මරා මස් කළ බව පැහැදිලිවන ලෝම වලින් වැසුණු මැමතෙකුගේ සිරුරක් හමුවීමත් සමගම මානවයන් ආක්ටික් වෘත්තය(Arctic Circle) හරහා උතුරට ගිය වකවානුව තවත් දශ සහස්‍ර වර්ෂයකින් ආපස්සට යැවෙනවා. ඒ පිළිබඳ විස්තර දැනගන්න කියවා බලන්න.

සයිබීරියා යන වචනය ඇහෙනවිට අපට මතක් වෙන්නේ අධික ශීතල භූගෝලීය ප්‍රදේශයක්. අද වූනත් එහි ජීවත්වීම කොයි තරම් අසීරුද, කටුකද යන්න අපට හිතාගන්න පුළුවන්. එහෙත් මානවයන් එම අයිස්මය භූමි භාගය හරහා ගමන් බිමන් ගියේ වසර දස දහස් ගණනකට පෙරයි. ආක්ටික් වෘත්තයෙන් උතුරට මානවයන්ගේ ආගමනය සිදුවූයේ මෙයට වසර 12,000කට පෙර කියලයි කලකට ඉහතදී සැලකුණේ. එම කාලය වසර 35,000 දක්වා ඈතට දැමුණේ 2004 වර්ෂයේදීයි. දැන් ආයෙත් එම කාලය සංශෝධනය වෙලා, වසර 10,000ක් තවත් ආපස්සට දාලා. ඊට මග පාදා ඇත්තේ කුඩා පිරිමි ළමයෙකුගේ සොයාගැනීමක්. උත්තර ධ්‍රැවයෙන් සැතැපුම් 1,250ක් දකුණෙන් පිහිටි භූමියකදි පොලවෙන් උඩට මතුවී තිබූ ලෝම වලින් වැසුණු මැමතෙකුගේ පාද අස්ථියක් අහම්බෙන් මේ ළමයට හම්බවෙලා තියෙනවා.
මෙම සොයැනිම සුවිශේෂී වන්නට හේතු දෙකක් නියෙනවා යයි සීතලෙන් ඝනවූ මෙම ගාත්‍රය ගැන විශ්ලේෂණයක් පළකරන සඟරාවෙහි සඳහන් වෙනවා.
එක එහි තුවාල හානි ගණනාවක්ම තිබෙනවා. දමා ගැසිය හැකි යම් දේවල්(projectiles) විසිකිරීමෙන් තමයි, මේ හානි පැමිණ තියෙන්නේ.
දෙක මේ සොයාගැනීමේ දින වකවානු කාබන් 14 (carbon dating)භාවිතයෙන් සෙවීමේදී පෙනී ගොස් ඇත්තේ එය වසර 45,000ක් පැරණි බවයි. ඒ කියන්නෙ මානවයන් ආක්ටික් වෘත්තයට ඇතුල් වන්නට ඇතැයි මෙතෙක් සිතා සිටියාට වඩා වසර 10,000 තවත් ඈතට.
නවීන උපකරණ හා ආයිත්තම් ඇති අද වැනි කාලයක පවා දරා ගැනීමට අසීරු තත්ත්වයන් සහිත ආක්ටික් ප්‍රදේශයට යාමට එම අවධියේ මානවයන් පොළඔවන ලද්දේ කුමකින්ද? දැවැන්ත මැමතයන් ද?
මෙම ප්‍රදේශය මැමතයන්ගෙන්, ලෝම වලින් වැසුණු රයිනසිරස්, පිනිමුවන්, ගෝනුන් ආදීන්ගෙන් පිරී පැවති ස්ටෙප් තණ බිම්(steppe) කලාපයක්. ඉතින්, අධික සීතල දරාගෙන ජීවත් වන ක්‍රමයක් සොයගැනීමට මිනිසා සමත් වුවහොත් මස් සොයා ගැනීම කෙතරම් ඉක්මණින්. පහසුවෙන් සුලබව සිදු කළ හැක්කක් දැයි ඔවුනට වැටහෙන්න ඇති යයි පර්යේෂකයන් අදහස් කරනවා.
Scientific American podcast “Mammoth Find Moves Humans in Arctic Back 10,000 Years” ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න