ගැඹුරු හඩක් තමන්ව තිබේ නම් තමන් කියන දෙය තහවුරු කිරීමට, අසා සිටින්නන් පොළඹවා ගැනීමට හැකිවෙතැයි අප බොහෝ දෙනෙකු අදහස් කරනවා, විශ්වාස කරනවා. මේ එක්කම තේරුම් ගන්නා දෙයක් තමයි එවැනි ගැඹුරු කටහඩක් නොමැති නම් තමන් කියන දේ සනාථ කිරීම අපහසු වෙතැයි යන්න. විශේෂයෙන්ම එවැනි ගැඹුරු කටහඩක් නොමැති අය හිතන්නේ මෙහෙමයි.

download (2)

කෙසේවෙතත්. නව අධ්‍යයනයකින් පෙනී යන්නේ අප නොදැනුවත්ම එවැනි අවස්ථවලදී අපේ කටහඩ ගැඹුරු කරන බවයි. මෙය පැහැදිලි කරගැනීමේ දී වාචික නොවන ඉඟි හා සංඥා (non-verbal cues) සිදුවන ආකාරය පර්යේෂකයෝ නිදසුන් වශයෙන් පෙන්නුම් කරති. අප කතාබහ කරමින් සිටින විට නොදැනුවත්ම, අවිඥානකව දෑත් එක්කොට හිස පිටුපස තබා ගැනීම වැනි ඉඟි දැක්විය හැකියි.  ‘‘මෙ අන්දමටම කතා කරන විට අපේ කටහඩ අප නොදැනුවත්ම ගැඹුුරු වෙනවා’’ යයි ඉලිනොඉස් සරසවියේ සමාජ මනෝවිද්‍යාඥවරියක් වන ජෝයි චෙන්ග් පවසනවා. කිසියමි තර්කයක් ගොඩනැගීමේදි එසේ හඩ ගැඹුරු කරන අයට වැඩි වාසියක් හිමිවන බව ඇය ප‍්‍රමුඛ පර්යේෂක පිරිස පෙන්වා දෙනවා. සිය මතය පරීක්ෂාකර බැලීම සඳහා ඔවුන් විසින් සරසවි සිසුන් 191 දෙනෙකු කුඩා කණ්ඩායම් වශයෙන් වාදවිවාද කරනු පටිගත කරනු ලැබුවා. පර්යේෂණය සඳහා යොදා ගනු ලැබුවේ පැරණි මනෝවිද්‍යා ක‍්‍රීඩාවක්. සඳ මතදී විපතක් සිදුවුවහොත් වඩාත් ප‍්‍රයෝජනවත් වන්නේ කුමන උපකරණද යන්න ගැනයි මෙම ක‍්‍රීඩාවේදී සිසුන් වාද කළේ. විවාදයේදී සිය හඩෙහි තාරතාව(pitch) පහළට හෙළූ අයගේ මතය වඩාත් පිළිගැනීමට ලක් වූ බව පර්යේෂකයනට පෙනී ගියා. මෙලෙස හඩ ගැඹුරු කිරීමෙන් අසා සිටින්නන් මත වැඩි බලපෑමක් ඇති කරමින් නායකත්වයට පත්වීමේ ඉඩකඩ වැඩිවන බට පර්යේෂකයන්ගේ නිගමනයයි.

images (7)

ඇත්තටම වැදගත් වන්නේ වාදයකදී මුලින් තමන් සතු හඩෙහි තාරතාව නොවෙයි. වාදය පවත්වාගෙන යද්දී එය වෙනස්කිරීමේ හැකියාවයි. වෙනත් අන්දමකට දක්වන්නේ නම තාරතාව වෙනස් කළ හැකි නම් කුමන කටහඩක් තිබුණත් අන් අය  තම මතයට නම්මා ගැනීමේ අවස්ථාව වැඩි බවයි ඉන් දැක්වෙන්නේ.

 

 

Scientific American හි පළවූ Lower Your Voice Pitch to Persuade ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending