small-intestinesඅප ආහාරයට ගන්නා මස් සේම අපේ අන්ත්‍රය (intestines) හෙවත් බඩවැල් හෙවත් අතුණු බහන් ද මස්ය. එසේ නම් කුස ‍තුළ මස් දිරවන්නා සේ බඩවැල්ද දිරවන්නේ නැත්තේ ඇයි? ඒකට හේතුව අන්ත්‍රයේ බිත්ති ඝනකම ‍සෙවල (layer of slime) තට්ටුවකින් වැසී තිබීමයි. අප කන මස් කඩා බිඳ දමන බැක්ටිරියාවලට අන්ත්‍රයේ බිත්ති කරා පැමිණීම වළක්වා ලීම සහතික කෙරෙන්නේ මෙම සෙවල තට්ටුවෙනි.

intestineඇරත්, ඔබේ බඩවැල් කරා පැමිණෙන මස් තවදුරටත් මුල් ස්වරෑපයේ ‘මස්’ නොවේ. ඊට හේතුව ජීර්ණ ක්‍රියාදාමය මුඛයේ දීම ආරම්භ වන නිසයි. එම ක්‍රියාදාමය අමාශයේ දී වඩා වේගවත් වේ. අම්ල සහ අමාශ ගත යුෂ මස් බොහෝ දුර කඩා බිඳ දමයි. තවද, වෙනත් ජීර්ණ එන්සයිමද කුඩා අන්තකය තුළ දී ද එකතුවන අතර ඉන් අනුභවයට ගත් මස් තවදුරටත් කඩා බිඳ දැමේ. එවිට මහාන්ත්‍රකය තුළ ඇති බැක්ටීරියා අර මස් කැබැල්ල තවදුරටත් භුක්ති විඳියි.

Braintainment (November/December 2015) සඟරාවෙහි Why are your intestines not digested just as meat is? ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending