ඉතිහාසය ප‍්‍රතිනිර්මාණය කිරීම ඉතා අසීරු කටයුත්තකි. විශේෂයෙන්ම සහස‍්‍ර ගණනාවක් අතීතයට දිවෙන සිද්ධ යළි ගොඩනැගීමේදී මේ දුෂ්කරතාව තවත් තීව‍්‍ර වේ. මන්ද ඒ සඳහා සාක්ෂි සෙවීමේදී ගැටලූ මතුවන හෙයිනි. මෙම ගවේෂණවලදී පර්යේෂකයන්ට නොයෙකුත් ස්ථාන කරා යාමට සිදුවෙයි. කෙසේවෙතත්, මානව විද්‍යාඥ එමෑනුවෙල් හොනරේ සහ සගයන්ට යාමට සිදුවුයේ රෝහලකටය. ඒ ප‍්‍රතිකාර පිණිස නොව රෝහලේදි අලුත උපන් බිළිඳුන්ගේ අත් මැන බැලීමටය. මේ පර්යේෂකයන්ගේ ක‍්‍රමවේදය මදක් අසාමාන්‍ය වුවත් කුතුහලය දනවන යමක් සොයා ගැනීමට ඔවුහු සමත් වූහ. ඊජිප්තුවේ ලෙනක බිත්තියෙහි සටහන් කර තිබූ ඉතා කුඩා අත්ලවල ස්ටෙන්සිල් චිත‍්‍ර සපයන්නට ඇත්තේ මිනිස් බිළිඳුන් නොව උරගයන් විසින් වීමට ඉඩ ඇති බව ඔවුන් සොයා ගත් කාරණාවයි. හොනරේ ඇතුළු පර්යේෂක කණ්ඩායම ඔවුන්ගේ නව සොයා ගැනීම් Journal of Archaeological Science: Reports සඟරාවේ පළ කර ඇත.
බිළිඳු අත්ල සේ පෙනෙන මේ රූ සටහන් අඩංගු ලෙන පිහිටියේ ඊජිප්තුවේ බටහිර කාන්තාර ප‍්‍රදේශයෙහිය. මෙම ලෙන ‘මෘගයන්ගේ ලෙන’ වශයෙන්ද ප‍්‍රසිද්ධය. ඒ එහි බිත්තිවල නිරූපිත සත්ව චිත‍්‍ර හේතුවෙනි. මෙම හුණුගල්වලින් සෑදුණු ලෙනෙහි බිත්ති ගුප්ත චිත‍්‍ර සහ සටහන්වලින් පිරී ඇත. ඒවා මිනිසුන් විසින් සතුන් හීලෑ කරනු ලැබීමට පෙර ඇඳි ඒවා සේ සැලකේ. ගිරි චිත‍්‍ර අතර මිනිස් අත්වල චිත‍්‍ර විශාල සංඛ්‍යාවක් දැකිය හැකිය. මේවා අඩුතරමින් වසර 6,000ක් වත් පැරණිය. මේ චිත‍්‍ර අතුරෙන් 13ක් ඉතා කුඩා බිළිඳුන් විසින් තබන ලද සටහන් බව බැලූ බැල්මට පෙනී යන්නකි. මෙම චිත‍්‍ර සහරාවෙන් සොයා ගත් මෙවැනි ස්ටෙන්සිල් කරන ලද ප‍්‍රථම රූ සටහන් වේ. එහෙත් මේවා හොඳින් පරීක්ෂා කිරීමේදී ගල් යුගයට අයත් බිළිඳුන්ගේ අත්ල සටහන්ද යන්න ගැන හොනරේට සැක ඇති විය. ඇය වෙනත් පර්යේෂකයන් හා එක්ව කටයුතු කරමින් ප‍්‍රංශයේ පිහිටි රෝහලක නවජ ඒ්කකය (neonatal unit) ෙවත බිළිඳු අත්මැනීමට ගියේ එහෙයිනි.

මෙකී සංසන්දනයෙන් පෙන්නුම් කළේ ඊජිප්තු ගිරි චිත‍්‍ර අතරේ අත්ල රූ සටහන් මිනිස් බිළිඳුන්ගේ නොවන බවයි. එසේ නම් ඒවා කාගේ අත්ලද? හොනරේ ඊට සුදුසුකම් ඇති අය සෙවීමට පටන් ගත්තාය. වදුරන් සිට උරගයන් දක්වා පරාසයක් අතුරෙන් අවසානයේ ජය හිමි වූයේ උරගයන්ටය. ‘වඩාත් ගැලපෙන සැසදීමේ සොයා ගැනීමට හැකිවූයේ උරගයන් අතුරෙහිය. බිළිඳු අත්ල සටහන් ලෙස පෙනී යන චිත‍්‍ර බොහෝ විට කිඹුල් පැටවුන්ගේ හෝ කාන්තාර ෙමානිටරයන්ගේ(desert monitors) ඒවා විය හැකි යයි හොනරේ විශ්වාස කරයි. කාන්තාර මොනිටරයන් වෙනත් සහරා ගිරි චිත‍්‍රවල බහුලව දක්වා ඇති සතෙකි.

කෙසේ වෙතත් පර්යේෂණ තවම අවසන් වී නැති බව හොනරේ අවධාරණය කරයි. “අපට ස්ථිර සාරවම කියන්න අමාරුය” ඈ පවසයි. ඒත් අපේ ප‍්‍රථම ප‍්‍රතිඵල සිත් ධෛර්යසම්පන්න කරවන සුළුය. චිත‍්‍ර අතරේ මෙකී අත්ල රූපවලින් උරගයන්ගේ වැනි පැරැන්නන් සංස්කෘතික හෝ පාරිසරික පාරිසරික වශයෙන් වැදගත් කොට සැලකූ සංකේත වෙන්න පුළුවනි. එහෙත් ඉන් දැක්වෙන අරුත් ගැන ඒතරම් අනුමාන කිරීමට හොනරේ අකමැතිය. මේ රූ සටහන් තැබූවේ කවුරුන්දැයි නිශ්චිතවම කිමට කිසිිදිනක පර්යේෂකයන්ට නොහැකිවන්නට පුළුවනි. එහෙත් ඒවා උරගයන්ගේ ලෙස හඳුනාගැනීමෙන් ‘මෘගයන්ගේ ලෙන’ ට නව අරුතක් එක්වී තිබේ. ’’ සොබාදහම කියන්නේ මිනිසුන්ගෙන් පරිබාහිර වු දෙයක් ලෙස සළකන නූතන සංකල්පයක් තියෙනවා. ඒත් මේ සා විශාල අනුරූප එකතුව තුළින් අපට මතු කරගත හැකිවන්නේ මානවයන් යනු සුවිශාල ස්වභාවික ලෝකයක කොටසක් පමණක් බවය යි හොනරේ වැඩිදුරටත් කියා සිටී.
Smithsonian Smart News හි පළවූ “Baby Hands” on Rock Paintings Were Probably Lizard Prints ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න