ්‍යය. වාතයේ කවර වායුවක් වන කාබන් ඩයොක්සයිඩ් ජීවින් බොහොමයක් අපද්‍රව්‍යයක් ලෙස නිපදවන අතර  ශාකවලට ප්‍රභාසංස්ලේෂණයට එම වායුව අවශ්‍ය වේ.

indoor_0_0_0

වායු අනු නිරතුරුව චලනය වෙයි. තාපය, වායු අණුවල චලනය උද්දීපනය කරයි. එහෙයින් උණුසුම් වාතය ඉහළට නගින අතර සීතල වායු පහළට කිදා බසියි. වාතයෙහි ඉතාමත් ක්ෂුද්‍ර දේවල් ‍ගැබ්ව තිබෙන්නට පුළුවන. එවැනි  දේවල් වන පරාග, දූවිලි හෝ දුම සමහර පුද්ගලයන් තුළ ආසාත්මිකතා හෝ අසාත්මිකතා නිසා ඇතිවන රෝගවලට මග පාදයි. වාතයේ තිබෙන රසායන වැනි අනෙකුත් ද්‍රව්‍ය අප කාටත් විෂ සහිතය. බොහෝ දෙනෙකු වාත දූෂණය ගැන ගැන සිතන්නේ එළිමහනේ නැතිනම් ගේදොර හෝ වෙනත් ගොඩනැගිලිවලින් පිටත ඇති වන්නක් හැටියටයි. අප වැඩි දෙනා නිවෙස හෝ වෙනත් ගොඩනැගිල්ලකට රිංගා ගන්නේ එළිමහනේ ඇති ‘අපිරිසිදු’ (දූෂණය වූ) වාතයෙන් ගැලවී ගැනීමටය. එහෙත් ගොඩනැගිලි අභ්‍යන්තරයෙහි වාත දූෂක වඩා සාන්ද්‍රගතව තිබීමට හැකිය. ඊට හේතුව පිරිසිදු වාතය සංසරණයට ගොඩනැගිලි අභ්‍යන්තරයෙහි ඇති ඉඩ කඩ සීමාවීමයි.

වාතය වැනි වායුවල අණු ගැබ්ව ඇත්තේ ද්‍රව හෝ ඝන වස්තුවලට වඩා අඩු ඝනත්වයකිනි () උදාහරණයක් දක්වතොත්, ඔක්සිජන් වායුව, ද්‍රව ඔක්සිජන්වලට වඩා ඝනත්වය 1000 වාරයකින් අඩුය. වාතයට බරක් ද ඇත. පහළ උන්නතාංශයකදී වාතයේ ඝන මීටරයක, කිලෝග්‍රෑමයක ස්කන්ධයක් ඇත. මිනිස් ක්‍රියාකාරකම් නිසා නිපදවෙන වායු ද පහසුවෙන්ම වාතයට එක්වෙයි. ගොයමට විදින වල් හෝ කෘමි නාශක (ස්ප්‍රේ), නිවසේ කැරපොත්තන්ට විදින ස්ප්‍රේ, වාහන හෝ වෙනත් යමක් පේන්ට් කිරිමට විදින ස්ප්‍රේ නිදසුන්ය. වාතය ඉහළ පීඩනය හා ඝනත්වය ඇති තැනකින් පහළ පීඩනය හා ඝනත්වය  ඇති තැනට ඇදෙයි. එමෙන්ම පොදුවේ ගත් කළ උණුසුම් වාතය ඉහළ නගින අතර සීතල වාතය පහළ කිඳා බසියි.  උෂ්ණත්වයේ වෙනස්කම් නිසා ද වාතයේ සහ අනෙකුත් වායුවල සංචලන සිදුවේ.

BioEd: The Science of Air හි Fungus Among Us සහ What is Air  ලිපි ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending