ෆ්ලූබෙන්ඩයමයිඞ්(Flubendiamide) ඔබේ ගෙවත්තේ වගා වැඩට යොදා ගන්නා රසායනිකයක් නොවෙන්න පුළුවන්. ඒ වුණාට මෙම පලිබෝධ නාශකය යොදා වගා කළ ආමන්ඞ්, රටකජු වැනි දෑ දැනුවත්ව හෝ බොහෝ විට නොදැනුවත්ව ඔබ පරිභෝජනයට ගන්නවා ඇති සමහරවිට.

සෝයා බෝංචි, තක්කාලි, දුම්කොළ වැනි බෝග 200කව ආසන්න සංඛ්‍යාවකට  tomato-hornworm1යොදන සුලබ පලිබෝධ නාශකයකයකි ෆ්ලූබෙන්ඩයමයිඞ්. හෝ මැස්සා හෙවත් පළතුරු මැස්සා (fruitworms)වැනි පලිබෝධ, බෝගවලින් ඈත්කර තබන්නට 2008 සිටම ෆ්ලූබෙන්ඩයමයිඞ් යොදා ගැනුනා. එහෙත් දැන් ඊට තිත වැටෙන ලකුණු පහළ වී තිබෙනවා. අඩුම තරමින් එක්සත් ජනපදයේවත් එය භාවිතය නවත්වන්න ඉඩ තියෙනවා. එරට පරිසර සංරක්ෂණ අධිකාරය (US Environmental Protection Agency) මෙම පලිබෝධ නාශකයට කලින් ලබා දී තිබු අනුමැතිය ආපසු ගැනීමටයි අදහස් කර තිබෙන්නේ.

emamectin-benzoate-125x125එම පලිබෝධ නාශකය ගැන තව දත්ත ජනනය කරන තුරු ජනතාව හෝ පරිසරය හෝ මත එ මගින්හේතුයුක්තනොවන අහිතකර බලපෑමක අවදානම සැලකිය යුතු වැඩිවිමක් ෆ්ලූබෙන්ඩයමයිඞ් භාවිතයෙන් සිදු නොවෙතැයි තීරණය කිරීමෙන් පසුව එය   ලියා පදිංචි කිරීම 1970 ගණන්වල සිට එරට අනුගමනය කරන පිළිවෙතයි.  ෆ්ලූබෙන්ඩයමයිඞ් වලට 2008 දී කොන්දේසි සහිත ලියා පදිංචිය(conditional registration) ලැබුනේ එලෙසය.

එහෙත් එතැන් පටන් සිදු කළ  අවදානම් ඇගැයීම් ගණනාවකින් පෙනී ගියේ මිරිදිය අපෘෂ්ඨවංශයන්ට  ෆ්ලූබෙන්ඩයමයිඞ් වලින් කලක් පැවතිය හැකි අවදානම් කිහිපයක්ම ඇති වන බවයි.   මසුන්ට සහ පරිසරයට ෆ්ලූබෙන්ඩයමයිඞ් අන්තරායකාරී  බවට අළුත් සාක්ෂි මතුවෙද්දී  ෆ්ලූබෙන්ඩයමයිඞ් වෙළඳපොළෙන් ඉවත් කිරීමට පරිසර සංරක්ෂණ අධිකාරිය බලාපොරොත්තුවෙි.  ස්වේච්ඡාවෙන් ෆ්ලූබෙන්ඩයමයිඞ්  වෙළඳපොලෙන් ඉවත් කරගැනීමට නිෂ්පාදකයන් කැමැති නැහැ. ඔවුන්ගේ වෑයම සාර්ථක වෙයිද නැතිනම්  ෆ්ලූබෙන්ඩයමයිඞ්  භාවිතය නවතිද යන්න ඉදිියේදී තීරණය වෙනතුරු  මෙම පලිබෝධ නාශකය යොදා වගාකල රට කජු කකා බල ඉන්න වෙවි.

Smithsonian Smart news හි පළවූ  The FDA Will Ban a Common Pesticide ලිපිය අනුවයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending