ප්‍රජාතනත්‍රවාදය මානවයන්ගේ විශිෂ්ටතම ජයග්‍රහණයක් ලෙස සැලකෙනවා. එක් තනි පුදගලයෙකුගේ සිතැඟි අනුව, ඕනෑ එපා කම් අනුව අනෙක් සියළුදෙනාම කටයුතු කරනු වෙනුවට බහුතරයේ කැමැත්ත ක්‍රියාවට නැංවීමට අවකාශ ලැබීම මෙහිදී සිදුවෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පවතින රටවල විටින් විට පැවත්වෙන මැතිවරණ හෙවත් ජන්ද වීමසිම් මගින් පිළිඹිබු වන්නේ බහුතරයේ කැමැත්තයි. මේ ක්‍රියාදාමය සාපේක්ෂව සරලයි: ජනයා ජන්දය පාවිච්චි කළ විට බහුතරයේ විශ්වාසය දිනා ගත් අය ජයග්‍රහනය කරනවා. කෙසේවෙතත් මෙම විශිෂ්ට සංකල්පය මානවයාට පමණක් සීමා නොවන බව නව පර්යේෂණ වලින් හෙළිවෙනවා.
පර්යේෂණය සිදු කරනු ලැබ ඇත්තේ ප්‍රංශයේ විද්‍යාත්මක පර්යේෂණ ආයතනයේ (French National Center for Scientific Research (CNRS) පරිසර විද්‍යාඥ ඇමන්ඩයින් රැමෝස් විසිනි. ඔහු මාස තුනක් තිස්සේ ගවරයන් හෙවත් බයිසන් කුළුහරක් (European bison) නිරීක්ෂණය කරමින් නයිස්වලට සැතැපුම් 20 පමණ ඈතින් පිහිටි කඳුකර අසූර් ජීව විද්‍යා සංරක්ෂිතයේ කල් ගත කරලා තිෙයනවා. එහිදී ඔහුට සාක්ෂි ලැබුනේ යුරෝපීය ගවර කුළුමීමුන්ද මිනිසුන් මෙන් බහුතර කැමැත්ත අනුව කටයුතු කරන බවටයි.

මිනිසුන් ඡන්දය දැමීමෙන් කම අභිලාශය ප්‍රකාශ කරන අයුරුම ගවරයන් ද ශරීර දිශාභිමුඛකිරීමෙන් ‘ඡන්දය දමන’ බව රැමෝස්ට නිරීක්ෂණ වී ඇත. උලා කෑම සඳහා තණබිමකට යාමට ඔවුනට අවශ්‍ය වුණොත් ඔවුන් තණ බිම දෙසට මුහුණ යොමු කරනවා. එසේ නොමැතිව ඔවුන්ට අවශ්‍ය දිය බි පිපාසය සංසිඳවා ගැනිමට නම් ඔවුන් සිරුර යොමුකරන්නේ දිය කඩිත්තක් ඇති දිශාව වෙතය. වැඩිකැමැත්ත ප්‍රකාශවී තිබෙන විට ඔන්න එක් ගවරයෙක් ක්‍රියාත්මකවෙයි. රැලේ බහුතරය කැමැත්ත දක්වා ඇති දිශාවට ඒ සතා ගමන් කරන්නේ නම් මුළු කණ්ඩායමම පාහේ ඔහු පසුපස වැටෙයි. එහෙත් ඔහු තෝරාගන්නේ බහුතරය කැමැත්ත ප්‍රකාශ කළ දිශාව නොවේ නම ඔහු පසු පස එන්නේ සුළු පිරිසකි.

ඉතා සුළු මොහොතකට කණ්ඩායම බෙදෙන්නට ද පුළුවන්. ආරම්භක පියවර ගන්නා අය ඕනෑම කෙනෙකු විය හැකි වුවත් වැඩි පිරිසකගේ මනාපය දිනා ආරම්භක පියවර ගැනීමට සාමාන්‍යයෙන් සමත්වන්නේ වැඩිහිටි ස්ත්‍රීන්ටයි. හරය වශයෙන් ගත් කල වැඩි මනාප ලබා ගන්නා අය ජසග්‍රහනය කරන අතර රැලේ වැඩි පිරිස මෙහයවිමට අවස්ථාව සැලසෙයි. අදාළ අධ්‍යයනපේ ප්‍රතිඵල මෑතක Animal Behaviour (සත්ව චර්යාව) සඟරාවේ පළවිය. අධයයනයේ ප්‍රතිඵල ගොවියන් සහ බව බෝග විනාශ කරන ගවරයන් අතර නිතර ඇතිවන ගැටුම් අවම කිරීමට වනජීවි කළමනාකරුවන්ට උපකාරී විය හැකියි. නායකයන් ලෙස හඳුනාගන්නා සතුන්ට කොලරයක් දමා සුළු කම්පනයක් ලබාදිමෙන් මුළු රැලම කාර්යකෂමව පාලනය කළ හැකිවෙන්න පුළුවන්. සාමූහිකව වැඩි මනාපයට අනුව තීරණ ගන්නේ යුරෝපීය ගවරයන් පමණක් නොව අනගුලාටවන් (ungulates) සිට ප්‍රිමාටේස් (primates) දක්වා පරාසයක සතුන් තුළද මෙම හැසිරීම නිරීක්ෂණය කර තිබෙනවා. සංනිවේදනය හා පොදු සම්මතිය මිනිසුන් අතර පමණක් නොව සතුන් අතරද ප්‍රචලිත ක්‍රියාදාමයන් බව මෙම අධ්‍යයනය රැමෝස්ට (සහ අපටත්!) මතක් කර දෙයි. ප්‍රජාතක්ත්‍රවාදය අඩුතරමින් එහි ඇතැම් ස්වරූපවලින් වත් නව මානවයන්ට(homo sapiens) පමණක් සීමා වී නැති හැඩයි.
Scientific American(January, 2016) සඟරාවෙහි Ballots for Bison ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න