බැලූ බැල්මට සරල ප‍්‍රශ්නයක් වගේ පෙණෙන මේ ප‍්‍රශ්නයට එක එල්ලේ නිශ්චිත පිළිතුරක් දීමට අපහසු වන්නේ ජලය නැතුව කෙනෙකුට ජීවත් විය හැකි කාලයට බලපාන සාධක ගණනාවක් තිබෙන නිසයි. ඉතා සිමාන්තික අවස්ථාවන් යටතේ — ඒ කියන්නේ වසා තිබෙන, රත්වූ රථයක් තුළ හිරවී සිටින ළමයෙකු ඉතා ඉක්මණින් මිය යනු ඇති. අනෙක් අතට සුව පහසු වාතාවරණයක සිටින වැඩිහිටියෙකුට නම් ජලය නැතුව සතියක් හෝ මදක් වැඩි කාලයක් පැවතිය හැකියි.
සෞඛ්‍ය සම්පන්නව ජීවත්විමට නම් පුද්ගලයෙකු සිය සිරුරේ ජල සංතුලනය රැක ගත යුතුවෙනවා. අපට අපේ සිරුරට ජලය සැපයෙන්නේ අප ගන්නා අාහාර පාන මගිනුයි. ජලය අපේ සිරුරෙන් ඉවත්වන්නේ ප‍්‍රධාන වශයෙන්ම දහඩිය සහ මුත‍්‍රා වශයෙනුයි. අසූචිවලත් මද වශයෙන් ජලය රැඳෙනවා. එහෙමෙ වුණත් සිරුරෙන් ජලය බැහරවන තවත් මගක් අපට නොදැනීම වාගේ තිබෙන බවත් අමතක කළ යුතු නැහැ. ඔව්, අප ප‍්‍රශ්වාස කරන හැම වාරයකදීම අපේ සිරුරෙන් ජලය බැහර වෙනවා.

දහඩිය දෑම තමයි අධික ලෙස රත්වීමෙන් ගැලවී සිටීමට මානවයන් වන අප සතුව තිබෙන ආරක්ෂක යාන්ත‍්‍රණය. ඔව් එකම කායකර්ම යාන්ත‍්‍රණය: ඩා දිය වාෂ්ප වී යාම තමයි අපේ සමෙහි රුධිර වාහානිවල තිබෙන රුධිරය සිසිල් කරන්නේ. එය මුළු සිරුරම සිසිලව තැබිමට උපකාරීවෙයි. එම අහිමිව යන ජලය ඉක්මණින් යළි නොසැපයුණොත් සිරුරේ සම්පූර්ණ තරල පරිමාව ඉක්මණින් පහළ වැටෙන්නට — වඩාත් භයානක තත්ත්වය වන රුධිර පරමාව පහළ වැෙටන්නට හේතුවෙනවා. මේ තත්ත්වය පැන නැගුනහොත් ජීවිතයට තර්ජනයක් විය හැකි ප‍්‍රශ්න දෙකක් ඇතිවෙනවා: සිරුරේ උෂ්ණත්වය තවදුරටත් ඉහළ යන අතර රුධිර පරිමාව පහළ මට්ටමකට පැමිණීම නිසා රුධිර පීඩනයඅඩු වී යයි. බොහෝ දෙනෙකුට එම තත්ත්වයන් යටතේ ජීවිතය පවත්වාගෙන යා නොහැකියි.කුඩා ළමුන්ගේ, සමට සාපේක්ෂව පෘෂඨයේ අනුපතාය වැඩි නිසා, සීඝ‍්‍රව අධික රත්වීමට ලක්විම සහ විජලනයවීමට ළමුන්ට ඇති අවදානම වැඩියි.

එකම පානයක් හැර වෙන විවිධ බොන ජාති පානය කරමින් පුද්ගලයෙකුට ජල සංයුක්තකව හෙවත් සජලව සිටිය හැකියි: එහෙම නම් ඒ නොහැකි පානය කුමක් ද? මත් පැන්! ඒ මද්‍යසාරී පානයන් විජලයනයට මග පාදන හෙයිනි. එය සිදුවන්නේ මෙහෙමයි: එතනෝල් සිරුරේ මුත‍්‍රා පරිමාව ඉහළ දැමීමේ හේතුවෙන් මද්‍යසාරය අඩංගු පාන බීමෙන් සිරුරට අතුල්වන ප‍්‍රමාණයට වඩා වැඩි ප‍්‍රමාණයක් දියර මුත‍්‍රා මගින් පිටවෙනවා.
Scientific American: Ask the Experts හී පළවූ How long can the average person survive without water? ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න