ටෙක්ට්ස් (text පෙළ) ඉලෙක්ට්‍රෝනික පණිවුඩ යැවීම ඇමරිකා එක්සත් ජනපදයේ වයස අවුරුදු 30 න් පහළ ජනතාව අතර ජනප‍්‍රියතම සංනිවේදන ස්වරූපය බවට පත්ව තිබේ. එ රට පාසල් ශිෂ්‍යයන් පාසල් කටයුතුවල නිරතව සාමාන්‍යයක් වශයෙන් විනාඩි හයක් යාමටත් කලින් සමාජ මාධ්‍ය(social media) සහ ටෙක්ට්ස් පණිවුඩ යැවමට පටන් ගැනීීමෙන් අවධනය බිඳෙන බව මෑතක සිදුකරන ලද අධ්‍යයනයකින් හෙළිවෙයි.

wilderness

ගැටවර වියේ ජනතාවගෙන් කුඩා ප‍්‍රතිශතයකට ටෙක්ට්ස් පණිවුඩ යැවීම අනිවාර්යතාවක් බවට පත්ව තිබේ. ඔවුන් ටෙක්ට්ස් පණිවුඩ යැවීමෙන් වළක්වනු ලැබුවහොත් ඔවුන්  ටෙක්ට්ස් පණිවුඩ අඩුවෙන් යැවීමට උත්සාහ කර අසාර්ථක වීම හෝ කාංසාව හා අපේක්ෂාභංගත්වයක් දැනෙන්නට පුළුවන. ඇමරිකානු මනෝවිද්‍යාත්මක සංගමය (American Psychological Association) සිදු කළ නව අධ ්‍ය යනයකින් කෙල්ලන් 221 කු සහ කොල්ලන් 192 කු ටෙක්ට්ස් පණිවුඩ   හරහා සංනිවේදනය කරන ආකාරය පීළිබඳව ඇගැයීමක් කෙරිණ. ඒ අනුව සමස්ත චර්යාවෙහි සහ අනිවාර්යතා භාවිතයෙහි (compulsive use ) ස්ත‍්‍රී-පුරුෂ ලිංගිකතාව අනුව සැලකිය යුතු වෙනස් කම් ඇති බව හෙළිවී තිබේ. ඉන් සමහරකි මේ:

  • ගැටවරවියේ ගැහැණු ළමයි සමාජ සම්බන්ධතා පතා ටෙක්ට්ස් පණිවුඩ භාවිත කරන අතර පිරිමි ළමුන් වැඩිපුරම එසේ කරන්නේ තොරතුරු දැන්වීමටය.
  • ගැහැණු ළමයි මෙන්ම පිරිමි ළමයිද එක සමාන ප‍්‍රමාණයක් ටෙක්ට්ස් පණිවුඩ යවති. එහෙත් ගැහැණු ළමයි අනිවාර්යතා ටෙක්ට්ස්  පණිවුඩ යවන්නන්(compulsive texters)  බවට පත්වීමේ ඉඩකඩ වඩා වැඩිය.
  • අනිවාර්යතා ටෙක්ට්ස්  පණිවුඩ යවන සිය පිරිමි සාමාජිකයන් හා සසඳන විට අනිවාර්යතා  ටෙක්ට්ස්  පණිවුඩ  යවන ගැවරවියේ යුවතියන් ගේ පාඩම් කටයුතු වඩා සීඝ‍්‍රයෙන් පහළ වැටිමක් පෙන්නුම් කරයි. මෙයට හේතු වශයෙන් පර්යෙෂකයන් දකින්නේ  ගැහැණු ළමයින්  ගේ පණිවුඩවල සමාජ නැඹුරු අන්තර්ගතය, ඔවුන් සිය ශාස්ත‍්‍රාලයීය කාර්යයන්ගෙන් වික්ෂේප කරනවා විය හැකි බවයි.
  • අනිවාර්යතා ටෙක්ට්ස් පණිවුඩ යැවීම පිරිමි ළමුන්ට වඩා ගැහැණු ළමුන්ගේ මානසික සෞඛ්‍යය කෙරෙහි වැඩි බලපෑමක් ඇති කරන බව ද පෙනීගොස් ඇත. මෙය සිදුවන්නේ යුවතියන් බාගදා ඍණාත්මක හැගීම්(negative feelings) ගැන ටෙක්ට්ස්  පණිවුඩ යැවීමට නැමිwoman-waiting-for-text-1024x576යාවක් තිබීමේ මෙන්ම කිතර එම හැගීම් ආවර්ජනය කරමින් පසුවීමේ හේතුවෙන් විය හැකිය

 

 

 

 

 

SCIENTIFIC AMERICAN MIND (March-April 2016) හි පළවූ Text 2

How Boys and Girls Text ලිපිය අැසුෙරනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending