ලොව පුරා පරිසර පද්ධති මත මානවයන්ගේ බලපෑම තීව්‍රවත්ම පරිහානියට පත් වාස භූමි යළි ප්‍රකාතිමත් කිරීම එන්ට එන්ටම හදිසි කාර්යභාරයක් මෙන්ම අසීරු අභියෝගයක් බවටද පත් වෙමින් පවතී. ප්‍රතිසංශකරණ පරිසර විද්‍යාව (science of restoration ecology) මෙම අවශ්‍යතා තුළින් දිරිගැන්වී පසුගිය වසර 20 තුළ ප්‍රධාන පෙළේ වර්ධනයක් අත්පත් කරගෙන ඇති අතර පරිහානියට පත් පද්ධතිව භෞතික රසායනික සහ ජීව විද්‍යාත්මක ගුණාංග වැඩිදියුණු කිරීම පිණිස වන මෙවලම් හැටියට විවිධ වූ ක්‍රමවේද යෝජනා කර තිබේ. මෙකී ක්‍රමවේද අතුරෙන් පරිහානියට පත් ප්‍රදේශ ප්‍රකෘතිමත් කිරීම සීමා නිරීමට සාමාන්‍යයෙන් බලපාන අජෛවී හා ජෛවී යන බාධක එකවර මගහරවා ගැනීම වස් වඩාත්ම ඵලදායී ක්‍රමවේදය ලෙස පෙනී යන්නේ ශාක ප්‍රජාව හසුරුවීමයි. ශාක මගින්  මතුපිට සුළං සහ ගංගා ප්‍රවාහයන් වෙනස් කරනු ලැබේි. පීඩනයට පත්ව ඇති ක්ෂුද්‍ර පාරිසරික තත්ත්වයන් සතුටුදායක තත්ත්වයකට පත් කෙරේ එමෙන්ම පස සාරවත් කෙරෙන ඓන්ද්‍රීය ද්‍රව්‍ය මූලයකි. එම නිසාවෙන් ශාක අජෛවී පරිසරයන් ස්වාභාවිකව, ස්වයංධරණීය අන්දමට යළි ප්‍රකෘතිමත් කිරීමට මගපාදයි. මෙකී වෙනස් කිරීමේ ක්‍රියාකාරිත්වයේ ප්‍රතිඵලයක් ලෙස සුසාධ්‍යකරණයෙන් සිදුවන (manipulation) සන්තති ආකෘතියකට (model of succession) අනුව ශාක ප්‍රජාව තුළට නව තනි තනි සාමාජිකයන් සංයෝජනය කරගනු ලැබිමට මගපාද යි. කෙසේ වෙතත්, මුල් ශාකපදිකයන් ස්ථාපිත කිරීමෙන් පසුව ප්‍රජාව තුළම නව තනි තනි සාමාජිකයන් සංසේචනය කිරීම නිශේෂනයෙන් සිදුවන සන්තතී ආකෘතියකට  අනුව වැළැක්වීමටද ඉඩ ඇත. ශාක පිළිබඳ මෙකී ධනාත්මක මෙන්ම ඍණාත්මක අන්තර් ක්‍රියාකාරකම් අතර තුළනය, සන්තති විපර්යාසයන් සිදුවන සීඝ්‍රතාව හා දිශානතිය නිර්ණය කරයි. එමෙන්ම එහිමෑනවිම නැතිනමි හැසිරවීම මගින් පරිහානියට පත් පද්ධතියක් ඉලක්කගත ප්‍රජාව වෙත වර්දනය කිරීම හෝ ප්‍රතිගමනය  පිණිස යොදා ගත හැකි වේ.

image2 (1)

ප්‍රකෘතිමත් කිරීමේදී ශාක හැසිරවීමේ සාම්ප්‍රදායානුකූලව වඩාත්ම ජනප්‍රිය ක්‍රමවේදවලදී අවධානය යොමු කෙරුණේ තරඟකාරී ශාක අඩුකිරීම කෙරෙහිය. මේ අනුව, කැමැත්ත දක්වන ශාක විශේෂය වැපිරීම හෝ සිටුවීමට කලින් අසල්වැසි ශාක ප්‍රජාවන් දැවීම, පැළෑටි නාශක යෙදීමෙන්, උලා කෑම මගින් හෝ අතින් හෝ යාන්ත්‍රිකව ඉවත්කිරීම වැනි විවිධ උපක්‍රම යොදාගනිමින් ඉවත් කරනු ලැබේ. කෙසේ වෙතත්, ප්‍රධාන ධාරාවේපාරිසරික විද්‍යාවේ ධනාත්මක වූ ශාක අන්තර්ක්‍රියා සහ බොහෝ අවස්ථාවල ප්‍රමුඛ අන්තර්ක්‍රියා සුසාධ්‍යකරණය කරන බවට සාක්ෂි එක්රොක් වීම ගැනද යළි ඇතිවී තිබෙන  උනන්දුව අසල්වැසි වෘක්ෂලතාදිය සංරක්ෂණයකට ආවේනික වාසි ගැන වඩා හොඳ දැනුවත් බවක්  ඇති් කිරීම ප්‍රකෘතිමත් කිරීමේ භාවිතයන් හි වෙනසකට මුල පිරී ඇත්තේය.

Carol-Mark-Johnson-by-Dave-Boyle-296x300

එහෙත්, පවතින වෘක්ෂලතාදිය ඉවත් කිරීම හෝ දිරිමත් කිරීම කිනම් අවස්ථාවේදීදි කිනම් ස්ථානයෙහි දී ද යන්න තවම පැහැදිලි නැත. යම් යම් සීමාවීම් තිබුණේ වී නමුත් පරිහානියට පත් පරිසර පද්ධති තුළ පූර්වජව පවතින වෘක්ෂලතාදිය ශාක විශේෂයන් පිහිටුවීමේ සාර්ථකත්වය කෙරෙහි බලපැමක් ඇතිකරන බවට පර්යේෂණ ප්‍රතිඵල දෙස් දෙයි. සුසාධ්‍යකරණීය පඳුරු හා ගස් ගහණ වර්ධනය ලඳු කැලෑ සහ වනාන්තර පරිහානියට පත් සාර්ථකව ප්‍රකෘතිමත් කිරීමේ ක්‍රමෝපායක් ලෙස සලකා බැලීම වටී. තැන තැන හුදකලාව තවාන් පිහිටුවීමෙන් වනාන්තර  ප්‍රකෘතිමත් කිරීමට මුල පිරිය හැකි අතර සෑදීම දිරිමත් කල හැකි වේ. මේ ක්‍රියාදාමය දියත් කිරීම පිණිස ඇති ලාභම එමෙන්ම පහසුම ක්‍රමය විය හැක්කේ ඇතැම් විට ස්වාභාවික සන්නතිය උත්ප්‍රේරණය කරන පඳුරු මුලින් හඳුන්වාදීමත් ඉන් අනතුරුව, ඒවායේ වියන් යට පසුව නිරායාසයෙන් ශාක ගණ (කොලනි) පිහිටුවා ගැනීමට නොහැකි ගස් විශේෂ හඳුන්වාදීමත්ය. සීඝ්‍රයෙන් යළි බෝවීම (වර්ධනයවීම) දිරිගන්වන එමෙන්ම වියදම හා මහන්සිය අඩුකරන යළි ප්‍රකෘතිමත් කිරීමේ ප්‍රවේශයන් අනුගමනය කිරීම හදිසි අවශ්‍යතාවක් ලෙස පැන නගී. විශේෂයෙන්ම, සම්පත් හීන එමෙන්ම හානියට පත් වනාන්තර යළි යථාතත්වයට ගෙන ඒම වස් පෙළඹවීම් නොමැති සංවර්ධනය වෙමින් පවතින රටවලට මෙය බෙහෙවින් අදාළය.

Journal of Ecology (Wiley OnlineLibrary) හි  The role of plant interactions in the restoration of degraded ecosystems  ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending