රෝග විනිශ්චය සඳහා යොදා ගන්නා සීටී ස්කෑන් දැන් අපරාධ පරීක්ෂණයටත්
ඊජිප්තුවේ 20 වැනි රජ පෙළපතේ දෙවැනි පාරොවෝ වන III වැනි රමේසස් රාජ කාලය එරට ඉතිහාසයේ ස්ථාවරම පාලන සමයක් නොවීය. මධ්‍යධරණී ප‍්‍රදේශයේ සිට පැමිණි ‘මුහුදු ජනතාව’ (නාවුක කොල්ලකරුවන්) සමග නිරතුරුව පැවති සටන් රාජ්‍ය භාණ්ඩාගාරය හිස් කළේය. අයහපත් කාලගුණය ආහාර සැපයුමට හරස්විය. දේශපාලන අවුල් වියවුල් ඒ දෙකම අභිභවන්නට සමත් විය. කි‍්‍රස්තු පූර්ව 1155 දී III රමේසස් අධිරාජ්‍යයා ඝාතනය සඳහා සාර්ථක කුමන්ත‍්‍රණයක් සිදුකිරීමට මගපෑදුවේ මේ සියල්ලයි. මේ පාරාවේ වෙත අවසානය ළඟා වුණේ කෙසේද යන්න ගැන අලූතෙන් තොරතුරු සැපයීමට රමේසස් ගේ මමියෙහි සීටී ස්කෑන්(CT Scan) සමත් වී තිබේ.
(පරිගණකගත ආක්ෂීය විකිරණරෙඛය හෙවත් අප බෝහෝදෙනාට හුරුපුරුදු ලෙස කීවොත් සීටී ස්කෑන් සිරුරේ තෝරාගත් තලයක විස්තර දැක්වීමේ විකිරණ ක‍්‍රමවේදයකි).
2012 දී ප‍්‍රධාන පෙළේ ඊජිප්තුවේදියෙකු(Egyptologist) ශහී හවාස් සහ කයිරෝ විශ්ව විද්‍යාලයේ විකිරණ විද්‍යාඥ සහාර් සලීම් යන දෙදෙනා එකතුව III රමේසස් මමිය සීටී ස්කෑන් පරීක්ෂණයකට ලක් කළහ. එහිදී අනාවරණය වුණේ පාරාවෝගේ ඝාතකයන් ඔහුගේ අන්තස්‍රෝතය හා ස්වාසනාලය හරහා සිදු කළ කැපුම්වලින් පාරාවෝ එම මොහොතෙහිම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. කෙසේ වෙතත්, මෙම දෙදෙනා විසින් රචිත නම් , Scanning the Pharaohs: CT Imaging of the New Kingdom Royal Mummies ග‍්‍රන්ථයේ සඳහන් හේතු කරන කොටගෙන ඝාතනය වඩා සංකීර්ණ එකක් බවට පත්ව ඇත. ඉන් හැඟවෙන්නේ පාරාවෝගේ මරණය ඝාතකයන් කිහිපදෙනෙකුගේ කි‍්‍රයා නිසා සිදු වූ බවයි. III රමේසස්ගේ පාදයේ මා පටැඟිල්ලක් කපා වෙන්කොට දමා ඇති බවත්, එම තුවාලය සුවවීමට කාලයක් ලැබී නැති හෙයින් ගම්‍යවන පරිදි මාපටැඟිල්ල කපා දමන්න ඇත්තේ ඔහුගේ උගුර දණ්ඩ කපා දැමූ දවසේම බවත් සීටි ස්කෑන් පරීක්ෂණ මගින් හෙළි වෙයි.
‘පාදයයි බෙල්ලයි පිහිටලා තියෙන්නේ එක ළඟ නෙවෙයි. අනික පා ඇඟිලි අස්ථි බිඳී ආකාරයෙන්ද පෙනී යන්නේ වෙනත් ආයුධයකින් මා පටැඟිල්ල සිරුරෙන් කපා වෙන් කර ඇති බවයි’ සලීම් පෙන්වා දෙයි. ‘ඒ කියන්නේ එක ඝාතකයෙක් කඩුවක් / පොරවක් රැගෙන ඉදිරිපසින් පාරාවෝට පහර දෙද්දී තවකෙක් පිහියක් හෝ කිනිස්සක් රැගෙන පිටුපසින් පහරදී ඇති බවයි. කොහොමටත් දෙදෙනාම එකවර පහර එල්ල කර තිබෙනවා’.

මෙම ඝාතන ආයුධ දරා සිටි ඝාතකයන් කිසිදිනෙක හඳුනා නොගැනීමට ඉඩ ඇත්තේ III රමේසස් ඝාතන කුමන්ත‍්‍රණයේ විස්තර Judicial Papyrus of Turin යනුවෙන් නම් කර ඇති පුරාණ ලියැවිල්ලෙහි සඳහන් වේ. පරාවෝ තමන් ඇවෑමෙන් රජකමට සිය අගමෙහෙසියන් අතුරෙන් කෙනෙකුගේ පුතෙකු පත්කිරීමට එරෙහිව අන්තඃපුරයේ වෙනත් ද්විතීයක බිසවක සහ ඇගේ පුතා එක්ව ඝාතනය සැලසුම් කර ඇත. සැලසුම අනුව මෙලෙස III රමේසස් ඝාතනය කෙරුණු අතර ඔහු නම් කළ කුමරා IV රමේසස් පාරාවෝ ලෙස පදවි ප‍්‍රාප්ත වීමෙන් අනතුරුව සිය ජීවිතයට එල්ලවූ නොයෙකුත් තර්ජන සාර්ථකව මැඩ පැවැත්වීමට සමත් විය.කෙසේ වෙතත් III රමේසස් මරණින් මතු ජීවිතයට වාසල කුමන්ත‍්‍රණ රැුගෙන යාම රාජකීය එම්බාම්කරුවන් විසින් හිතාමතාම වළකන ලද බව පර්යේෂණ මගින් හෙළිවේ. රමේසස්ගේ තුවාල සැඟවීමට ඔවුන් දැනුවත් උත්සාහයක් ගෙන ඇත්තේ එහෙයිනි යයි සිතිය හැකිය. ඇතැම් තුවාල සුළු මට්ටමක රූ වඩාන සැත්කම් මගින් වසන් කරන ලද අතර කපා දාමු පා මාපට ඇඟිල්ල වෙනුවට බොරු ඇඟිල්ලක් සිරුරට සවිකිරීමටද ඔවුහු වග බලා ගත්හ. කෘතිම මාපටැඟිල්ල තනා ඇත්තේ ලිනන් රෙදිපටි හා දුම්මල රුක්ලාටු යොදා ගනිමිනි. 19 වැනි සියවසේ දී පර්යේෂකයන් පිරිසක් රෙදි පටි ගැලවීමට තැත් කළද එය සාර්ථක නොවුනේ එතරම් ඝනට රුක්ලාටු යොදා සවිකර තිබූ බැවිනි. සැබෑ තත්ත්වය ඇත්තටම අනාවරණය කරගත හැකිවුණේ සීටි ස්කෑන් පරීක්ෂාව මගින් පමණකි. සිරුර හා පාද වෙලා තිබූ ලිනන් රෙදි පටි ස්තර මත ස්තර විශාල ප‍්‍රමාණයක දුම්මල රුක් ලාටු වත් කිරීමෙන් පුරාණ ඊජිප්තු එම්බාම්කරුවන් උත්සාහ කරන්නට ඇත්තේ මේ අභිරහස වසන් කිරීමට බවයි මගේ විශ්වාසය යනුවෙන් සලීම් වැඩිදුරටත් කියා සිටී. තවද III රමේසස් පාතාල ලෝකයේ අධිපති ඔයිරිස් හමුවීමට යද්දී වඩාත් පුෂ්ටිමත්ව, කඩවසම්ව සිටීමට හැකිවන අයුරු ඝාතනයට ලක්වූ පාරාවෝගේ හමයට එම්බාම්කරුන් විසින් යම් ද්‍රව්‍ය එකතු කර ඇති බවද සීටී ස්කෑන් මගින් හෙළිදරව් වී තිබේ. මෙම ශිල්ප ක‍්‍රමය පාරොවෝ මමී කිහිපයකටම භාවිත කර තිබූ බව සොයා ගැනීමට සමත්ව ඇත.
නවීන තාක්ෂණය, අද පණ පිටින් සිටින ලෙඩුන් ගැන සෙවීමට පමණක් නොව ඉතිහාසය තුළ සදහටම වැළලී යාමට ඉඩ තිබූ අභිරහස් හෙළිකර ගැනීමටද ඉවහල් වූ අවස්ථාවක් ලෙස මෙය දැක්විය හැකිය.
Smithsonian Smart News හි පළවූ CT Scan Shows Pharoah Ramesses III Was Murdered by Multiple Assassins ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න