ඇමරිකා මහද්වීපය හරහා පැතිර යන සිකා වෛරසය ගැන ලෝක අවධානය යොමු වද්දී ආසියාකරයේ මහ නගර තවමත් වරින් වර ඇතිවන ඩෙන්ගු හදිසි ව්‍යසන පැතිර යාම් වලට මුහුණ දෙමින් සිටියි. අධික උණ, පලූ දැමීම හා අඩපණ කරවන හන්දි රුදාවෙන් ඇරඹෙන රෝගය වඩාත් උග‍්‍ර, මරණීය තත්ත්වයක් දක්වා වර්ධනය වීමට හැකියාව ඇත්තකි. පසුගිය වසරේ නවදිල්ලි මහා නගරය හරහා පැතිර ගිය ඩෙන්ගු වසංගතයෙන් 10,000 කට වැඩි පිරිසක් රෝගාතූර වූ අතර 41 දෙනෙකු ට මරු කැඳවීය.

aedes_aegypti_during_blood_mealමාරාන්තික ඩෙංගු රෝගය ගෙන ඒමට වගකිව යුත්තේ විශේෂ දෙකක මදුරුවන්ය. එනම්       Aedes aegypti  සහ  A. albopictus ය. මේ මදුරු විශේෂ මිනිසුන් අසළ ගැවසීමට, ජීවත් වීමට කැමතිය. ඔවුන්ගේ වාසස්ථාන බොහෝ විට අපේම වාසස්ථානය. නාගරික ප‍්‍රදේශවල නිවාස ඉදි කිරීම බොහෝ සේ ඉහළ යාමත් සමගම මදුරුවන් ට සැපයෙන වාසස්ථාන ද මේ අනුව සංඛ්‍යාත්මකව ඉහළ ගොස් ඇත. මිනිසුන් නගර කරා ඇදීඒම, ඉදිකිරීම් වැඩි වීම සහ ලොව පුරා මානවයන්ගේ මෙන්ම මදුරුවන්ගේ සංචලනයන් ( ) ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන අන්දමට නාගරිකව ඩෙන්ගු පැතිර යාම 1960 සිට 2010 (50 වසරක්) අතර තුර කාලයේ 30 ගුණයකින් ඉහළ ගොස් තිබේ.

බොහෝ කාලයක සිටම නාගරික මධ්‍යස්ථාන බෝවෙන රෝග ආකර්ෂණය කර ගන්නා ස්ථාන වශයෙන් පවතී. මානවයා විශාල පුරවර වල ජීවත් වීම ආරම්භ කිරීමත් සමගම ජනගහනයන් සිසාරා වසංගත පැතිර යන්නට වූයේ කලාතුරකින් දැකිය හැකි මට්ටමින් මරණය හා දුක්දොම්නස පතුරුවාලමිනි. අද මෙන් ම එදා ද, ව්‍යාධිජනකයට (pathogen ) ව්‍යාප්ත වීම පිණිස යෝග්‍ය තත්ත්වයන් සහිත ආසාදිත නොවූ, ප‍්‍රතිශක්තිය රහිත මහා ජනසන්නිපාතයක් වසංගතවලට අවශ්‍ය විය. රෝග කාරයෙකු මගින් බෝවෙන රෝග සම්බන්ධයෙන් ගත් කළ මෙයින් කියවෙන්නේ පුද්ගලයාගෙන් පුද්ගලයාට රෝගය බෝ කිරීමට උපකාරී වන මදුරුවාගේ, මැක්කා හෝ කිනිතුල්ලාගේ පැවැත්මයි. මෙම සාධක එකට එක් කිරීමට මෙගා නගර තෝතැන්නක් විය. එහි ප‍්‍රතිඵලය මහත් උවදුරුදායක විය. නිදසුනක් ලෙස පුරාණ රෝමයේ මුල් කාලවල ඇති වූ මහමාරිය හා වසූරිය වසංගත මගින් ජනගහනයේ අඩක් ම නෂ්ටප‍්‍රාප්ත වීම දැක්විය හැකිය.

ලෝක ජනගහනයෙන් අඩකට වැඩියෙන් දැන් වෙසෙන්නේ මහ නගරවලය. මෙම අනුපාතය ක‍්‍රමයෙන් වර්ධනය වෙයි. නාගරික ජීවිතයේ ආකර්ෂණය වෙනුවෙන් සිය කෘෂි කාර්මික අතීතය කැප කිරීමට පෙළෙඔත්ම බොහෝ නාගරික මධ්‍යස්ථාන මිනිසුන් මිලියන 20 කට වඩා වැඩියෙන් ජීවත්වන මෙගා ප‍්‍රධාන නගර (mega-metropolises) ගනනාවක් බවට පත් වී ඇත. මෙසේ මහා ජනසන්නිපාතයක් සීඝ‍්‍රයෙන් නගර කරා ඇදී යාමෙන් ලෝකයේ විශාලතම නගරවල මුඩුක්කු ව්‍යාප්තවීමට මෙන් ම මධ්‍යම හා ඉහළ පන්ති වටපිටාවන් නිර්මාණය වීමටත් මග පෑදීණ. නූතන මෙගා පොලිස් හට ගැනීම පෙන්නුම් කරන්නේ මානවයා අවසානයේ ජනයා පිරී ඉතිරි ගිය පරිසරයන්ට අනුගත වී ඇති ආකාරයකි. එහෙත් මෙලෙස ජනයා පිරී ඉතිරි ගිය පරිසරයන්ට අනුගත වීම මානවයන් පමණක් නොව, අපට රෝ බිය ගෙනෙන ව්‍යාධිජනක ක්ෂුද්‍රජීවින් සම්බන්ධයෙන් ද ප‍්‍රකාශ කළ හැකි සත්‍යයකි.

CaKjT4UW0AAv1Mh

ඩෙංගු වනාහි අප‍්‍රිකාවේ වනාන්තර වලදී මදුරුවන්ගේ මාර්ගයෙන් ප‍්‍රිමාටේස් සතුන්ට හෙවත් අගේ‍්‍රශයන්ට සංක‍්‍රමණය වූ රෝගයකි. සිය ඛේටය (කෙළ) මගින් එක් ධාරකයෙකු (host)  සිට තවත් ධාරකයෙකු වෙත වෛරසය ගෙන යන A. aegypti   මදුරුවා මෙන් ම, වෛරසය ද පසුව මානවයන්ට අනුගත විය. මානවයන් කුඩා ගම්මාන වෙත පිය නගත් ම, මදුරුවා ද මදුරුවා රැුගෙන යන වෛරසය ද අප සමග ගම්මාන වලට ඇතුල් වී කුඩා පරිමානයේ  ඩෙංගු හදිසි ව්‍යසන ඇති කළේය. මෙම මදුරුවා ප‍්‍රවාහනය කිරීමට මග පෑදුවේ වහලූන් ගෙන යන නැව්ය. ඒවායේ තිබෙන ජල පීප්පවල     මදුරුවා සිය බීජ තැන්පත් කළේය. ඉන් පසුව ඩෙංගු, මැලේරියාව සහ කහ උණ වැනි බෝවෙන රෝග ලොව පුරා පැතිරෙන්නට විය. ලෝකයේ මුල් මහ නගර බොහොමයක් බිහි වූයේ වරාය අශ‍්‍රිතවය. ඒවා පිහිටියේ උණුසුම්, තෙතමනය (ආර්ද්‍රතාව) සහිත ප‍්‍රදේශවලය. ඒ අනුව එම නාගරික මධ්‍යස්ථාන නිවර්තන රෝග සඳහා යෝග්‍ය තෝතැන්නක් විය. ඒ එක්කම විවිධ ඩෙංගු උපවිශේෂ (subtypes) සංසරණය වීමෙන් ඩෙංගු රක්තපාත උණ වර්ධනය වීමේ අවස්ථා ද දැවැන්ත නගර තුළ වැඩිය. මෙහි ප‍්‍රතිඵලය වී ඇත්තේ්, නවදිල්ලිය, සා ඕ පාලෝ හා බැංකොක් වැනි නගරවල නිතිපතා දැවැන්ත ඩෙංගු හදිසි ව්‍යසන ඇතිවීමයි. මෙයින් බලපෑම් ඇතිවන සංඛ්‍යාව හරිහැටි කිව නොහැක්කේ ඩෙංගු රෝගයේ විශාල අනුපාතයක් වසංගත රෝග නිරීක්ෂණය හීන සම්පත් අඩු ප‍්‍රදේශවල හට ගැනීමේ හේතුවෙන් බව නරේන්ද්‍ර අරෝරා පවසයි. ඔහු ඉන්දියාවේ   ‘ඉන්ක්ෙලන්  භාරය(INCLEN Trust International Clinical Epidemiology Network ) හා සම්බන්ධ ළමා රෝග විශේෂඥයෙකු හා බෝවෙන රෝග පර්යේෂකයෙකි. මීට අමතරව, මැලේරියාව, චිකුන්ගුන්යාව වැනි අනෙකුත් නිවර්තන රෝගවල රෝග  ලක්ෂණ ද ඩෙංගුවලට සමානය. ලෝක සෞඛ්‍ය සංවිධාන ඇස්තමේන්තු අනුව සෑම වසරක ම ඉන්දියාවේ විසි දහසකට වැඩි පිරිසක් ඩෙංගු මගින් රෝගාතුර වෙති. එහෙත් ඇතැම් වාර්තා අනුව මෙම සංඛ්‍යාව මිලියන 6 ක් පමණ වෙයි.

ඩෙංගු පාලනය සම්බන්ධයෙන් ගතයුතු මුල් පියවර විය යුත්තේ මහජන සෞඛ්‍ය පිළිබඳ මූලික කරුණු වලට අනුකූලව ක‍්‍රියාකිරීම යයි අරෝරා පෙන්වා දෙයි. මහ නගර තුළ ඩෙංගු පාලනය කිරීම පිළිබඳ අදාර්ශයක් ලෙස විද්‍යාඥයෝ සිංගප්පූරුව දක්වති. මහජන සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන්, කීට හා කෘමි පාලන පියවරවල් ආදී සාධකවල එකතුවක් සිංගප්පූරුව වසර විස්සකට ආසන්න කාලයක් ඩෙංගු උවදුරෙන් තොරව තබා ගැනීමට උපකාරී වී තිබේ. ආර්ථික පහසුකම් සහ දේශපාලන කැපවීම් මේ සඳහා අවශ්‍ය වන බව සිංගප්පූරුවේ     උපාධිධාරී වෛද්‍ය විද්‍යාලයේ බෝවෙන රෝග විශේෂඥ ඩුවෙන් ගබ්ලර් කියයි.

Smithsonian Science හි  The World’s Megacities Are Making Dengue Deadlier ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending