ලොව පුරා මිලියන ගණනකට බලපාන ඩෙන්ගු උණට මේ වනතුරු අනුමත එන්නතක් නොවීය. මේ මාරන්තික රෝගයට දහස් ගණන් ජීවිත බිලිවෙද් දී එන්නතක අවශ්‍යතාවය එන්ට එන්ටම වැඩි වන්නට විය.
Aedes aegypti යන මදුරු විශේෂයේ ගැහැණු සතා මිනිසුන්ගේ ලේ උරා බොද්දී ඔවුන්ට නොදැනෙන්නට ඩෙන්ගු බෝකරන වෛරසය රුධිරයෙහි තැන්පත් කරයි. වසරක් පාසා ලොව පුරා මෙයින් ආසාදනයට පත්වන සංඛ්‍යාව මිලියන 400 ක් පමණ වෙයි. ඉන්ෆ්ලුවන්සාවට සමානකම් ඇති මෙම දරුණු ස්වරූපයේ රෝගය විශේෂයෙන් ම ළමුන්ට මරු ගෙන එයි. මෙතෙක් ඉන් ගැලවීමට තිබූ එකම සාර්ථක මග වුනේ මදුරුවාට බිලි නොවී සිටීම පමණකි. දැන් එහි සාධණීය වෙනසක් ඇති වී තිබේ.
සැනොෆි(Sanofi Pasteur) නැමැති ප්‍රංශ ඖෂධ සමාගම මගින් නිපදවා ඇති ඩෙන්ග්වැක්සියා (Dengvaxia) නම් එන්නත පසුගිය මාසයක කාලය තුළ රටවල් තුනක භාවිතයට අනුමැතිය හිමි වී තිබේ: මැක්සිකෝව සහ පිලිපීනය 2015 දෙසැම්බරයේ මුලදී ඊට අනුමැතිය ලබා දුන්නේ ය. එන්නතට බ්‍රසිලයේ ද අනුමැතිය හිමිව ඇති බව ප්‍රංශ සමාගම නිවේදනය කරයි. බ්‍රසීලයේ 2015 වසරේ දී පමණක් ඩෙන්ගු රෝගීන් මිලියන 1.4 ක් වාර්තා විය. එන්නත ලබාදීම කවදා සිට ආරම්භ වන්නේ ද ඒ සඳහා වැය වන මුදල ආදිය පැහැදිලි නැත්තේ ඒ පිළිබඳ ව සමාගම හා අදාල රටවල් අතර සාකච්ඡා පැවැත්වෙන හෙයිනි.
සැනොෆි වැක්සිනය සැලසුම් කර ඇත්තේ ඩෙන්ගු ස්වරූප හතරට ම එරෙහිව ප්‍රතිදේහ තැනීමට ශරීරයේ ප්‍රතිශක්ති පද්ධතිය පෙළඹවීම පිණිස ය. එය කහ උණ හායිත (වෑරුණු) වෛරසයක සජීවි වෛරසයකින් සමන්විත ය. (කහ උණ සහ ඩෙන්ගු වයිරසවල ඇත්තේ එකම ගණනයකි (genus). කෙසේ වෙතත්, එන්නතට වෛරසයේ ජානමය ව්‍යූහය කෘත්‍රිම ලෙස වෙනස් කර ඇත්තේ ඩෙන්ගු ප්‍රෝටීන සඳහා කේතිත ජාන ඇතුල් කෙරන පරිදිය. තවත් ඩෙන්ගු එන්නත් ද නිපදවෙමින් පැවතුනත් ඉන් එකකට වත් අනුමැතිය ලැබී නැත.
ඵලදායි එන්නතක අවශ්‍යතාව පැහැදිලිය. ඩෙන්ගු රෝග කාරක මදුරුවන් පරාසය වර්ධනය වී ඇති නිසාත් ඩෙන්ගු ගහන ප්‍රදේශවලට ජනයා යාම් ඊම් කිරීම වැඩිවීම නිසාත් ලොව පුරා ඩෙන්ගු තර්ජනය වර්ධනය වී ඇත. තවද, රෝග නිර්ණය කිරීමේ දී සෞඛ්‍ය නිළධාරීන් ද වැඩි සමත්කම් දැක්වීමට පටන්ගෙන ඇත. වසර හැත්තෑවකට පසුව ඩෙන්ගු යළි ජපානයේ හිස ඔසවා ඇතැයි වාර්තා වන අතර ම බ්‍රසීලයේ සහ අසල්වැසි රටවල ඩෙන්ගු වළඳුණු සංඛ්‍යාව වර්ධනය වී තිබේ. ඩෙන්ගු රෝග හදිසි ව්‍යසනයක් ගැන ඇමරිකා එක්සත් ජනපදයෙන් පසුගිය වසරේ දී වාර්තා වී ඇත. ඒ හවායි දූපත්වලිනි.







ප්‍රතිචාරයක් ලබාදෙන්න