මතුපිට ආලේපන තාක්ෂණයෙන් වෛද්‍ය උපකරණ තුළ රුධිරය කැටිගැසීම වළක්වා ගත හැකියි.
ජීවිත බේරාගැනීම සඳහා සිදුකරන ශල්‍යකර්ම ඇතුළු වෛද්‍ය ප්‍රතිකාර බොහොමයක දී ලේ තුනී කිරීමේ අවශ්‍යතාව අනිවාර්යයෙන්ම මතුවේ. එහෙත් මෝටර් රථ අනතුරුවලින් බරපතළ තුවාල ලත් අයට, යුද්ධවලදී තුවාල ලබන්නන්ට ලේ කැටි ගැසීම වළක්වන බෙහෙත් දීම මරණයෙන් පවා අවසන් වන පරිදි ලේ ගැලීම වේගවත් කරන ක්‍රියාවක් බවට පත් විය හැකිවේ. දැන් මේ තත්ත්වයට ප්‍රතිකර්මයක් සඳහා මග පෑදිය හැකි තාත්ෂණයක් අප කිසිවෙකුත් නොසිතන ක්ෂේත්‍රයකින් හමු වී තිබේ. එනම් අහස්යාන තටුවලට අයිස් ‘ඇළීම’ මගහැරවීම සඳහා යොදා ගන්නා තාක්ෂණයයි. මේ සොයා ගැනීම සිදු කර ඇත්තේ හාවඩ් විශ්වවිද්‍යාලයේ වයිස් ආයතනයේ පර්යේෂකයන් පිරිසක්ය.

පර්යේෂකයන් විසින් කැතීර්ටර (catheter) වැනි වෛද්‍යමය උපකරණ විශේෂිත ආලේපයකින් පිරියම් කරන ලදි. ලේ කැටි ගැසීමේ හේතුවෙන් මෙවැනි උපකරණවලදී රුධිරය ගලායාම ඇනහිටි. මෙකී ආලේපනයෙන් රුධිරය කැටි ගැසීමට තුඩු දෙන සංරචක විකර්ෂණය කෙරේ. මෙම ආලේපය නිමවා ඇත්තේ බඳුන්වල ද්‍රව්‍ය ඇලීම වැළැක්වීමට ආලේප කරන ද්‍රව්‍යයක්වන ටෙෆ්ලෝන්(teflon) වලට සමාන කෘතිම රසායන ස්තර දෙකකිනි. එය හඳුන් වන්නේ පර්ෆ්ලූරෝකාබන් (perfluorocarbon) යනුවෙන්. ලේ කැටි ගැසීමේදී සෑදෙන අද්‍රාව ප්‍රෝටීනයක්වන ෆයිබ්රින්(fibrin) සහ පට්ටිකා(platelets) රුධිරයෙහි ඇළෙනසුළු කොටස්ය. ඒවා උපකරණයෙහි පෘෂ්ඨය මතින් අවහිරයකින් තොරව ගලා යාම සහතික කරනු වස් මෙකී ද්‍රව්‍ය මගින් එම උපකරණවල ලිස්සන සුළු මතුපිටක් නිර්මාණය කරයි.
පර්යේෂකයන් මෙම තාක්ෂණය මුලින්ම අත්හදා බලන ලද්දේ සූකරයන් යොදාගෙනය. එසේ කරන ලද්දේ පර්ෆ්ලුරෝකාබන්(perfluorocarbon) ආලේපිත කැතීටර හා වෙනත් උපකරණ සූකරයන්ට නිවේශනය කිරීමෙනි(inserting).

රසායනය ආලේපිත පෘෂ්ටයක් දිගේ ඉහළට නගින ලෙස ඔවුහු හූනෙකුට අභියෝගයක් පවා ඉදිරිපත් කළහ. උඩට නැගීම පිණිස හූනන් සතු පුදුම එළවන හැකියාව ලබාගන්නේ දුර්වල, කුඩා රසායනික බන්ධන බොහොමයක් යොදා ගනිමිනි. ලේ කැටි ගැසීමේ මුල්ම පියවරෙහි දී යොදා ගැනෙන්නේ ද මෙකී රසායනික බන්ධනමය. පර්ෆ්ලුරෝකාබන් ආලේපිත පෘෂ්ඨයකින් නැගගැනීමට සිය හැකියාවන් යොදා ගනිමින් නොහැකි වූ විට අවමානයට ලක්වූවෙකුගේ පෙනුම හූනාට තිබිණි යයි පර්යේෂණය බාරව ක්‍රියා කළ ඩැන් ඉන්ග්බර් පවසයි. ඇමරිකා එක්සත් ජනපදයේ අනුමත රුධිර ආදේශකයක් ලෙස ප්රෆ්ලුරෝකාබන් දැනටමත් යොදා ගන්නා අතර ඩයලිසිස් යන්ත්‍ර(dialysis machines) වැනි බහීර් ශාරීරික(extracorporeal) උපකරණ සම්බන්ධ ක්‍රියාදාමයන්වල දී ද යොදා ගැනීමට හැකි වේ. එමෙන්ම පර්ෆ්ලුරෝකාබන් වෛද්‍යමය භාවිතයන් සඳහා ජීවානුහරණය කළ හැක. මෙය ප්‍රායෝගික භාවිතයට ගැනීම සම්බන්ධයෙන් පර්යේෂකයෝ දැන් උපකරණ නිපදවන්නන් හා සාකච්ඡා කරමින් සිටිති. එලෙස මෙය පොදු භාවිතයට යොදා ගැනුණේ වෛද්‍යමය උපකරණ තුළ ලේ කැටි ගැහීමෙන් වීමත් සිදුවීම ගැන රෝගීන්ට බිය දුරු කර ගත හැකි වෙනු ඇත.
Discover (December, 2015) හි Bye-Bye, Blood Clots ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න