වැඩිහිටියන්ට දැකීමට නොහැකි අනුරූප අතර වෙනස්කම් හඳුනාගැනීමේ කැපී පෙනෙන හැකියාවක් මාස තුන, හතර බිළිඳුන්ට සංජානාන නිත්‍යතාව(perceptual constancy) වර්ධනය වීමට පෙර තිබේ. වයස මාස පහක් පමණ වෙද්දී බිළිඳුන්ට මෙකී සුපිරි හැකියාව අහිමි වී යයි. කිසියම් වස්තුවක් විවිධ පරිසර තුළ දී එමෙන්ම විවිධ ආලෝක තත්ත්වයන් යටතේ එකම දෙයක් ලෙස දැකීමට අපට හැකියාව ලැබෙන්නේ සංජානන නිත්‍යතාව නිසයි. නිත්‍යතා මායාව අනුයෝජනීයයි. අපට මෙතෙක් නොනැසී පැවතීමට (හා ඉදිරියටත් නොනැසී පැවතීමට) අපට උපකාරී වන්නට ඇත්තේ නිත්‍යතා බලපෑම් හෙවත් ආවරණයන් (effects) බවට  ඕනෑම තරම් ඉඟි තිබේ. අප ඉපැදී ඇත්තේ සංජානන නිත්‍යතාව නොමැතිව බවත් එය වර්ධනය වන්නේ උප්පත්තියෙන් මාස කිහිපයකට පසුව පමණක් බවත් යන්න එවැනි එක් ඉඟියකි. මුලදී මෙලෙස අපට සියලූ වෙනස්කම් දැකීමට හැකියාව තිබේ. අනතුරුව අප ඇතැම් වර්ගවල වෙනස්කම් නොතකා හැරීමට ඉගෙන ගන්නේ එකම වස්තුව බොහෝ විවිධ තත්ත්වයන් හා ස්ථානවලදී අපට වෙනසක් නොමැතිව හඳුනාගැනීමට හැකි වන අන්දමටය. සංජානන නිත්‍යතාව වර්දනය වෙත්ම, කුඩා බිළිඳුන්ට බොහෝ සේ දර්ශනය වන විවිධ වූ පරිසරයන් සොයා ගැනීමේ හැකියාව අපෙන් ඉවත් වේ.

preconstancy vision in infants_current biology

ඉහත ඇති ගොළු බෙල්ලන්ගේ අනුරූප දෙස බලා වඩාත් ම සමාන දෙක තෝරා ගැනීමට හැකිදැයි බලන්න. ඔපවත් රුප දෙක එක සමාන බව බැලූ බැල්මටම පෙනී යනවා නේද? එහෙත් ඇත්තටම එහෙම නැත! මාස හතරක් වයසැති බිළිඳෙකුට කථාකිරීමේ හැකියාව ඇතොත් ඔබේ තේරීම මහා ‘පිස්සු වැඩක්’ යයි කියනු නොඅනුමානය. පැහැදිලිවම වඩාත් සමාන වන්නේ මැද සහ දකුණු පස අනුරූපය. ඒවා එකම ති‍්‍රමාණ වස්තුවක පරිගණකය මගින් ජනනය කරන ලද ඉදිරිපත් කිරීමකි. මේ සංසිද්ධිය පිළිබඳ අධ්‍යයනයක් ජියේල් යෑං ප‍්‍රමුඛ චුවෝ චුෙවා් සරසවියේ ජපානයේ පරීක්ෂක කණ්ඩායමක් විසින් සිදු කරනු ලැබ ඇත. බිළිඳුන්ට තමන් දුටු දේ විස්තර කර පැවසීමට නොහැකි වීම පර්යේෂකයන් මුහුණ දුන් බාධකයකි. ඔවුන් එය ජය ගත්තේ ඊට පෙර සිදුකරන ලද පර්යේෂණයක් සහාය කර ගනිමිනි. තමන්ට වඩා හුරු වස්තූන් වෙනුවට අලූතෙන් දකින වස්තු ලෙස බිළිඳුන් වැඩි වේලාවක් බලා සිටින බව මීට පෙර සිදු කරන ලද පර්යේෂණ මගින් සොයා ගනු ලැබ තිබේ. මෙයින් තේරුම් ගැනීමට හැකිවුණේ බිළිඳා එක් එක් අනුරූපය දෙස නෙත් යොමා සිටින කාලය සැලකිල්ලට ගත් විට එය අනෙක් අනුරූපයට සමානද නැතහොත් ඊට වෙනස්දැයි නිර්ණය කිරීමට විද්‍යාඥයන්ට අවස්ථාව සැලසෙන බවයි. කලින් පෙන්වන ලද ඡුායාරූපයට පසු ඡුායාරූප දෙස බලා සිටීමට බිළිඳා අඩුවේලාවක් ගන්නේ නම්  බිළිඳා ඒ දෙවැනි ඡුායාරූපය පළමුවැන්නට සමාන යයි සැලකූ නිසාවෙන් යයි නිගමනය කෙරිණ. (මෙහිදී තර්කය ලෙස ගැනෙන්නේ ප‍්‍රථම ඡුායාරූපය දෙස බලා සිටීමෙන් පසුව  ඒ හා සමාන ඡුායාරූපයක් දෙස බලා සිටීමට කම්මැලි බවක් දක්වන්නේ යයි හැඟීයාම තුළිනි) පළමු ඡුායාරූපය දෙස බලා සිටීමට යොමු කාලය දෙවැනි ඡුායාරූපය සඳහා ද යොදවන්නේ නම් ඒ කියන්නේ බිළිඳා දෙකටම එක ලෙස උනන්දු වූ බවයි.

cube

අධ්‍යයනයෙන් එකතු කරගත් තොරතුරුවලින් පෙනී ගිය එක් කරුණක් වුණේ සංජානන නිත්‍යතාව වර්ධනයවීමට කලින් වයස මාස 3-4 දී බිළිඳුන්ට ආලෝකකරණ  වෙනස්කම් හේතුවෙන් ඡුායාරූපවල ඇතිවන වෙනස්කම් මත ඒවා වෙන්කොට හඳුනාගැනීම පිණිස බිළිඳුන්ට පුදුමාකාර හැකියාවක් ඇති බවයි. එහෙත් වැඩිහිටි ඇසට එම වෙනස්කම් හසු නොවේ. මාස පහක් පමණ වෙද්දී මෙම සුවිශේෂ හැකියාව ඔවුන්ගෙන් ඈත් වෙයි. ඊළඟට මාස 7-8 වෙද්දී ඔවුන් වස්තුවක මතුපිට ගුණාංග වෙන්කොට හඳුනා ගැනීමේ හැකියාව වර්ධනය වේ. මතුපිට දිලිසෙන සුළුද නොදිලිසෙන සුළුද එසේ  හඳුනා ගැනීමට හැකියාව  නිදසුනකි. මෙය වැඩිහිටි වියට පත්වන තුරුමත් පවත්වාගෙන යන හැකියාවකි. ඒ අනුව, ඔවුන් නිගමනයට එළැඹෙන්නේ දිලිසෙන මතුපිටවල් දීප්තියෙන් නොමැති මතුපිටට වඩා හාත්පසින්ම වෙනස් හැටියටයි. එම වස්තුවල භෞතික ගුණාංග බොහොමයක්ම නොවෙනස්ව පැවතියත්, අප වැඩිහිටියන් බවට පත්වෙද්දී මායාව වැළඳගෙන යතාර්ථය අත්හැර දමන්නේ සංජානන ක්ෂේත‍්‍රය මතුපිට වෙන් කොට දැක්වීමෙදී පමණක් නොවේ. ජීවිතයේ පළමු වසරේදී ළදරුවන්ට අනේක විධ විභේදන හැකියාවන් අහිමිව යයි. වැඩිහිටියන්ට හඳුනාගැනීමට අසීරු වඳුරු මුහුණුවල වෙනස්කම් තම පවුලේ අය කතා කරන භාෂාව හැර වෙනත් භාෂාවක කථාන ශබ්ද වෙන්කොට හඳුනා ගැනීම මෙසේ අහිමිවීම යන හැකියා අතර වේ. විෂය බද්ධ (objective) වෙනස්කම් පුද්ගලානුබද්ධ(subjective) සමානතා බවට පත්වෙයි. විචල්‍ය තොරතුරු කෙරෙහි බිළිඳුන් ලෙස අප අත්දුටු සංවේදීතාව අහිමිවයාම අප හා භෞතික ලෝකය අතර අනුලංගණීය හිඩැසක් බවට පත්වෙයි. ඒ එක්කම.  කාර්යක්ෂමව මෙන්ම සාර්ථකව වටපිටාවේ යාත‍්‍රා කළ හැකි වන පරිදි එය අපේ සංජානනය හා ගලපා සුසර කිරීමට ඉවහල් වේ. ඔව් එසේ කිරීමේදී යථාර්ථයෙන් සැලකිය යුතු කොටසක් සදහටම අපට හසුවන මායිමෙන් ඉවත් කර තබා තිබුණේ වී නමුදු

– Scientific American Blog Network  හි  What Little Babies See That You No Longer Can ලිපිය අැසුෙරනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending