ඔබගේ හිසකෙස් සුදු වීමට හේතුව කුමක් දැයි හරියට ම දැන ගැනීමට ඔබ තුල කැමැත්තක් තිබුණා ද? පර්යේෂකයන් දිගු කාලයක සිට සිතා සිටියේ හිසකෙස් වලට වර්ණය ලබාදෙන වර්ණකය වන මෙලනීන් නිෂ්පාදනය මන්දගාමීවීම එයට හේතුව වන බවයි. නමුත් පර්යේෂකයන් මෙම වර්ණකය නිෂ්පාදනය මන්දගාමීවීම ආරම්භ වීමට හේතුව නියත වශයෙන් ම දන්නේ නැත.  තවද මෙම ක‍්‍රියාවලිය ජන වර්ග අතර වෙනස් වශයෙන් සිදුවීමට හේතුවත් ඔවුන්ට ප‍්‍රහේලිකාවකි. මෑතක දී ලතින් ඇමරිකානු පුරවැසියන් 6,000 කට වැඩි පිරිසකගේ ජානමය පරීක්ෂාවන් සිදු කිරීමෙන් පසුව හිසකෙස් වල ගති ලක්ෂණ කෙරෙහි බලපෑම් සිදු කිරීමට සමත් ජාන 18 ක් හඳුනා ගැනීමට පර්යේෂකයින් පිරිසක් සමත්වූහ.

imagesමේ අතර තිබී හිසකෙස් සුදුවීමට බලපාන ජාන සොයා ගැනීමට ද ප‍්‍රථම වතාවට ඔවුන්ට හැකියාව ලැබුණි. යුරෝපීය සම්භවයක් සහිත පුද්ගලයින්ගේ පමණක් හිසකෙස් සුදුවීමට ජාන විචල රූපය(gene variant) සම්බන්ධයක් ඇති බව පෙනී ගොස් තිබේ. ඔවුන්ගේ මුල් කෙස් ළා වර්ණ වලින් යුතු ඒවා විය. තවද රැවුල සහ ඇස්බැම ඝනවීම කෙරෙහි ද ජාන බලපෑමක් කරන බව පරීක්ෂණයේ දී හෙලි විය. පර්යේෂණය සඳහා සහභාගී වූවන්ගේ පසුබිම් වෙනස, එනම් ඇමරිකන් සම්භවයක් සහිත වීම, අප‍්‍රිකානු සම්භවයක් සහිත වීම, හා යුරෝපීය සම්භවයක් සහිත වීම, හිසකෙස් සුදු වීම කෙරෙහි ජාන දක්වන සම්බන්ධතාව හෙලි කිරීමට උපකාරී විය. එකම සම්භවයක් සහිත පුද්ගලයන් හෙවත් සමජාතීය ජන කොටස් පර්යේෂණය සඳහා යොදා ගත්තේ නම් මෙම සම්බන්ධතාව  හෙලිකර ගැනීම අපහසු වනු ඇති බව පර්යේෂකයින් ගේ අදහසයි.

gray-hair

මෙම හෙළිදරව්ව අපරාධ පරීක්ෂකයන්ට ජාන සාක්ෂි මත පදනම්ව සැකකරුවන්ගේ පෙනුම කෙබඳු දැයි යන්න ගැන තම පුරෝකථන හෙවත් අනාවැකි සකස් කර ගැනීමට උපකාරී වනු ඇතැයි පර්යේෂකයෝ පවසති. ඔවුන් තව දුරටත් පවසන්නේ ඖෂධ වැඩි දියුණු කිරීමේ යෙදී සිටින පර්යේෂකයින්ට කෙස් සුදුවීම පමා කිරීමට සමත් ඖෂධ අනාගතයේ දී නිපදවීම සඳහා මෙම හෙළිදරව්ව උපකාරී වනු ඇති බවයි.

(American Association for the Advancement of Science) SCIENCE හි පළවූ   Study finds first genetic links for gray hair, beard thickness, and uni-brows යන ලිපිය ඇසුරෙන් සකස් කළේ චන්දන තෙන්නකෝන්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending