කුසගිනි සෑදී ආහාර නොගෙන සිටින විට කුසයෙන් ගෙරවිලි හඩක් නැගෙන බව අප බොහෝදෙනෙකු කියන කාරණාවක්.  ඇත්තටම එහෙම වෙන්නේ ඇයි? මේ ගෙරවිලි හඩට ආමාශයෙහි බඩෙහිි සහ  ක්ෂුද‍්‍රාන්ත‍්‍රයෙහි කුඩා බඩවැලෙහි මාංශ පේෂිමය ක‍්‍රියාකාරිත්වය තමයි සම්බන්ධ. ආමාශය හා බඩවැල් හිස්ව තිබෙන විට මෙන් නොව, පිරී තිබෙන විට ගෙරවිල හඩ යටපත් වෙනවා. ඒ හන්දයි. කුසගින්න සහ ගෙරවිලි හඩ සමග සම්බන්ධයක් ඇතැයි සිතන්නේ.  එහෙම වුණාට ඇත්තටම ඔ්නෑම අවස්ථාවක එවැනි හඩ නැගෙන්න පුළුවන්, පොදුවේ ගත් කළ, ආමාශයාන්ත‍්‍රික මාර්ගය(the gastrointestinal tract= ආමාශ හා අන්ත‍්‍රවලට අදාළ වූ මග) මුඛයේ සිට ගුදය දක්වා ඇති හිස් නලයක්. එහි බිත්ති මූලිකව සෑදී ඇත්තේ සිනිදු පේශිමය ස්තර වලින්.

images (8)

මෙම පේශිය සැමවිටම කිසියමි දුරකට හෝ ක‍්‍රියාකාරීවේ.  ආහාර, වායු සහ දියර තරල තල්ලු කිරීම පිණිස මෙම බි ති මිරිකෙන විට ගෙරවුම් හඬ ඇසිය හැකියි. ආහාර මාර්ගයේ ද්‍රව්‍ය ඉදිරියට යවන කි‍්‍රයාවලිය ලෙස දැක්වෙන ක‍්‍රමා කුංචනය (peristalsis)මෙම මිරිකීමවලට වරකට අගල් කිහිපයක් බැගින් ගුදය දෙසට ඇදෙන වළල්ලක් සම්බන්ධය. මූලික විදුලි රිද්මය (basic electrical rhythm) ලෙස දැක්වෙන සුමුදු මාංශ පේශීවල විදුලි විභවයෙහි රිද්මයානුකූල උච්චාවචනය ක‍්‍රමා කුංචන තරංග ජනනය කරයි. මූලික විදුලි රිද්මය යනු අතුනු බහන් බිත්තිවල දැකිය හැකි ආන්ත‍්‍රික ස්නායු පද්ධතියේ ආවේනික ක‍්‍රියාකාරිත්වයයි. ස්වයංසාධක ස්නායු පද්ධතිය සහ හෝමෝන සාධකද මෙම රිද්මය අනුකලනය කරයි. උදරය සහ ක්ෂුදාන්ත‍්‍රය පැය දෙකක් පමණ හිස්ව පවතින විට ආන්ත‍්‍රික ස්නායු පද්ධතියේ විදුලි ක‍්‍රියාකාරිත්වයේ තරංගවල ප‍්‍රතීක ජනනය කිරීමක් ඇතිවේ. මෙය කුසගිනි සංකෝවනවලට මුලපුරයි. ඒවා උදරයේ අන්තර්ගතය ඉවත් කර දමද්දී ගෙරවිලි හඩ ඇසේ.

Scientific American: Ask the Experts හී පළවූ Why does your stomach growl when you are hungry? ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending