ආකල්ප
ප‍්‍රාථමික පන්තිවල ඉගෙනුම ලබන සිසුනට ස්වාභාව ධර්මය (nature) සහ සංඛ්‍යා ගැන ඇත්තේ ස්වාභාවික පැන නගින උනන්දුවකි. කෙසේ වෙතත් පාසල් අධ්‍යාපනය නිම වන විට ඔවුන් තුළ ගණිතය කෙරෙහි ඇත්තේ බියකි. පාසලෙන් පිටවන දරුවා තුළ විද්‍යාව ගැන ඇත්තේ ඉගෙනීමට අපහසු, කම්මැලි හිතෙන විෂයක්ය යන නොපහන් හැඟීමකි. ඔවුන් විද්‍යාව දකින්නේ ශාස්ත‍්‍රාලීය කි‍්‍රයාකාරිත්වයක් හැටියට පමණකි. එසේ නොමැතිව, තමන් ජීවත්වන ලෝකය පිළිබඳව අවබෝධ කරගැනීමේ මාර්ගයක් ලෙස නොවේ. මේ ‘පිළිකුලෙහි’ ප‍්‍රතිඵල බරපතලය. මන්ද කීවොත්, නොසෑහෙන සිසුන් පිරිසකගේ ජීවිත එක්තරා අන්දමක සීමාකිරීමකට ලක්වන අතර විද්‍යාඥයන්, ගණිතඥයන් සහ ඉංජිනේරුවන් බිහිකිරීමට මග පාදන කුසලතා පොකුණ තිබිය යුතු ප‍්‍රමාණයට වඩා කුඩාවන හෙයිනි.
පාසල් ගැරුවරුන්ගේ කාර්යභාරය
මෙම තත්ත්වය ආපසු හැරවීමට පාසල්වලට තනිවම තම ශක්තියෙන් පමණක් කළ නොහැක්කක් විය හැකිය. එහෙත් එවැන්නක් කළ හැකි යයි යථාර්ථවාදීව කිසියම් බලාපොරොත්තුවක් ඇත්නම් පාසල් පද්ධතිය ඒ සඳහා අත්‍යවශ්‍යය. සිය සිසුවන් තුළ ධනාත්මක ආකල්ප අභිවර්ධනය කිරීමේ ශක්තිය ගුරුවරුන් අත රැඳී පවතී. ගුරුවරුන් විද්‍යාවේ හා ගණිතයෙහි වැදගත්, පහසුවෙන් දැන කියා ගත හැකි එමෙන්ම සිත් අලවනසුළු, උද්‍යෝගජනක මාතෘකාවන් තෝරා ගන්නේ නම්, සුවිශේෂී ලක්ෂණයක් ලෙස සිසුන් අතර සමූහ කි‍්‍රයාකාරකම් හා තරග අභියෝග ප‍්‍රවර්දනය කරන්නේ නම්, යෙදුම් හා භාෂිතයන් කටපාඩම් කර මතක තබා ගැනීමේ ක‍්‍රමය ඉක්මවා යන කාරණා — එනම් ගවේෂණය හා අවබෝධය කෙරෙහි අවධානය යොමු කරන්නේ නම් එමෙන්ම සිය සිසුන් ගවේෂණය කර ඉගෙනීම සිදුකරතැයි බලාපොරොත්තුවන බවත් එලෙස ගවේෂණය කර ඉගෙනීමෙන් සිසුන් ලබන ජයග‍්‍රහන නිසි ඇගැයිමට ලක් කරන බවත් තමන්ගේ සියලූම සිසුනට දක්වන්නේ නම් එවිට ඒ සිසුන් සියලූ දෙනාම පාහේ ඇත්තවශයෙන්ම ඉගෙන ගනු ඇත. තවද, එලෙස සාර්ථකව ඉගෙනීමෙන් සිසුහු සියලූ පාඩම් අතුරෙන් වැදගත්ම පාඩම ඉගෙන ගනිති. එනම්, ඔවුනට එසේ කළ හැකි බව (ඒ කියන්නේ එසේ සාර්ථකව ඉගෙන ගත හැකි බව) ඉගෙන ගැනීමයි.

සමබරව ගත්විට, මානවයන්ගේ පැවැත්මේ ගුණාත්මක භාවය විද්‍යාව. ගණිතය සහ තාක්ෂණවේදය මගින් වැඩිදියුණු කරනු ලැබ ඇත. එමෙන්ම සිසුන් ඒවාට දැනුවත්ව ආධාර අනුබල දෙන්නන් බවට පත් විය යුතුය. එහෙත් විද්‍යාව, ස්වාධීන චින්තනය කෙතරම් නම් උච්ච ස්ථානයක ලා ගරු කරන්නේද යත්, ශිෂ්‍යයින් විද්‍යාවේ අවිචාරවත් අනුගාමිකයන් බවට පත්කෙරෙන අන්දමින් සිසුන් හුදෙක් අධිශික්ෂණයට භාජනය කිරීමට ගුරුවරුන් උත්සාහ නොකළ යුතුය. එහෙත් ඒ වෙනුවට හැදෑරීමේ අවසානයේ සිය සිසුන්, අවිචාරවත් ධනාත්මක බවින් මෙන්ම අවිචාරවත් විරෝධාකල්පයෙන් තොරව විද්‍යාවේ, ගණිතයෙහි සහ තාක්ෂණවේදයෙහි අගය පිළිබඳව සමබර අදහස් දරන්නන් බවට පත්විය යුත්තේය යන ස්ථාවරයෙහි ගුරුවරුන් පිහිටිය යුත්තේය.

විද්‍යාව, ගණිතය සහ තාක්ෂණවේදෙයහි අවේනික හරයන්
ව්‍යාපාර නීතිය හා කලාවන් වැනි මානවයන්ගේ වෙනත් ව්‍යායායන්හි ස්වභාවය හා තීව‍්‍රතාව අතින් පවතිනවාට වඩා වෙනස් සුවිශේෂී හරයන් විද්‍යාව, ගණිතය හා තාක්ෂණවේදය තුළ ගැබ්ව ඇත. විද්‍යාව, ගණිතය හා තාක්ෂණය අවබෝධ කරගැනීමට නම් එම ක්ෂේත‍්‍රවලට පාදක වන හා ඒවාට ගතිලක්ෂණ එකතු කිරීමට සමත් එමෙන්ම මෙම ක්ෂේත‍්‍රයෙහි නිරතව කි‍්‍රයාකරන්නන් විසින් බෙදා හදා ගන්නා හරයන් සමහරක් පිළිබඳ දැනුවත්වීම අත්‍යවශ්‍යය.
AMERICAN ASSOCIATION FOR THE ADVANCEMENT OF SCIENCE, Science for All Americans ග`රන්තයෙහි Chapter 12: HABITS OF MIND ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න