ලිංගික චර්යාව පරිණාමයේ සිඝ‍්‍රතාව වර්ධනය කර ඇතැයි හෙළිවෙයි. මුල්ම ඒක ෙසෙලික ජීවීන් ප‍්‍රජනනය වූයේ විභාජනයෙනි. එහි ප‍්‍රතිපලයක් ලෙස ඇතිවන දුහිතෘ ෙසෙල(daughter cells), ජනක ෙසෙලයට(parent cell) සර්ව සමය. එහෙත්, එකිනෙකට වෙනස් ෙසෙල දෙකක ජාන එක ෙසෙලයකට එක්වීම හෙවත් ප‍්‍රතිසම්භන්ධය(recombination) ජීවය පරිණාමය වන මුල් කාලවලම දක්නට හැකියි. ප‍්‍රාග් න්‍යෂ්ටිකයන්(prokaryotes) ලිංගික කාර්යෙහි(එනම් ජානමය ද‍්‍රව්‍ය හුවමාරුව) සහ ප‍්‍රජනනය(ෙසෙල විභාජනය) යෙදුෙන් විවිධ කාලවලදිය. වර්තමානයේ අද පවා බොහෝ ඒකෙසෙලික ජීවීන් තුළ ලිංගික චර්යාව සහ ප‍්‍රජනනය කාලය විසින් වියෝජනය හෙවත් වෙන් කරනු ලැබ ඇත.

vlcsnap-2016-04-09-07h37m57s358

 

සරල න්‍යෂ්ටික බෙදීම හෙවත් අනූනන විභාජනය(mitosis = දුහිතෘ ෙසෙලයක වර්ණදේහ සංඛ්‍යාව මාපිය ෙසෙලයක වර්ණදේහ සංඛ්‍යාවට සමාන වන සේ ෙසෙල බෙදී යාම)බොහෝ ඒක ෙසෙලික ජීවීන්ගේ ප‍්‍රජනන අවශ්‍යතාවලට ප‍්‍රමාණවත්වූ අතර (වෙනමම සිද්ධියක් වන) ජාන හුවමාරුව  ඔනෑම අවස්ථවක සිදුවිය හැකිවිය. ජාන හුවමාරුව සිදු කළ හැකි වූයේ ජන්මාණු හෙවත් ගැමේටයන් (gametes ) වශයෙන් සඳුන්වනු ලබන විශේෂිත ලිංගික ෙසෙලවට පමණකි. අනතුරුව බහු ෙසෙලික ජීවීන්ගේ ලිංගික පීවිතය වඩාත් සංකීරණත්වයට පත්විය.

grade-9-sexual-reproduction-of-human-1-638 (1)

ඒ හා න්‍යෂ්ටික විභාජනයෙහි සම්පූර්ණයෙන්ම නව ක‍්‍රමයක් වූ ඌනන විභාජනය(meiosis = ජනක ෙසෙලයක වර්ණදේහ සංඛ්‍යාවෙන් අඩ වර්ණදේහ සංඛ්‍යාවක් ඇති දුහිතෘ ෙසෙල ඇති වන සේ ෙසෙල බෙදී යාම) පරිණාමය විය. ලිංගික චර්යාව පරිණාමයේ සිඝ‍්‍රතාව වර්ධනය කිරීමට ෙහ්තු වූෙය් ඇතිකිරීමට හේතුවුයේ අනූනන විභාජනය මගින් තමන්ගේම ෙසෙල ප‍්‍රජනනය සිදුකරන ජීවියෙකුගේ ජනිතයන්ට වඩා, වෙනත් තනි ජීවියෙකු හා ජානමය තොරතුරු හුවමාරු කරගන්නා ජීවියෙකු ජානමය වශයෙන් වඩාත් විචල ්‍ය ය වීම නිසාය. විචල්‍ය සහ වෙනස්වන සුළු පරිසරයක සිටින අන් අයට වඩා මෙකී විචල්‍ය ජනිතයන් සමහරක් නොනැසී පැවතීමට හා ප‍්‍රජනනයට වඩාත් ඉඩකඩ තිබේ. ස්වාභාවික වරණය ක‍්‍රියාත්මකවන්නේ මෙම ජානමය විචලනය උඩයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending