කතා කිරීමට ඉගෙන ගැනීම සඳහා ළදරුවන්ට නිදහසේ දිව චලනය කිරීම අවශ්‍යයයි
සවන්දීම හා කථනය යනු වෙනස් ක‍්‍රියාවලීන් දෙකක් බව ඔබ අදහස් කරනවා විය හැකියි. එහෙත්, මේ කර්තව්‍යයන් දෙක අතර වෙන්කර ගත නොහැකි සම්බන්ධයක් පවතින බවට සාක්ෂි එන්ට එන්ටම වැඩිවෙයි. දත් එන කාලයේ දී ලබාදෙන උපකරණය හෙවත් දරුවත් අස්වසාලීමට අප දරුවන්ගේ කටට දෙන සූප්පු භාවිතා කරන ළදරුවන්ගේ සවන්දීම හා කථන හැකියාව අතර සම්බන්ධතාව පිළිබඳ ව අළුත්ම අධ්‍යයනයකින් මේ ප‍්‍රහේලිකාවට තවත් අංගයක් එකතු වී ඇත. නව සොයා ගැනීම අපගේ කථන සංජානනය මොළයේ, මුඛයේ චලන හසුරුවන ප‍්‍රදේශය මත රඳා පවතී යන සිද්ධාන්තයට අනුබලයක් වෙයි.
බි‍්‍රටිෂ් කොලොම්බියා විශ්ව විද්‍යාලයේ ඥානන විද්‍යාඥවරියක් වන ඇලිසන් බ්රූඩර්, මාස හයක් වයසැති, තවමත් කථනය ආරම්භ කර නොමැති ළදරුවන් කණ්ඩායමක් තෝරාගෙන ඔවුන්ට දත් එන කාලයේ දී ලබාදෙන උපකරණ සැපයීය. එහි අරමුණ වූයේ පරීක්ෂණය සිදුකරණ කාලය තුළ ඔවුන්ගේ දිවෙහි චලන හැකියාව නවතා තබා ගැනීමයිි. ඉන් පසුව දිව තල්ලේ පසු පසට ගමන් කරවමින් උපදවිය යුතු ශබ්ද වන ඉංග‍්‍රීසි භාෂාවේ ‘‘ඞී’’ ශබ්දය සහ හින්දි භාෂාවේ‘‘ඞී’’ ශබ්දය එම ළදරුවන්ට සවන්දීමට සලස්වන ලදී. මේ වයසේ පසුවන ළදරුවන් කුමන සංස්කෘතියකට අයත් වූව ද ශබ්ද වෙනස් කිරීම කෙරෙහි අවධානයෙන් පසු වූවා නම් ඉහත කී ශබ්ද දෙක වෙන් කර හඳුනාගත හැකි මට්ටමක පසුවෙයි. කෙසේ නමුත් දත් එන වයසේ ළදරුවන්ට ලබාදෙන උපකරණ භාවිත කරන විට මෙම ශබ්ද දෙක වෙන් කර හඳුනා ගැනීමට ඔවුන් අපොහොසත් වූ බව පෙනී ගියේ ය. මෙම පරීක්ෂණයේ ප‍්‍රතිඵලය ලෙස පර්යේෂකයින් ඉදිරිපත් කරන්නේ තවමත් කථනය ආරම්භ කර නොමැති වයස් වල පසුවන ළදරුවන් පවා හ`ඩකට සවන් දී එය තේරුම් ගැනීම සඳහා ඔවුන්ගේ දිව ප‍්‍රයෝජනයට ගන්නා බවයි.
වැඩිහිටියන් ද යම් හ`ඩකට සවන් දී එය අවබෝධ කර ගැනීම සඳහා දිවෙහි චලන උපයෝගී කරගන්නා බවට සාක්ෂි පවතී. ඩලාස් හි ටෙක්සාස් සරසවියේ ස්නායු වාග් විද්‍යාඥ (Neurolinguist) විලියම් කාට්ස් විසින් සිදු කරන ලද පර්යේෂණයකට සහභාගී කරගත් උපතින් ම ඉංග‍්‍රීසි කතා කරන්නන් පිරිසකට තථ්‍යකාලීන ත‍්‍රිමාණ රූප නැරඹීමට සලස්වන ලදදේ ඒවා නරඹන විට කිසිදු දන්නා භාෂාවකට අයත් නොවන ශබ්ද නිකුත් කිරීමට උත්සාහ ගනිද්දී ඔවුන්ගේ දිවවල් ස්ථාන ගතකරන ආකාරය දැක්වීම පිණිසයි. පර්යේෂණයට සහභාගී කරගත් අයට එම දර්ශන නැරඹීමට සැලැස්වීමෙන් නිවැරදිව මුලින් නිකුත් කළ හ`ඩ නැගීමට ඔවුන් හට වැඩි ඉඩක් ලැබිණි. ආඝාතය වැනි හදිසි ආබාධයන්ට ලක්වීම නිසා කතා කිරීමට නොහැකි වූ අයට නැවත කථන හැකියාව ලබා දීමට හා දෙවන භාෂාවක් හදාරන්නන්ට ඔවුන්ගේ උච්චාරණ හැකියාව වැඩිදියුණු කිරීමට ද මෙම තාක්ෂණය යොදා ගත හැකි බව කාට්ස් කියා සිටියි.
මෙම අධ්‍යයන දෙක ම කථන සංජානනය පිළිබඳ චාලක සිද්ධාන්තය (motor theory of speech perception) සමග ගැලපෙයි. කථනය පිළිබඳ ව වන චාලක සිද්ධාන්තයෙන් පැහැදිලි කෙරෙන්නේ අපගේ මුඛයෙන් අපට අවශ්‍ය ශබ්දයක් පිට කිරීමට ඇති හැකියාව, පිට කරන ශබ්දයට අදාල වන සේ අපගේ තොල්, දත් සහ දිව පිහිටිය යුතු ස්ථාන පිළිබඳව අප සතු දැනුම මත රඳා පවතින බවය.
මේ තොරතුරු පිළිබඳ ව කෙතරම් ප‍්‍රමාණයකට අප බලාපොරොත්තු තැබිය යුතු දැයි තවමත් අපැහැදිලි ය. මේ සිද්ධාන්තයේ ප‍්‍රබලතම දැක්වීම වන්නේ දේශකයාගේ මුවින් පිටවන ශබ්දය පිළිබඳ ව සැලකිල්ලක් දැක් විය යුතු නැත, එය හුදෙක් කතනයේ යෙදෙන්නා ඔහුගේ හෝ ඇයගේ මුඛය සෙලවෙන ආකාරය පිළිබඳ තවත් හෝඩුවාවක් පමණක් බවයි. ඔහු ප‍්‍රකාශ කරන දේ පිළිබඳව හෝඩුවාවක් ලැබෙන බවයි. එනම් අප දකින දේ ඒ කියන්නේ ඔහුගේ චලනයන් (ඔහු කට සොලවන ආකාරය) මනෝමය වශයෙන් පිළිබිඹු කිරීමක් විනා ශ‍්‍රවන ප‍්‍රත්‍යාභිඥනයක් හෙවත් හඳුනාගැනීමක්(auditory recognition) නොවන බවයිගඔහු කරන ප‍්‍රකාශය පිළිබඳව අවබෝධයක් අපට ලැබෙන බවයි. දේශකයා පවසන දෙය අප ශ‍්‍රවණය නොකළත් දෙස බලා සිටීමෙන් නිසා
‘‘මට ඒ පිළිබඳව ඇත්තේ ඊට වඩා මධ්‍යස්ථ අදහසක්’’ යයි බ්රූඩර්ර් පවසයි. කතා කිරීම ඉගෙන ගැනීම පිණිස අපගේ තොල් හා දිව සෙලවීමට හැකිවීම කොයි තරම් වැදගත් ද යන්න ගැන ඇය කුතුහලයක් දක්වයි. සංජානනයේ ඇය සොය ගත් වෙනස්කම් භාෂාඥානය උපාර්ජනයේ දී ලබාගැනීමේ දී කිසියම් පමාවන් ඇතිකරන්නේ ද යන්න නිර්ණයකිරීම පිණිස දිගු කාලීන අධ්‍යයනයක යෙදිය යුතු බව ඇය පවසයි. මීට අමතරව විදාරිත තල්ල, දිව ‘ගැටගැසීම‘ වැනි මුඛයට සම්බන්ධ විකෘතිතා කථන සංජානනය කෙරෙහි බලපාන ආකාරය පිළිබඳ වද අධ්‍යයනයක යෙදීමටත් ඇය බලාපොරොත්තු වෙයි.
SCIENTIFIC AMERICAN – MIND(Behavior, Brain Science, Insights) March-April 2016 හි පළවූ Don’t Overuse That Pacier! ලිපිය ඇසුරෙනි.
සැකසීම: චන්දන තෙන්නකෝන්





ප්‍රතිචාරයක් ලබාදෙන්න