ළය පිළිකාව යනු පෙනහළුවල ඇතැම් සෛල විපරීතව අර්බුදයක් සෑදීමට මග පාදන අයුරින් පාලනයකින් තොරව බෝවීම යි. ළය පිළිකාව, එහි මුල් අවධිවලදී රෝග රූප හෝ රෝග ලක්ෂණ පෙන්වීමටත් මෙන්ම නොපෙන්වීමටත් පූළුවන. ළය පිළිකාවෙන් පෙළෙන සමහර අයට පපුවේ වේදනාව, නිතර ඇතිවන කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතා හා ගැටලු, යමක් ගිලීමට හෝ කතාකිරීමට ඇති අපහසුතා, ශ්ලේෂ්මල තුළ රුධිරය, කුසගින්න නැතිවීම, ශරීර බර අඩුවීම විඩාව හෝ ගෙල හෝ මුහුණ ඉදිමීම ඇති විය හැකිය. ළය පිළිකාව ඇතිවන්නේ බොහෝ විට වයස අවුරුදු හැට ගණන්වල හෝ හැත්තෑ ගණන්වල වැඩිහිටියන්ටය. ළය පිළිකාව හට ගන්නා බොහෝ පුද්ගලයන් ගැන බැලුවොත් දිගු කාලයක් දුම්බීමේ ඉතිහාසයක් ඇති බව පෙනී යයි. කෙසේ වෙතත්, ජීවිතයේ කිසිදිනක දුම්පානය නොකළ අයෙකුට වුව මේ තත්ත්වය ඇතිවිය හැකිය.
ළය පිළිකාව සාමාන්‍යයෙන් වර්ග දෙකකට වෙන් කර දැක්වේ. ඒ, කුඩා සෛල ළය පිළිකාව (small cell lung cancer) සහ කුඩා සෛල නොවන ළය පිළිකාව (non-small cell lung cancer) යනුවෙනි. මෙම වර්ගීකරණයට පදනම් වන්නේ අන්වීක්ෂයකින් බැලූ විට පෙනෙන බලපෑමට ලක් වූ සෛලවල ප්‍රමාණයයි. ළය පිළිකා අතරින් සියයට 85 කට (85%) වගකිවයුත්තේ කුඩා සෛල නොවන ළය පිළිකාවයි. ඉතිරිය 15% බලපාන්නේ කුඩා සෛල ළය පිළිකාවයි. කුඩා සෛල ළය පිළිකාව ඉක්මණින් වැඩෙන අතර බොහෝ විට අනෙකුත් පටලවලට ද ව්‍යාප්ත වේ. රෝග සංක්‍රමණය (metastasize) යනුවෙන් ඒ කියන්නේ ප්‍රධාන පිළිකා නිධානයට ඈතින් ද්විතීයක පිළිකා මතු වීම) මෙය හැඳින්වේ. මෙම ව්‍යාප්තිය සුලබව සිදුවන්නේ අධිවෘක්ති ග්‍රන්ථි(adrenal glands), අක්මාව(liver), මොළය සහ අස්ථි වෙතය. රෝගීන් අතුරෙන් අඩකට වැඩි පිරිසක, රෝග විනිශ්චය කරන අවස්ථාව වන විට කුඩා සෛල ළය පිළිකාව පෙනහළුවලින් ඔබ්බට ව්‍යාප්ත වී හමාරය. රෝග හඳුනාගැනීමෙන් පසුව (රෝග විනිශ්චයෙන් පසුව) කුඩා සෛල ළය පිළිකාව වැළදුණු බොහෝ දෙනා එක වසරක පමණ කාලයක් ජීවත් වෙති. වසර 5ක් ජීවත් වන්නේ 7%කට අඩු රෝගීන් පිරිසකි..
දැන් අපි කුඩා සෛල නොවන ළය පිළිකාව වෙත යොමු වන්නේ නම්, එය ප්‍රධාන උප වර්ග තුනකට බෙදා තේරුම් ගත හැකියි. ඇඩිනෝකාසිනෝමාව (adenocarcinoma), ශල්කමය සෛල කාසිනෝමාව(squamous cell carcinoma) සහ විශාල සෛල ළය පිළිකාව (large cell lung carcinoma) යනුවෙනි. පෙනහළු පුරා වට තිබෙන කුඩා වායු කෝෂ හෙවත් ගර්ත (alveoli) අතුරා ඇති සෛලවලින් ඇඩිනෝකාසිනෝමාව හට ගනී. ශල්කමය සෛල කාසිනෝමාව හටගන්නේ ශ්වාසනාලයේ (windpipe) සිට පෙනහළු දක්වා ඇති මග අතුරා තිබෙන ශල්කමය සෛලවලිනි. ඇඩිනෝකාසිනෝමා හෝ ශල්කමය සෛල කාසිනෝමාව යන දෙයාකාරයම ලෙස නොවන බව පෙනී යන කුඩා සෛල නොවන ළය පිළිකා විශාල සෛල කාසිනෝමා(large cell carcinoma) ලෙස විස්තර කළ හැකි ය. නමින්ම පෙනෙන පරිදි එකී පිළිකා සෛල අන්වීක්ෂකයකින් බලන කල විශාලව පෙනේ.

ළය පිළිකාව බහුලව හට ගන්නක්ද?
මෙය ඇ.එ.ජනපදය ආශ්රයෙන් විමසුවොත්, එරටෙහි සෑම වසරකම පුද්ගලයන් 221,000 කට වැඩි පිරිසකට ළය පිළිකාව වැළඳේ. මින් 85%කට වැඩියෙන් රෝගය හටගන්නේ දුම්පානය කරනනන් තුළය. දළ වශයෙන් 6.6%ක සිය ජීවිතය කාලය තුළ ළය පිළිකාව හට ගනී. පිළිකා රෝග මරණ සඳහා ප්‍රධාන වශයෙන් වගකිව යුත්තේ ළය පිළිකාවයි. ඇ.එ.ජ.යේ සමස්ත පිළිකා මරණ අතුරෙන් 27%ක් ළය පිළිකා නිසා සිදු වූ මරණය.
ළය පිළිකාවට අදාළ වන්නේ කුමන ජානද?
සංකටක ජානවල ජානමය විකෘතිවීම් (genetic mutations) වර්ධනය වූ කල පිළිකා හට ගනී. විශේෂයෙන්ම, සෛල වර්ධනය මෙන්ම සෛල විභාජනය සහ හානි පැමිණි DNA අලුත්වැඩියාවට අදාළ ජානයන්ය. මෙකී විපර්යාසයන් අර්බුදයක් සෑදීමට මගපාදමින්, සෛලවල වර්ධනයට සහ පාලනයකින් තොරව විභාජනයට ඉඩ සලසයි. ළය පිළිකා රෝගීන් සියල්ලගේම පාහේ මෙකී ජානමය විපර්යාසයන්, කෙනෙකුගේ ජීවිත කාලය තුළ අත්කර ගන්නා අතර පවතින්නේ පෙනහළුවල එක්තරා සෛලවල පමණකි. දෛහික විකෘතීන් (somatic mutations) ලෙස හැඳින්වෙන මෙම විපර්යාසයන් උරුමයෙන් ඇති වන්නක් නොවේ. විවිධ ජාන බොහොමයක, දෛහික විකෘතීන් ළය පිළිකා සෛලවල දැක ගත හැකිවේ.
ළය පිළිකා රෝග සියල්ලන් අතුරෙන් භාගයක පමණ ජාන විකෘතීන් ඇති වන්නේ EGFR සහ KRAS යන ජානවල යයි නිර්ණයකර ඇත. සෛල පටලය තුළ ඇති ප්‍රෝටීන සෑදීම සඳහා නියෝග සපයන්නේ මෙම ජාන දෙකයි. මේවායේ ඇතිවන විකෘතීන් නිරතුරුවම සක්‍රියව පවතින ප්‍රෝටීනයක නිෂ්පාදනයට මග පාදයි. එහි ප්‍රතිඵලයක් ලෙස නිරතුරුවම බහුලවීමට හෙවත් ප්‍රගුණ වීමට(proliferation) සෛලවලට සංඥා කෙරේ. එය අර්බුද සෑදීමට මග පාදයි. මෙකී ජාන විපර්යාසයක් පෙනහළු සෛලවලදී සිදු වූ විට ළය පිළිකාව වර්ධනය වෙයි. රෝගීන් සුළු පිරිසක තුළ අනෙකුත් බොහෝ එක එක ජානයන්හි විකෘතීන් සිදුවන බව සොයා ගෙන තිබේ.
ජානමය විපර්යාසයන්ට අමතරව, පුද්ගලයන්ව පිළිකා කාරක සංයෝගවලට(carcinogens) නිරාවරණය කරන පෞද්ගලික හා පාරිසරික සාධක ගණනාවක් පර්යේෂකයන් විසින් සොයා ගෙන තිබේ. ළය පිළිකාව හට ගැනීමට පුද්ගලයෙකුට ඇති අවදානමට දායක වෙමින් දෛහික විකෘතීන් සිදුවන අනුපාතය ඉහළ දැමීමට ද මෙකී සාධක බලපායි. මින් වඩාත්ම ප්‍රබල සාධකය දිගු කාලයක් දුම් පානය කිරීමයි. දිගු කල් දුම්පානය පුද්ගලයෙකුට ළය පිළිකාව සෑදීමට ඇති ඉඩකඩ 20 ගුණයකින් ඉහළ දමයි. වායු දූෂණයට, ඇස්බැස්ටෝස් හෝ දුම්වැටි දුමට නිරාවරණයවීම, ආර්තවභාවය (menopause වයස් ගත වීම නිසා ඇති වන ඔසප් නැවතීම) සඳහා දිගුකාලීනව සිදුකෙරෙන හෝමෝන චිකිත්සාව, ක්ෂයරෝගය, එම්පිසිමාව(emphysema පෙනහලූවල වායු කෝෂවලට හානිවීම හෝ විශාලවීම) හෝ නිධන්ගත බ්‍රොන්කයිටීස් වැනි ළය රෝග පිළිබඳ ඉතිහාසයක් තිබීම අනෙක් සාධක අතර වේ.
Genetics Home Reference හි Lung cancer ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න