සෝයා බෝංචි වැනි රනිල ශාකවල මුල්, නයිට්‍රජන් ප්‍රයෝජ්‍යකරන බැක්ටීරියාවලට සත්කාරකත්වය සපයයි. කිසිවක් උපයෝගී කරනොගෙන මෙකී බැක්ටීරියා අත්‍යවශ්‍ය ශාක පෝෂ්‍ය පදාර්ථ නිපදවන්නේ කෙලෙසද, මෙම ශාක තම සෛලවලින් මෙකී බැක්ටීරියා වෙන්කොට හඳුනා ගන්නේ කෙසේද එමෙන්ම ඒවා මිත්‍රශීලී යයි හඳුනාගන්නේ කෙසේද යන්න සහ ධාරක ශාකයේ විශේෂිත ප්‍රෝටීන බැක්ටීරියාවා සොයාගෙන ඉන් ඉබේ ලැබෙන වාසිය උපයෝගී කරගන්නේ කෙසේද යන්න ගැන විද්‍යාඥයෝ බොහෝ කලක සිට විමසිලිමත් වෙති.
මේ ගැන පර්යේෂණයක යෙදෙන මැසචුසෙට්ස් විශ්වවිද්‍යාලයේ අණුක ජිව විද්‍යාඥ ඩොං වොන්ග් ප්‍රමුඛ කණ්ඩායමක් ඊට හේතු සාධක සොයා ගැනීමට සමත්ව ඇත. සහජීවී (symbiotic) බැක්ටීරියාව වටකොට ගත් සෛල පටලය හඳුනාගැනීමට සමත් ප්‍රෝටීනයක් ධාරක ශාකයෙහි ජානයක් මගින් කේත ගත කරනු ලබන්නේ කෙලෙසද, අනතුරුව එය පෝෂ්‍ය පදාර්ථ උපයෝජනය කරගන්නා ලෙස අනෙකුත් ප්‍රෝටීන මෙහෙයවන්නේ කෙසේද යන්න සොයා ගැනීමට පරීක්ෂණ කණ්ඩායම සමත්ව සිටිති.

ප්‍රභාසංස්ලේෂණයෙන් ශාකය නිපදවාගන්නා යම් දේ තිළිණ වශයෙන් ලබාදෙමින් සිය පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීම වස් අධාර පිණිස ශාක බොහෝ විට ක්ෂුද්‍ර ජීවීන් යොදා ගන්නා බව වොන්ග් පෙන්වා දෙයි. මෙය ගොඩබිම ශාක බොහොමයක් විසින් සිදු කරනු ලබන ක්‍රියාදාමයකි. එය රඳා පවතිනුයේ දිලීලකාරක මූලමය (mycorrhizal) දිලීර හා පවතින සහජීවී සම්බන්ධතාව මතය. මේවා, පොස්පරස්, සල්ෆර් නයිට්‍රජන් සහ අනෙකුත් ක්ෂුද්‍ර පෝෂක කොටස් ග්‍රහනය කරගැනීමට උපකාරිවන සිළු (arbuscules) නම් ව්‍යුහයන් තනයි. පසෙහි ඇති නයිට්‍රජන් ප්‍රමාණය බෙහෙවින් සීමිත නිසා මෙම ක්‍රමය කසළශෝධනයට සමාන යයි ටොන්ග් පවසයි.
මීට ප්‍රතිලෝම වශයෙන් ගත් කල හෙවත් සසඳා වෙනස බලන කල, බොහොමයක් රනිල ශාකවල දැකිය හැකි වන්නා වූ වඩාත් ප්‍රචලිත ක්‍රමය මෙයට වඩා වෙනත් යෝධ ඉදිරි පියවරක් තබයි. එම ක්‍රමය මුල් ගැටිතිවල ජීවත්වන රිසෝබියම (rhizobia) නම් බැක්ටීරියාව යොදා ගනියි. මෙම රිසෝබියම වාතයෙන් නයිට්‍රජන් ප්‍රයෝජ්‍යකාර එය අමෝනියා බවට හරවයි. රිසෝබියම සමග සහජීවනයෙන් රනිලයන්ට වාතයෙහි නයිට්‍රජන් ප්‍රයෝජ්‍ය කිරීමෙන් ඇමෝනියා සෑදිය හැකිය. ඇමෝනියා ශාක පොහොරක් බව අපි දනිමු. වර්තමානයේ පෘථිවි වායුගෝලයේ නයිට්‍රජන් ප්‍රතිශතය 78 කි. ඒ කියන්නේ සීමාවක් නොමැති තරම්ය.
බොහෝ විට පසෙහි හිඟ වශයෙන් පවතින නයිට්‍රජන් මත රඳා පවතින්නේ නැතුව මෙම ‘දක්ෂතාව’ නිසා රනිල ශාකයන්ට තමන්ට ඕනෑ තරම් නයිට්‍රජන් පොහොර ලබා ගත හැකිය. මේ නිසා තමයි බෝංචි එතරම් ගුණදායි වෙන්නේ. ඊළඟ වතාවේ බෝංචි ආහාරයට ගන්නා විට ස්තුති කරන්න ඕන වෙන්නේ ඒ කුඩා බැක්ටීරියාවලට සහ ඔවුන් රනිල ශාක සමග පවත්වාගෙන යන සහජීවනවටයි යනුවෙන් වොන්ග් පවසයි. වගා කටයුතුවල නිරත බොහෝ දෙනාගේ සිහිනය වන්නේ මෙම ‘හැකියාව’ සෙසු බෝගවර්ගවලටත් ලබාදීම බව පෙන්වා දෙන වොන්ග් කියා සිටින්නේ නව සොයා ගැනීම අප ඒ අරමුණු කරා තවත් පියවරක් ඉදිරියට ගෙන යන බවයි.
නව අධ්‍යයනයේ ප්‍රතිඵලවලින් පෙනී යන්නේ බෝංචි විශේෂ භෝගයක් නොවන බවයි. නයිට්‍රජන් ප්‍රයෝජ්‍ය කරන බැක්ටීරියා වෙනුවට සිළු දිලීරකමූලමය දිලීර යොදා ගන්නා ශාකවල දැනටමත් මූලික අධෝ ව්‍යුහය පවතී. මෙය නව අධ්‍යයනයේ ප්‍රතිඵල නිකුත් වන තුරු නොදැන සිටි කාරණාවකි. රනිල සහ ඉන් බාහිර ශාකවල ධාරක පටලය දිලීර සිළු වටා ඇති නයිට්‍රජන් ප්‍රයෝජ්‍ය කරන බැක්ටීරියා වටා ද ඇත. පටලය අතර පොදු දේ බොහොමයක් ඇති බව විද්‍යාඥයෝ දැන් අවබෝධ කර ගෙන සිටිති. ‘බැක්ටීරියා ඇති බව කෙසේ නමුත් දැනගන්නා ජානය විකල්ප ප්‍රෝටීන වර්ගයක් සාදන අතර එය බැක්ටීරියා වට කොට ඇති පටලය සොයා ගනී. මින් පෙනී යන්නේ ධාරකයට පටල දෙක වෙන්කර හඳුනා ගැනීමට හැකි බවයි.
නව සොයාගැනීම අපට වැදගත්වන්නේ කෙසේද? තම සහයන් හා එක්ව සොයාගත් නව දැනුම කෘෂිකාර්මයෙහි අනාගත වර්ධනය, දියුණුව සඳහා වැදගත් වන්නේ නයිට්‍රජන් ප්‍රයෝජ්‍ය කළත් නැතත් ශාක බොහොමයක මේ ක්‍රියාදාමය එක ආකාරයකටම සිදු වන නිසාවෙන් බව වොන්ග් පෙන්වා දෙයි.
Science Daily files හි How plants interact with beneficial microbes in the soil_ Researchers add fundamental new molecular-level knowledge ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න