ගර්භනී කාන්තාවන් ආරක්ෂාකාරී ලිංගික උපක‍්‍රම භාවිත කිරීමට හා මදුරුවන් දෂ්ට කිරීමෙන් වැළකී සිටීමට පියවර ගත යුතු යැයි ඇමරිකා එක්සත් ජනපදයේ සෞඛ්‍ය අධිකාරිය වන රෝග පාලනය සඳහා වූ මධ්‍යස්ථානය (U.S. Centers for Disease Control and Prevention ) කියයි.

500394761_16645467_8col

සිකා වෛරසය සහ මයික්‍රොසෙෆලි (microcephaly – හිස අසාමාන්‍ය ලෙස කුඩා වීම) අතර හේතු ඵල කාරක සම්බන්ධතාවක් (temporal relationship) ඇතැයි ඇමරිකා එක්සත් ජනපද රෝග පාලනය කිරීමේ සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය පසුගිය අප‍්‍රියෙල් 6 දා ප‍්‍රකාශයට පත් කළේය. මයික්‍රොසෙෆලි යනු බිළිදුන්ගේ හිස අසාමාන්‍ය අන්දමින් කුඩා වීමට බලපාන ඡන්ම දෝෂයකි. තීරණාත්මක හෙවත් නිශ්චිත අලූත් සාක්ෂි සොයා ගැනීමට  හැකිවී නැතත් මෙතෙක් එක් රැස් කර තිබෙන දත්ත තත්ත්වයන් දෙකට අදාළව ඇගැයීමකින් අනතුරුව ඒ අනුව හේතු කාරක ලෙස යයි දැන්වීමට තරම් ප‍්‍රමාණවත් යයි නිගමනය කළේය.

සිකා වෛරසයෙන් ආසාදිත වන ගර්භණී කාන්තාවන් සහ ඔවුන්ගේ බිළිඳුන් මයික්‍රොසෙෆලි හෝ වෙනත් මොළ අසමානතා (brain abnormalities)  ඇතිව උපත ලැබීමත් අතර ඇතැයි සැක කෙරෙන කාලින සම්බන්ධතාවන්  පිළිබඳව නොසලකා හැරිය නොහැකි සාක්ෂි කෙරෙහි සෞඛ්‍ය ඒජන්සිය ඇඟිල්ල දිගු කරයි. ඒජන්සියේ  පර්යේෂකයෝ,  ආවරණයක් සහිත සති 8 කට වැඩි කාලයක් ඇති කලල භ‍්‍රෑණ  සහ බිළිඳුන්ගේ මොළ පටකවල වෛරසය සොයා ගනු ලැබූ අධ්‍යයනයක් ඇගැයීමට ලක් කරමින් රෝගයෙහි හා වෛරසයෙහි සම්බන්ධතාවෙහි ජීව විද්‍යාත්මක ශක්‍යතාවද තක්සේරු කළහ. ඔවුන්ගේ තීරණයට බලපෑ  තවත් සාධකයක්විය   එනම් සාමාන්‍ය ජනතාව අතර සාපේක්ෂව දුර්ලභ තත්ත්වයන් වන ගර්භාෂයෙහි දී වෛරසයට ගොදුරු වූ කලල භ‍්‍රෑණයන්ගේ හෝ බිලිඳුන් තුළ මයික්‍රොසෙෆලි සහ අනෙකුත් මොළ අසාමානතා ඇති වීමයි.

2016 පෙබරවාරි 1 දා බ‍්‍රසීලයේ ඔස්වොල්ඩෝ කෲස් රෝහලේ වෛද්‍යවරයෙකු හමුවීමට බලාපොරොත්තුවෙන් සිටින මවක වඩා ගෙන සිටින්නේ මයිකොසොෆලි සහිත උපන් බිළිදෙකි.
2016 පෙබරවාරි 1 දා බ‍්‍රසීලයේ ඔස්වොල්ඩෝ කෲස් රෝහලේ වෛද්‍යවරයෙකු හමුවීමට බලාපොරොත්තුවෙන් සිටින මවක වඩා ගෙන සිටින්නේ මයිකොසොෆලි සහිත උපන් බිළිදෙකි.

සිකා වෛරසය සම්පේ‍්‍රෂණය විය හැකි ප‍්‍රදේශවලින් ඈත්ව සිටින්නැයි ඇ.එ.ජ. සෞඛ්‍ය ඒජන්සිය උපදෙස් දෙමින් දැනටමත් ගර්භනී කාන්තාවන්ට නොයෙකුත් සංචාරක අනතුරු හැඟවීම් නිකුත් කර ඇත. එසේ වුවද මදුරුවන් මගින් බෝවෙන සිකා වෛරසය සහ විවිධ ඡන්ම දෝෂ අතර සම්බන්ධය මේ වන තෙක් සැලකුණේ  බලගතු  සාක්ෂියක් ලෙස මිස තීරණාත්මක සාධකයක් ලෙස නොවේ. සම්බන්ධය නිශ්චිතව දක්වමින් ඒජන්සියේ කාර්ය මණ්ඩලය පෙන්වා දෙන්නේ ‘එය පොදු ජන සෞඛ්‍ය නිර්දේශ හොඳින් අවබෝධ කර  ගැනීමට මෙන්ම අනුකූලතාව දැක්වීමට මග පාදනු ඇත’ යනුවෙනි.

zika 0216 fullරෝග පාලනය හා වැළක්වීමේ මධ්‍යස්ථානය අලූතෙන් සෞඛ්‍ය නිර්දේශ නිකුත් නොකරනු ඇත. ඒ වෙනුවට එම ඒජන්සි සිය උපදේශය යළි ප‍්‍රකාශ කර සිටියි.  එනම්, ගර්භනී කාන්තාවන් මදුරුවන්ගේ දෂ්ට කිරීම් වලින් වැළැකී සිටීමට පියවර ගත යුතු බවයි. සිකා වෛරසය ලිංගිකවද බෝවිය හැකි නිසා සිකා ලක්ෂණ පහළ වී මාස හයක් වත් යනතුරු වත් පිරිමි හවුල්කරුවන් කොණ්ඩමයක් භාවිතා කළ යුතුවේ. ලිංගික ආශ‍්‍රයෙන් කාන්තාවන් මගින් සිකා වෛරසය සම්පේ‍්‍රෂණය වීමට හැකි බවට වර්තමානයේ සාක්ෂි නැත.

 

Scientific American හි පළවූ CDC Declares Zika–Microcephaly Link Solid ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending