බර වැඩි ස්ථුල දේහධාරීන්ගේත්, කෙට්ටු කෙසග දේහධාරීන්ගේත්,  සිරුරුවල ඇත්තේ එකම ලේ ප්‍රමාණයමද?

Fat-Thin-Women

බර වැඩි වෙන්න වෙන්න සිරුරේ ලේ ප්‍රමාණයත් වැඩිවෙනවා යන්න තමයි ප්‍රශනයට පිළිතුර. සිරුරේ කොටස්වලට අවශ්‍ය ඔක්සිජන් සහ ආහාර සපයන්නේත් ඉන් අපද්‍රව්‍ය ඉවත් කරන්නේත් රුධිරය මගිනි. මාංශපේශි හෝ  අවයව සඳහා අවශ්‍ය රුධිරයට වඩා අඩු ප්‍රමාණයක් රුධිරය තමයි මේදය සඳහා අවශ්‍යෙවන්ෙන්. ඒ මන්ද කීවොත් රුධිරය වැඩිපුර අවශ්‍ය වැඩ කොටසක් මේදය මගින් ඉටු නොවිමයි.  එහෙම කිව්වාට මේදයටත් සම්පූර්නයෙන්ම ලේ නැතුව  බැහැ.

iStock_000016527951XSmallඉතින් මේදය ප්‍රමණය වැඩිවත්ම ඒ අතිරේක මේදයෙහි අළුතෙන් ලේ නහර සහ කේශ නාළිකා වැඩෙනවා. ඒ අනුව අපේ සිරුරේ සංසරණය වන සම්පූර්ණ ෙල් ප්‍රමාණයත් ඉහළ යනවා‍. සෑම අතිරේක බර කිලෝග්‍රෑමයකට ශරීරයෙහි රුධිරය සියයට 1 න් ඉහළ යනවා.

කෙටි සටහන්

දරුවෙකු මෙලොව උපදින්නේ රුධිරය මි.ලි.300ක්, මි.ලි.400ක් සහිතයි

සාමාන්‍යයෙන් ගත් කළ වැඩිහිටියෙකුගේ ශරීරයෙහි රුධිරය ලීටර් 5ක් තිබෙනවා. මෙය සිරුරේ බරින් සියයට 7ක්වෙනවා.

කෙනෙකුගේ සම්පූර්ණ රුධිරය  හදවත මගින් විනාඩි 1න්  පොම්ප කරනු ලබනවා.  ඒ කියන්නේ සිරුරේ  රුධිරය වැඩිනම් පොම්පයට දැනෙන බරත් වැඩියි.heart-lungs-graph-i

Braintainment හි  Do overweight or large people have the same amount of blood as thinner individuals? ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending