හපොයි නැහැ. ඒක නම් කොහොමටවත්ම සිද්ධ වෙන්නේ නැහැ. එහෙම අත උඩ නිදාගත්තොත් ස්නායුවක් රිදවීමෙන්,  රුදාවක් හෝ හිරිවැටීමක් වගේ දැනෙන්න පුළුවන්. ඒ කෙසේවෙතත්, ශරීරයේ කොටසක් මැරී යන්න හැකියාව ලැබෙන්නේ එම කොටසට ලැබෙන ලේ සැපයුම දිගු කාලයක් තිස්සේ සම්පූර්ණයෙන්ම නතර කරතොත් පමණයි. ඉතින් අතක් උඩ හිස තබාගෙන නිදා ගත්තට එහෙම වේවියැයි? අනික එම අන්දමට නින්ද ගියත් නින්දේදී ඔබ සිරුර ප්‍රමාණවත්ව එහෙ මෙහෙ සෙලවෙන නිසා එවැන්නක් සිදුවන්නේ නැහැ. ඒ වුණාට බෙහෙවින් බීමත්ව සිටින නිසා හෝ ඇතැම් ඖෂධ නිසා හෝ ඇතැම් විට මෙසේ සිරුරේ චලනය නවතින්න පුළුවන්. එවිට මරණය සිදු නොවුණත් ඇතැම් ආබාධ සිදු විය හැකියි.

o-HAND-AGAIN-570

 

ජනප්‍රිය මෙගාඩෙත් (Megadeth) කණ්ඩායමේ ගායක ඩේව් මස්ටේන් (Dave Mustaine)  2002 වර්ෂයේදී දිනක් පුටුවක් මත අතක් දමා ඒ මත හිස තබාගෙන නිදන්න වුණා. ඔහු අවදිවන විට ඔහුගේ ස්නායුවකට කොපමණ හානි පැමිණ තිබුණේ ද කියතොත් නැවතත් තම ගිටාර් වාදනය කිරීමට ඔහුට මාස හතරක්‍  භෞතික චිකිත්සාව කිරීමට සිදු වුණා හැබැයි ඉතින් අත මත හිස තබාගෙන නිදා ගත්තා කියලා ඔහු මිය ගියේ නම් නැහැ.

 

Braintainment (November/December 2015) සඟරාවෙහි  Could your finger or hand die if you sleep on it?  ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending