ජලය වනාහි පුනර්ජන්‍ය සම්පතකි. එහෙත් එය අසීමිතව ලබා ගත හැක්කක් නොවේ. ලෝකය පුරාම විවිධ ප්‍රජාවන්, සමස්ත ජාතීන් පවා පිරිසිදු ජලය ප්‍රමාණවත් ව ලබා ගැනීම සඳහා අරගලයක යෙදී සිටියි. මෙයට ඇමරිකා එක්සත් ජනපදයෙන් ම කදිම නිදසුන් දෙකක් සැපයිය හැකියි. පිට පිට වසර හතරක් තුළ පැවැති නියඟයෙන් පසුව කැලිෆෝනියා රජය, ජනපදය පුරා ජල භාවිතය සම්බන්ධයෙන් පසුගිය වසර (2015) මැද දී සීමාවන් පැනවීය. කැලිෆෝනියාවේ ප්‍රධාන ජලාශ දෙකකම 2011 සිටම ඒවායේ මතුපිට ක්‍ෂෙත්‍රඵලය අඩකින් ම පහළ ගොස් පවතී. මීටත් වඩා දරුණු මීඞ් විලෙහි තත්ත්වයයි. මිලියන 20 කට ජලය සපයන මෙම ජලාශය වසර 14 ක් තිස්සේ නියඟයකට මුහුණ පා සිටියි.

මිරිදිය(fresh water) හිඟය ඉහළ යාමේ මේ ගැටළුවට විසඳුම් සෙවීම පිණිස විද්‍යාඥයෝ සහ ඉංජිනේරුවෝ, ලබා ගත හැකි ජලය වඩා හොඳින් ප්‍රයෝජනයට ගැනීමේ මං සොයමින් සිටිති. මෙය ඉටු කළ හැකි මාර්ග දෙකකි: එකක් මුහුදු ජලයෙන් ලුණු ඉවත් කිරීමයි (desalinate ලවණහරණය යි). එසේ නැතිනම්, භාවිත කළ ජලය නැවත ප්‍රයෝජනයට ගැනීමයි (recycle ප්‍රතිචක්‍රීකරණය යි). ලවණහරණය සහ ජල ප්‍රතිචක්‍රීකරණය යන ක්‍රම දෙක සඳහා ම විශේෂිත පෙරහන භාවිතා කිරීම අවශ්‍ය වේ. එහෙත් වර්තමානයේ ඇති පරිශ්‍රාවණ(Filtration) පෙරහන ක්‍රම මිළ අධික වනවා සේම ශක්ති සූක්ෂම ද වේ (energy intensive). මේ ප්‍රශ්නය විසඳාලීමේ අරමුණින්, වඩාත් කාර්යක්ෂම එමෙන් ම වඩාත් පිරිවැය ඵලදායි පෙරහන පටල නැනෝ තාක්ෂණය උපයෝගී කර ගනිමින් නිර්මාණය කිරීමට විද්‍යාඥයෝ වෙහෙසෙමින් සිටිති.
ඵෙතිහාසිකව ගත්හොත් ජල පරිස්‍රාවණයෙහි අභියෝගය පැවතුනේ පරිමාණය පිළිබඳ ප්‍රශ්නයක් ලෙසටයි. පානය කිරීම අනතුරුදායක කරමින් පිළියම් නොකර තිබෙන්නට හැරියොත් ජලය තුළ අවලම්භිතව (පාවෙමින්) ඇති අංශු වානිජකරණයට ලක්ව ඇති වර්තමානයේ පටල තාක්ෂණය මගින් ඉවත් කිරීමට නොහැකි තරමට සමාන්‍යයෙන් කුඩා වැඩිය. ව්‍යාධිජනක(pathogens), බැක්ටීරියා සහ ඇතැම් අයන ද (ලවණ සාදන්නා වූ, විදුලිය ආරෝපිත පරමාණු) ඇතුළත් මෙකී අංශු ඉවත් කිරීමට පිළිවන් වන අවස්ථාවල දී පවා එම ක්‍රියාදාමය බලගැන්වීමට අවශ්‍ය ශක්තිය වෙනුවෙන් බෙහෙවින් මුදල් වැයවෙයි. වානිජ වශයෙන් සාධ්‍යවීමට(viable) නම් ජල පිළියම් කිරීම පිණිස ජල පෙරහන අභ්‍යන්තරයෙහි ඇති පෙරහන, ඒවා හරහා ජලය විශාල ප්‍රමාණයක් පහසුවෙන් හා ඉක්මණින් ගලා යෑමට හැකිවන ප්‍රමාණයට පාරගම්‍ය විය යුතුය. අනෙක් අතට, තනි පරමාණුවක අයන පවා කාන්දුවීම වළක්වාලීමට තරම් මෙම පටල කුඩා විය යුතුය.

පාරගම්‍යතාව හා වළක්වාලීම අතර මේ සියුම් තුලනය පවත්වා ගෙන යාම පිණිස ඉංජිනේරු ශිල්පය ඉහළ මට්ටමකින් යොදා ගෙන තැනු ද්‍රව්‍ය අවශ්‍ය වේ. වත්මන් බහු අවයවක(polymer) පටල පිරිමැවුම් වැඩි දියුණු කිරීම වස් නැනෝ තාක්ෂණය, වඩාත් සුවිශේෂීව කියන්නේ නම් කාබන් නැනෝ නළ යොදා ගන්නා ක්‍රම පිළිබඳව ලොව පුරා විද්‍යාඥයෝ සහ ඉංජිනේරුවරු වර්තමානයේ පර්යේෂණ පවත්වති. නැනෝ මට්ටමේ ද්‍රව්‍ය වලින් පටල නිර්මාණය කිරීමෙන් මෙකී අංශුමය ද්‍රව්‍ය ඉවත් කිරීමේ කාර්යක්ෂමතාව වර්ධනය කිරීමට මෙන් ම මෙහෙයුම් පිරිවැය පහළ හෙළීමට ද හැකිවෙතැයි විද්‍යාඥයෝ අපේක්ෂා කරති.
මෙම පටල තාක්ෂණය, ලවණහරණයට මෙන් ම ජල ප්‍රතිචක්‍රීකරණයට යන දෙඅංශයට ම අනුවර්තී වීම වැදගත් ය. ඊට හේතුව එක් ප්‍රජාවක දී වාසිදායක වන තාක්ෂණය අනෙකක දී කෙසේවත් නොගැලපීමට ඉඩ තිබීමයි. මිරිදිය නොමැති කැලිෆෝනියාව වැනි වෙරළබඩ ප්‍රදේශවල මුහුදු ජලය සපයා ගැනීම පහසුය. එම ප්‍රදේශවල ජල සැපයුම පූරණයට ලවණහරණයෙන් උපරිම දායකත්වය ලබාගත හැකි වෙයි. කෙසේවෙතත්, මුහුදු සීමාවක් නොමැති (landlocked) මධ්‍යම ඕස්ටේ්‍රලියාව වැනි ප්‍රදේශවල දැනටමත් පවතින ජලය ප්‍රතිචක්‍රීකරණය පරිසරාත්මකව පමණක් නොව ආර්ථික වශයෙන් ද වඩාත් ඥානාන්විත ක්‍රියාමාර්ගයක් වන්නේ දුර ඈත ප්‍රදේශවල සිට ලවණහරණය කළ ජලය ප්‍රවාහනය සඳහා අධික වියදමක් දැරීමට සිදුවන බැවිනි.
පටල තාක්ෂණය ක්‍රියාත්මකවන ආකාරය පිළිබඳව නිසි අවබෝධයක් ලබා ගැනිමට නම් ප්‍රථමයෙන් ජල පිළියම් ක්‍රම පිළිබඳව දැනුවත්වීම වැදගත්ය. ඒ ගැන ඉදිරියේ තතු ලිපියකින් තවදුරවත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවෙමු.
Helix Magazine හි Freshwater Scarcity and the Future of Filtration ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න