තෙල් රැගෙන යන නැවක් මුහුදේ දී අනතුරකට ලක්වුවහොත් එයින් ඇතිවන තෙල් ඉහිරුම මුලු ලොව පුරා මාධ්‍ය ජාලා මගින් වහා වාර්තා කරනු ලැබේ. වර්තමානයේ සංඛ්‍යාලේඛන ගතහොත්, මෙවැනි අනතුරු මගින් වසරක් පාසා සාගරයට එක්වන තෙල් ප්‍රමාණය ගැලුම් මිලියන 37 ක් පමණ වේ. එහෙත් මීටත් වැඩි ප්‍රමාණයක් වාර්තා නොවී සාගරයට එක්වෙයි. ඒ, ස්වාභාවික ක්‍රියාදාමයේ කොටසක් ලෙස තෙල් දරන පාෂාණ ස්තර වලින්(oil-bearing rock layers)  කාන්දුවන තෙල් ගැලුම් මිලියන 60 ක් වසරක් පාසා මගිනි. මිනිස් ක්‍රියාකාරකම් නිසා සාගරයට වැඩිම තෙල් ප්‍රමාණයක් එක් වන්නේ කාර්මික අපද්‍රව්‍ය හා රථවාහන වලිනි. ඒ වසරකටගැලුම් මිලියන 363 කි . මිනිස්සු සිය මෝටර් රථවාහන තෙල් පොළවට හෝ අප දිය ජාලයකට වක්කරන විට එය අන්තිමේ දී කාන්දු වී භූගත ජලයට එක්වෙයි. ගංගා වෙත යොමු කෙරෙන කාර්මික අපද්‍රව්‍ය හා එක්ව ගත් විට තෙල්, ජල මාර්ග මුහුදට වැටෙන වැලි දිය දෝරෙන් කොටසක් බවට පත්වෙයි.

Oil-spill-cleanup

මහා සාගරයේ තෙල් ඉහිරුමක් ඇති වූ විට එය විවෘත ජලය හරහා සැතැපුම් ගණන් ව්‍යාප්ත වී මුහුදු වෙරළ කරා ද පැමිණීමට පුළුවන. එවිට මුහුදු වෙරළ තාර බෝල වලින් වැසී යයි. මත්ස්‍ය පක්ෂී සහ අනෙකුත් වන ජීවින්ගේ නිවහන වන වෙරළබඩ ප්‍රදේශ – ඒ කියන්නේ අන්තර් උදම් කලාප තමයි වැඩියෙන් ම ගොදුරු වන්නේ. තෙල් මගින් සතුන්ගේ ලොම් හෝ පෙඳ    පෘෂ්ඨ වර්ගඵලය අඩු වී සීතල ජලයෙන් තව දුරටත් ආරක්ෂා නොවන විට සතුන් විනාශ මුඛයට පත් වේ. එසේ නොමැති නම් සතුන් තෙල් අධිග්‍රහණය(ingest)  කිරීමෙන් පසුව රෝගාතුර වීම හෝ නිසියාකාරව ප්‍රජනනය කිරීමේ හැකියාව අහිමි වී යයි.

වෙරළබඩ තීරයක තෙල් ඉහිරුමක් ඇති වු කළ එය මානව ජනගහණයට මෙන් ම වනජීවින්ට ද බලපායි. ඉහිරුම සිදු වූ ස්ථානයට වහාම හදිසි අවස්ථාවක් ලෙස සලකා උපකරණ හා සේවකයන් යැවිය යුතු වේ. තෙල් ගැලීම ඉවත් කිරීම සඳහා බරපැන සැපයීමේ වගකීම දරන පාර්ශ්වය හඳුනා ගතයුතු වේ. සාමාන්‍යයෙන් ශුද්ධ කිරීම තෙල් සමාගම්, රජයේ නියෝජිතායතන, ප්‍රාදේශීය කණ්ඩායම් හා ස්වේච්ඡා පිරිස් එක්ව සිදු කෙරෙන සාමුහික ව්‍යායාමයකි. සමහරු පක්ෂීන් හා සතුන් බේරාගෙන ඔවුන් පිරිසිදු කරති. ඇතැමෙක් මහන්සි වී පාෂාණමය වෙරළින් උලා තෙල් ඉවත් කරති. මුහුදින් හා අහසින් පැමිණෙන කණ්ඩායම් පැතිර යන තෙල් තට්ටුව ජලයේ මතුපිටින්විමේදනය(skim) කරන විට. එසේ කිරීමට නොහැකි තෙල් තෛලෝදනය කෙරේ. ඒ කියන්නේ කුඩා තෙල් බිඳු ඉතා සියුම් අංශු ලෙද විසුරුවා හරිනු ලැබීමෙන් පසුව පාවී ගොස් මුහුදේ විසිරණය වී යන්නේය.

BP-oil-spill-007

සමහර අවස්ථාවලදී අන්වීක්ෂ උදව්කාරයින් ද යොදා ගනු ලැබේ. ජාන ඉංජිනේරූවරයෝ තෙල් අධිග්‍රහණය කළ හැකි බැක්ටීරියා වැඩි දියුණු කර ඇති අතර පිරිසිදු කිරීමේ සේවකයන් හා ස්වේච්ඡා සේවකයන් සිය මෙහෙයයන් නිමා කර බොහෝ කාලයකට පසුව මේ බැක්ටීරියා යොදා ගැනෙන්නේ පිරිසිදු කිරීම සම්පූර්ණ කිරීමට ය. ඉමහත් ප්‍රසිද්ධියක් ලද තෙල් ඉහිරුම් කිහිපයක් තුළින් ලද අත්දැකීම් මෙම කාර්යෙහිලා නවෝදයක් උදා කිරීමට සමත්ව ඇත. තෙල් ඉහිරුම් පැතිරීම වැළක්වීමට හා අපගේ ගෝලීය සාගරය කෙරෙහි බලපාන පාරිසරික ව්‍යසන වැළක්වීම සම්බන්ධයෙන් වඩාත් හොඳ අවබෝධයක් මෙන් ම අන්තර්ජාතික සහයෝගිතාවක් ඇතිවීමට එය මග පාදා ඇත. තෙල් ඉහිරුම් සිදු වූ ස්ථානවලට යළි ගොස් කරුණු සොයා බලන පරිසරවේදින්ට ඔවුන්ම කලින් අනාවැකි පළ කළාට වඩා සාගර ජීවී පුනරුත්ථාපනය හොඳින් සිදුවන බව පෙනී ගොස් ඇත.

Ocean Planet Interdisciplinary Marine Science Activities හි  Pollution solution ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending