නිදි මැරීම භාවාත්මක ප‍්‍රතිචාර විශේෂයෙන් ම ධනාත්මක හැඟීම් මොට කරයි
ඔබ විඩාබරිත නම් , ඔබ දකින සෑම දෙයක්ම සෘණාත්මක කාචයක් හරහා පෙරී එන බවක් ඔබට පෙනෙයි. මන්ද නිදි මැරීමේ හේතුවෙන් ඔබ ලොව දෙස බලන ධනාත්මක කාචය බොඳවී ගොස් ඇති හෙයිනි. Journal of Psychosomatic Research (මනෝදෛහික පර්යේෂණ ) නම් සඟරාවේ, පසුගිය වසරේ පළ වූ එකිනෙකට සම්බන්ධ අධ්‍යයන වාර්තා දෙකක් මගින් නිදි මැරීම සහ ප‍්‍රතිචාර ගැන ගැඹුරින් සොයා බලා තිබේ.

මෙම අධ්‍යයන දෙක සඳහා සිසුන් කණ්ඩායම් දෙකක් සම්බන්ධ කරවාගෙන ඇත. අධ්‍යයන මගින් සොයා බලන ලද්දේ ධනාත්මක ඡායාරෑප හා සෘණාත්මක ඡායාරෑප යන දෙවර්ගය සඳහා සිසුන් දක්වන භාවාත්මක ප‍්‍රතිචාරයි. මේ සඳහා රාත‍්‍රී ප‍්‍රවෘත්ති වලට නිතර පෙන්වන ආකාරයේ ඡායාරෑප යොදා ගනු ලැබ ඇත. මෙහිදී සිසුන්ට එක් එක් ඡායාරෑපය බැගින් පෙන්වා, ඒ එක් එක් ඡායාරෑපය පිළිබඳව ඔවුන්ට දැනුණු හැඟීම් වාර්තා කරමින් සමාලෝචනයක යෙදීමට දන්වා ඇත. මේ සඳහා යොදා ගනු ලැබ ඇති පළමු කණ්ඩායම සිසුන් 28 දෙනෙකුගෙන් සමන්විතව තිබී ඇති අතර ඔවුන් පැය 5 ක නින්දකින් පසු රාත‍්‍රීය මුළුල්ලේ නියම කර ගන්නා ලද අවස්ථාවන් හි දී වැඩ මුරයක යෙදෙන ආකාරය පරීක්ෂණයට මුහුණ දී ඇත. දෙවන කණ්ඩායම සිසුන් 31 දෙනෙකුගෙන් සමන්විත විණ. ඔවුන් පැය 24 කට වැඩි කාලයක් නිදි වර්ජිතව සිට ඉහත ආකාරයට ම පරීක්ෂණයට මුහුණ දී ඇත.
පරීක්ෂණයට සහභාගී කරගත් සිසුන් සියළු දෙනාම ඡායාරෑප සඳහා දක්වන ලද භාවාත්මක ප‍්‍රතිචාර බොඳ වීයාම වෙන විදිහකට කීවොත් ඡායාරෑප ගැන උද්‍යෝගය හීනවී යාම රාත‍්‍රීය බෝවීමට සමගාමීව වර්ධනය වන බව පරීක්ෂකයන්ට පෙනී ගියේය. එමෙන්ම ධනාත්මක උත්තේජන පිළිබඳව ඔවුන්ගේ ප‍්‍රතිචාරද වඩාත් ප‍්‍රහීණ විය. ඒ කියන්ෙන් අභිවෘද්ධිය දැක්වෙන ඡායාරෑප සඳහා ඔවුන් රාත‍්‍රීය බෝවීමත් සමග ම යහපත්ප‍්‍රතිචාර දැක්වීමට මැළිකමක් දැක්වීම ඉහළ යන බව පර්යේෂකයින් විසින් සොයා ගන්නා ලදී.

‘‘මිනිස් මොළය ස්වභායෙන් ම සෘණාත්මක අවස්ථා පිළිබඳ ව වැඩි සැලකිල්ලක් දක්වනවා’’ බාගදා ආරක්ෂාකාරී උපක‍්‍රමයක් ලෙසින් ජීවිත තර්ජන අවස්ථා පිළිබඳ ව අප අවධානයෙන් තබනවා විය හැකිය” යි අධ්‍යයනයේ සම කර්තෘ ක්ලෙම්සන් සරසවියේ මානසික විද්‍යාඥ ජූන් ජේ පිල්චර් පවසයි. කෙසේවෙතත් නූතන සමාජය තුළ ජීවිතයට තර්ජන එල්ලවන, තදින් ප‍්‍රතිචාර දැක්විය යුතු අවස්ථා එදිනෙදා ජීවිතයේ විරලය. ඒ වෙනුවට ඉඳුල් පිඟන් ගොඩක් දැකීම වැනි සුළු දේකට පවා අපි අධික ලෙස විඩාබරිතව සිටින අවස්ථාවල අනවශ්‍ය ආකාරයට ආවේගශීලි ප‍්‍රතිචාර දක්වනවා විය හැකියයි පිල්චර් පවසයි.
SCIENTIFIC AMERICAN MIND March-April 2016 කලාපයේ පළවූ Why Sleep Deprivation Makes You Crabby ලිපිය ඇසුරෙන් සකස් කළේ චන්දන තෙන්නකෝන්





ප්‍රතිචාරයක් ලබාදෙන්න