ප්ලාස්ටික් දූෂණය ගැන තවත් පැතිකඩක්
සමුද්‍ර පරිසරයන් හි සුලබව හමුවන ක්ෂුද්‍ර ප්ලාස්ටික් ශරීර ගත වීම සාගර ජීවින්ට හානිකර ලෙස බලපායි. ගොඩබිම පරිසරය ද ප්ලාස්ටික් මගින් බොහෝ සෙයින් අපවිත‍්‍ර වී ඇත. එහෙත් ගොඩබිම වසන ජීවීන්ට ප්ලාස්ටික් මගින් සිදුව ඇති හානිය පිළිබඳ අපට ඇත්තේ අඩු දැනුමකි. හුඵර්ටා ල්වන්ගා සහ පිරිස විසින් සිදු කරන ලද විමර්ෂණයකට අනුව ශාක කොළරොඩු අතර ඇති පොලිතීන් ක්ෂුද්‍ර ප්ලාස්ටික් මගින් බිම් පණුවන්ට සිදුවන හානිය සොයා බලන ලදී. මෙම සොයා බැලීම තාත්වික අයුරින් සිදු කිරිම සඳහා පර්යේෂකයෝ ක්ෂුද්‍ර ප්ලාස්ටික්, කොළ රොඩු තැන්පත් ව ඇති පස මතුපිටට එකතු කළහ. පාලක පරීක්ෂණයක් (a control) වශයෙන් ඔවුහු ක්ෂුද්‍ර ප්ලාස්ටික් එකතු නොකරන ලද ශාක කොළ රොඩු තැන්පත්ව ඇති ස්ථාන ද වෙනමම තබා ගත්හ.
පර්යේෂකයින්්ට නිරීක්ෂණය වූයේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් එකතු කරන ලද ශාඛ කොළ රොඩු සහිත පරිසරවල ජීවත් වන බිම් පණුවන් ගේ බෝවීම, ක්ෂුද්‍ර ප්ලාස්ටික් එකතු නොකරන ලද ශාක කොළ රොඩු සහිත පරිසරවල ජීවත් වන බිම් පණුවන්ගේ බෝවීමට වඩා අඩු බව හා ඔවුන් ගේ මරණ සංඛ්‍යාව ද ඉහල මට්ටමක පවතින බවයි. තව දුරටත් ඔවුන්ට නිරීක්ෂණය වූයේ බිම් පණුවන් පස තුලට ක්ෂුද්‍ර ප්ලාස්ටික් පරිවහනය කරනු ලබන බවයි. තව ද ක්ෂුද්‍ර ප්ලාස්ටික් භූමිය මතුපිට ජලයට ද එක් විය හැකි බව පර්යේෂකයින්ගේ අදහසයි.
(American Association for the Advancement of Science) SCIENCE හි පළවූ Earthworms on a micro-plastics diet ලිපිය ඇසුරෙනි
පරිවර්තනය: චන්දන ෙතන්නෙතා්න්





ප්‍රතිචාරයක් ලබාදෙන්න