ඉතා කුඩා අවධියේ සිටම අපේ අවධානය යොමුවන සත්ව විශේෂයක් හැටියට කුහුඹුවන් දැක්විය හැකියි. මන්ද අපේ රටේ නම් කුහුඹුවන් නොමැති නිවසක් සොයා ගැනීමට නොහැකි තරම්ය. තෙල් කූඹි, නයි කූඹි, රතු කූඹි, කළු කූඹි යනාදී වශයෙන් විවිධාකාරයෙන් ඔවුන් අපට හමුවේ. එහෙත් තතු මේ වාර්තාව ගෙන එන්නේ මීට වසර මිලියන ගණනක් ඈත කාලයක වාසය කළ කුහුඹු විශේෂයක් ගැනයි. මෙසේ පොසිල යුගයේ අවසාන සමයේ කි‍්‍රටේසීය යුගයේ මෙකී කුහුඹු විශේෂයට දී ඇති නාමය හෙයිඩෝමයිර්මෙසීන් (haidomyrmecine) යන්නයි. වක් කඩුවක හැඩය ගත් අධෝ හණු හේතුවෙන් ඔවුනට ‘අපාය කුහුඹුවා’ යන නාමයද පටබැදී ඇත. මොවුන්ගේ විශේෂ පහක් බුරුම ප‍්‍රංශ සහ කැනේඩියානු ඇම්බර වල (ෆොසිලගත දුම්මල වැනි ද්‍රව්‍යයකි) ෆොසිල ගතව තිබී පසුගිය ශත වර්ෂය තුළ හමු වී ඇත.

දැන් මෙකී ෆොසිල ගත කුහුඹුවන් සහ ඔවුන්ගේ ආකර්ෂණීය ‘හිස් පළදනා’ වල විශ්ලේෂණ මගින් පෙනී යන්නේ හෙයිඩොමයීර්මෙසීන් කුහුඹුවන් ලෝකයේ සැබෑ ආදිතම කුහුඹුවන් බවයි. මෙම කෘමීන් ජීවත් වන්නට ඇත්තේ මෙයට වසර මිලියන 78 ක් සහ 99ක් අතර තුර කාලයකය. එමෙන්ම මුල් කුහුඹු – බඹර පවුලේ කණ්ඩායමෙන් ඉතාම ඈත කාලයකදීම වෙන් වූ සාමාජිකයන් අතර මොවුන්ද ඇති බවක් පෙනී යයි. ‘මීට වඩා පැරණි කුහුඹුෆොසිල නම් නැහැ. සිකුරුයි.’ යයි පවසන්නේ රට්ගර්ස් සරසවියේ පශ්චාත් ආචාර්ය උපාධිධාරී පිලිප් බාඩන් කියා සිටියි.’ එහෙත් අණුක දත්ත සහ ඞීඑන්එ් විශ්ලේෂණ මගින් අප ඇස්තමේන්තු කරන්නේ මොවුන් වසර මිලියන 20 සිට 60 දක්වා කාලයකට කලින් වෙනත් විශේෂ වශයෙන් වෙන්වන්නට ඇති බවයි.’
මෙම පෞරාණික කුහුඹුවන්ගේ මුහුණෙහි දිග පේ‍්‍රරක කේශ මෙන්ම සහ එකට ඇලූණු රැුවුල් ගස්ද නලළෙහි තිබිණ. එය බාගදා බෆරයක් මෙන් යොදා ගන්නට ඇත. මෙම ලක්ෂණ හා වෙනත් සාධක පදනම් කර ගෙන බාඩන් පවසන්නේ මෙම කුහුුඹු විශේෂයේ හණු සරනේරුවක මෙන් උඩ අතට හැරෙන්නට ඇත්තේ ගොදුරු ගිල ගැනීමට විය හැකි බවයි. එහෙත් ඔවුන් ගොදුරු කර ගන්නේ කුමන සතුන් දැයි හෙළිවී නැත. බොහෝ විට මෘදු ශරීරයක් සහිත කෘමීන් විය හැකියි. මිටත් වඩා බිය උපදවන අංශය වන්නේ මේ කුහුඹුවන්ෙග් අධෝහණු ඇතුළත තිබෙන සිහින් කට්ටය. ගොදුරෙහි රුධිරය මුඛය වෙත එවීමට ඒවා යොදා ගත්තා විය හැකිය. කෙටියෙන් පවසසොත් මොවුන් කෘපණාකාර දත් ඇති () කුහුඹුවන් එනවා පමණක් නොව උන් චැම්පයර කෘපණාකාර දත් ඇති කුහුඹුවන්ද විය හැකිය.

කැපී පෙනෙන සුළු මෙම අද්භූත පෙනුමක් තිබුණේ වී නමුදු විසිවැනි සියවසේ වැඩි කොටසක් ඔවුන් ගැන අවධානයක් යොමු නොවීම ගෙවී ගියේය. ප‍්‍රථම හෙයිඩෝමයිර්මෙසීන් ප‍්‍රථම නිදර්ශකය නාමාවලිගත කෙරෙන්නේ කීට විද්‍යාඥ (entomologist) තියඩෝර් කොකරෙල් විසිනි. ඒ 1920 දී. එහෙත් ඔහු ඒ ගැන විස්තරයක් ඉදිරිපත් නොකළේය. ලන්ඩනයේ ස්වභාව ඓතිහාසික කෞතුකාගාරයේ රාක්කයක, කිසිවෙකුගේ අවධානය යොමුවන්නේ නැතුව කුහුඹුවා ඔෙහ් ලැග සිටියේය. එහෙත් 1996 දී රුසියානු ජාතික ගෙනඩි ඩිලූස්කි 1996 විශේෂය පිළිබඳ විස්තරය ඉදිරිපත් කොට ඌට හෙයිඩෝමයිර්මෙසීන් යන විචිත‍්‍ර නාමයද ලබා දුන්නේය.
මේ පෞරාණික කුහුඹුවා පරිණාමීය වශයෙන් ස්ථාන ගත කිරීමේදී බාඞ්න්, සිය වෘත්තීය සගයා වන ඇමරිකානු ස්වභාව ඉතිහාස කෞතුකාගාරයේ ඬේවිඞ් ගි‍්‍රමාල්ඞ් හා එක්ව කුහුඹුවාගේ ශාරීරික ලක්ෂණ විග‍්‍රහ කර බැලූහ. හිස සහ අන්තිනාවෙහි හැඩය, අධෝහණු සහ උරස් ව්‍යුහය සහ කුහුඹුවන්ට සුවිශේෂී වූ උරස් මත ග‍්‍රන්ථියක් විග‍්‍රහ කර බැලූ ශාරීරික ලක්ෂන අතර වූහ.
අනතුරුව, විශ්ලේෂණ මාලාවකින් පසුව පූර්වජ වෘක්ෂයක් සැකසීමට හැකිවි ඇත. ඒ අනුව පෙර කි විවිධත්වය අඩුම පියවර ගණනකින් පරිණාමය වු හැටි ඉන් දැක්වේ. එය පදනම් කරගනිමින්, කුහුඔු කුලයේ මුල්ම ශාඛාවක හෙයිඩෝමයිර්මෙසීන් ‘ලැග‘ සිටින අන්දම දැක්විමට පර්යේෂකයෝ සමත්ව සිටිති.
Smithsonian Science හි පළවූ These Tiny Saber-Toothed Terrors Are Among the World’s Oldest Ants ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න