විපත් පැමිණුවීමේදී සොබාදහම හා තරගකොට ජය ගැනීමට අපට නොහැකිය. හරියටම නිශ්චිත සංඛ්‍යා ලේඛන සොයා ගත නොහැකි වුවත්, ලෙඩ රෝග නියංසාය සහ ආපදා (disasters) මෙතෙක් මිනිසා ගෙන ආ මාරක විපත්වලට වඩා වැඩියෙන් විපත් පමුණුවන්නට ඇත. නිදසුනක් දක්වන්නේ නම් වසූරිය පමණක් 20 වැනි සියවසේ දී මිලියන 300ටත්  500ටත් අතර පිරිසක් ගොදුරු කරගත්තේය. ඒ ඉතින් එක රෝගයක් පමණයි. මිනිසා ගෙන ආ මාරක විපත් හා සසඳන්නේ නම් 20 වැනි සියවසේ දී පළමුවැනි ලෝක යුද්ධයෙන් සහ දෙවැනි ලෝක යුද්ධයෙන් මිය ගිය සංඛ්‍යාව මිලියන 50 සිට 150 දක්වා වෙතයි ගණන් බලා ඇත. මධ්‍යකාලීන යුගයේ දී නියඟය හා මහාමාරියා වසංගතය නිරතුරුවම යුරෝපීය ජනතාවට මහා පරිමාණ විනාශයක් ළඟාකර දුන්නේය. බැලූ බැල්මට එසේ වුවත්,  මිනිසාගේ ‘නිර්මාණ’ද ඒ හා සමාන මාරක විපත් ගෙන ඒමට සමත් වේ. එක් නිදසුනක් දක්වතොත් ලොව පුරා මිලියන 5.6 ක පිරිසක් සෑම වසරක් පාසාම දුම්පානය නිසා අකාලයේ මිය යති. මින් මිලියන 5 ක්ම තමන්ගේ දුමවැටියේ දුම්පානය කිරීමෙනි. ඉතිරිය අනුනගේ දුම් පානය කිරීමෙනි. ගෝලීය වශයෙන් ගතහොත් මේ මොහොතේ දුම්පානය කරන පිරිස මිලියන 650ක් පමණවේ. ඒ කියන්නේ කෝටි 65 ක්. මේ දුම්පානය කිරීමේ පුරුද්ද හේතුකොට ගෙන එම කෝටි 65 න් අඩක්ම අකාලයේ මරු වැළඳ ගනිති.

ඉතින් තරඟය කාටත් විවෘතයි :  මාරක විපත් වැඩියෙන් ගෙනෙන්නේ මිනිසා ම ද? නැතිනම් සොබාදහමද? සිතා බලන්න.

Braintainment (November/December 2015)  Who causes more fatalities, man or nature?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending