සංඝාතය අත්විඳීමේ දී ස්තී‍්‍ර පුරුෂ භාවය අනුව හෙවත් ලිංගිකත්වය අනුව ඇතිවන වෙනස්කම් හේතුවෙන් සංඝාතය වැළැක්වීමේ සහ ප‍්‍රතිකාර කිරීමේ ලිංග සුවිශේෂී ක‍්‍රමවේද යොදා ගැනීමේ අවශ්‍යතාව පැන නගින බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. ඇදවැටීම, හැප්පිම වැනි අනතුරකින් හෝ පහරදීමකින් හිසට ඇතිවන තදබල කම්පනයකින් පසුව එන තාවකාලික හෝ ස්ථිර ආඝාතය ප‍්‍රකට කෙරෙන ස්නායු කි‍්‍රයාකාරිත්වයේ අක‍්‍රමිකතාවන් ලෙස සංඝාතය(concussion) දළවශයෙන් හැඳින්විය හැකිවේ. සංඝාතයෙන් පිරිමින්ට වඩා ස්තී‍්‍රන් පීඩා විඳිතත්, පිරිමින්ට වඩා දරුණු රෝග ලක්ෂණ පෙන්නුම් කළත් යළි සුවය ලැබීමේදී හෙවත් ප‍්‍රකෘතිමත් වීමට වැඩිවෙලාවක් ගතවුවත් කාන්තාවන් සංඝාත කතාන්දරයේ එළිපිට නොපෙනෙන කණ්ඩායමකි. එය එසේ වන්නේ ඇයි දැයි යන්න සම්පූර්ණයෙන් පැහැදිලි නැත. එහෙත් දැනුමේ මෙම අඩුව ක‍්‍රමයෙන් මැකීයන්නට පටන් ගෙන තිබේ. ඒ, රෝස සංඝාත (Pink concussions) යනුවෙන් හැඳින්වෙන කාන්තා සංඝාතය පිටුපස ඇති විද්‍යාව හඳුනාගැනීමට මෙන්ම ලිංග සුවිශේෂී වළක්වා ගැනීමේ සහ විකිත්සාමය චර්යාවන් රෙකමදාරු කිරීම පිණිස ගතයුතු කි‍්‍රයාමාර්ග ගැන මෙම කණ්ඩායම ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයේ පැවැති රැුස්වීමකදී සොයා බැලීමේ ප‍්‍රතිඵලයක් ලෙස දැක්විය හැකිය.

සංඝාතය සහිත ස්තී‍්‍රන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා ගතයුතු ප‍්‍රශස්ත කි‍්‍රයාමාර්ග සෙවීම එකී රැුස්වීමෙ අරමුණ විය. කී‍්‍රඩාවන්හීදි කී‍්‍රඩිකාවන් සංඝත තත්ත්වයට මුහුණදීමේ අනුපාතය කී‍්‍රඩකයන්ට වඩා බෙහෙවින් වැඩි බව ඇමරිකාවේ ජාතික විද්‍යාලයීය මලලකී‍්‍රඩා සංගමයේ (National Collegiate Athletic Association) අධ්‍යක්ෂ සැකරි කර් පවසයි. වසර පහක් මුළුල්ලේ සිදුකරන ලද අධ්‍යයනවලදි පෙනී ගොස් ඇත්තේ මලල කී‍්‍රඩා, පාපන්දු, පැසි පන්දු, බේස්බෝල් හා සොෆ්ට් බෝල් කී‍්‍රඩාවන්හිදී මෙය කැපී පෙනෙන බවයි. පිරිමින්ට වඩා අඩු අනුපාතයක් දැකිය හැක්කේ පිහිනීමේ සහ කිමිදීමේ කී‍්‍රඩාවේදී පමණකි. එහිදී සෑම 1,000 කුම ගතහොත් සංඝාත අනුපාතය පිරිමින්ට 0.5 වෙද්දී කාන්තාවන්ට 0.3ක් විය.
කර් පවසන අන්දමට හිසරදය, ක්ලාන්තය (කරකැවිල්ල) සහ ඒකාග‍්‍රතාව පවත්වාගෙන යාමේ අපහසුව දළ වශයෙන් ස්තී‍්‍ර-පුරුෂ දෙපක්ෂයටම එක සමාන විය. එහෙත් උසස් පාසල් සිසුන් අතරේ තුවාල ලබන මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් අතුරෙන් කී‍්‍රඩාවන් වැඩි පිරිසක් ආලෝකයට හා ශබ්දයට ඇති සංවේදිතාව, වමන ගතිය හා නිදිමත ගතිය ගැන වාර්තා කරයි. සාමාන්‍යයෙන් කි‍්‍රයාකාරිත්වය යළි පැමිණීමේදී ස්තී‍්‍රහු මන්දගාමී ගතියක් දක්වති.
ස්ත‍්‍රීන් සම්බන්ධයෙන් ගත්විට සංඝාතය හට ගැනීම අරඹීමේදී, සංඝාතය සිදුවන අවස්ථා ගණන ඉහළය. රෝග ලක්ෂණ නෙස්ය, වඩා උග‍්‍රය. නැවත සුවය ලැබීම මන්දගාමීය. කෙසේවෙතත් ස්තී‍්‍ර පුරුෂ ලිංග දෙක අතර එවැනි වෙනස්කම් උප්පත්තියේදී ආරම්භ වන්නේ නැත. මන්ද, ස්තී‍්‍ර පුරුෂභාවය කුමක් වුවත් බිළිඳුන් සහ කුඩා ළමුන් අතරේ සංඝාතය සම්බන්ධයෙන් සංඝාතය ඇතිවීමේදී ඇත්තේ සමාන අනුපාත හා රෝග ලක්ෂණය.

කෙසේ වෙතත් මල්වර වීම ස්තී‍්‍රන්ට මෙන්ම පුරුෂයන්ටද සිය ජීවිත ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සලකුණු කරයි. එමෙන්ම, සංඝාතය සම්බන්ධයෙන් වෙනස් මගක යාම ආරම්භය දෙපාර්ශවයම සනිටුහන් කරයි. මල්වරවීමේ කි‍්‍රයාදාමය ආරම්භවීමත් සමගම, සංඝාතය ඇතිවීමේ අවස්ථාව වැඩිවීම, වෙනස් සහ වඩා උග‍්‍ර රෝග ලක්ෂණ ඇතිවීම මෙන්ම අනතුරකින් පසු යළි සුවය ලැබීම මන්දාගමී වීම කාන්තාවෝ අත්විඳිති. කෙසේ වෙතත් කාන්තාවන් ආර්තවභාවයට පත්වීමෙන් පසු ස්තී‍්‍ර පුරුෂ දෙපාර්ශවයම යළි එක මගකට පිවිසෙති.
මෙහිදී හෝමෝන යළි සැපයීමේ චිකිත්සාව මේ කෙරෙහි බලපෑමක් ඇති කළ හැකිය. හෝමෝන වෙනස්කම් කිහිපයක් කෙරෙහි බලපෑමක් ඇති කළ හැකි වුවද සම්පූර්ණ වගකීම හෝමෝනවලට නොපැවරේ. ගෙලෙහි ව්‍යුහය, මොළයෙහි රුධිරය ගලනය, මීග්රේන් හෙවත් ඉරුවාරදයට ගොදුරුවීමට ඇති හැකියාව මෙන්ම රෝග විනිශ්චයට භාජනය වන්නේ කවුරුන්දැයි යන්න කෙරෙහි බලපාන සමාජයීය සහ අධ්‍යාපනික සාධකද පූර්ණ චිත‍්‍රය කෙරෙහි බලපාන කරුණු අතර වේ.
නිදසුනක් දක්වතොත් ස්තී‍්‍රන්ගේ ගෙලෙහි සම්ප‍්‍රමිතික (isometric) ශක්තිය පිරිමින්ට වඩා සියයට 50කට වඩා අඩුය. ගෙලෙහි වටප‍්‍රමාණය සියයට 23කින් අඩුය. ත්වරණයේදී හිස් හා ගෙල කොටසේ දැඩියාව සියයට 43කින් අඩුය. අස්ථි සහ පේශීවල දරා සිටීමේ සාමාන්‍යය අඩු මට්ටමක පැවතීම හිස සහ මොළය ක්ෂණික චලනයන් හේතුවෙන් හානි පැමිණීමේ අවදානම වැඩි කරයි. එමෙන්ම සංඝත අවදානම පුරෝකථනය කරයි.
මෙලෙස, සංඝාතයට පාදකව බලපෑ හැකි ජීවවිද්‍යාත්මක සාධක හරිහැටි නිශ්චිතව හඳුනාගැනීම මෙන්ම නිසි ප‍්‍රතිකාරයන් සැලසුම් කිරීම වැදගත්ය. සංඝාතයන්, විශේෂයෙන්ම වැඩෙමින් සිටින වැඩිහිටියන් සම්බන්ධයෙන් ගත් විට සංඝාතයන් සමාජ වර්ධනයේදී යම් කාර්ය භාරයක් ඉටු කළ හැකි යයි කැලිෆෝනියා සරසවියේ මයුමි පි‍්‍රන්ස් පවසයි.
එහෙත් ගැටලූව තනිකරම ජීව විද්‍යාව පමණක් පදනම් වන්නේ නැත. අඩංගු වන්නේ පමණක් නොවෙයි. සමාජ භූමිකා, අපේක්ෂාවන් මෙන්ම අධ්‍යාපනය හා පුහුණුවව ද මගින්ද සංඝාතය අප තේරුම් ගන්නා ආකාරය සහ ඊට ප‍්‍රතිචාර දක්වන අන්දම තීරණය වෙයි.
Scientific American හි පළවූ Concussions Affect Women More Adversely Than Men ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න