‘අවංකව වැඩ කිරීම හොඳම පිළිවෙතයි’! යනුවෙන් දෙමාපියන් නිතර ප‍්‍රකාශ කර සිටිති. එහෙත්, තමන්ගේම දරුවන් ගැන සලකතොත් ඔවුන් දරුවන්ගෙන් ඇත්ත වසන් කරන බව නව අධ්‍යයනයකින් හෙළිවෙයි. අද්භූත ජීවීන්ගේ පැවැත්මේ සිට ළමුන්ගේ කි‍්‍රයාකලාපයන් වල (කරන කියන දේවල්වල) ඵලවිපාක ගැන ළමුන්ට කරුණු දැක්වීමේදී ඔවුන්ගේ චර්යාවන් සහ හැසිරීම් හැඩ ගැස්වීමේ අරමුණින් බොහෝ විට දෙමාපියෝ නොයෙකුත් නිර්මාණාත්මක කතා ගොතමින් කියති. ‘සිය මා පිය කටයුතු (හෙවත් වගකීම්) ඉටුකිරීමේදී දෙමාපියන් කොපමණ බහුල ආකාරයකට බොරු කීම සිදුකරන්නේද කිවොත් අප ඒ ගැන පුදුමයට පත්වූණා.’ යයි අධ්‍යයනයේ පර්යේෂකයෙකු වන කැනඩාවේ ටොරොන්ටෝ සරසවියේ කෑංග් ලී කියා සිටියි. ‘අපේ අධ්‍යයනයෙන් පෙනී ගිය දෙයක් තමයි සත්‍යවාදීවීමේ අගය දරුවන් තුළ තදින් කාවැද්දීමට වෙර දරන දෙමාපියන්ම දෙමාපිය කටයුතුවලදී(parenting) එනම් දරුවන් හදා වඩා ගැනීමේදී බොරුකීමට පෙළඹෙන බව.’
කලාතුරකින් අධ්‍යයනයකට ලක්කෙරෙන ප‍්‍රශ්නයක් ඉස්මත්තට ගෙන ආවේ වී නමුත්, ඔවුන්ගේ වෑයම තවම මූලික මට්ටමක පවතින බව ලී සහ සගයෝ පිළිගනිති. දෙමාපියන් බොරුකීමෙහි ප‍්‍රතීයමාන(implications) මොනවාදැයි යන්න ගැන ඹවුනට පැහැදිලි වැටහීමක් නැත. එහෙත්, ලොව තරණය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමට උත්සාහ දරමින් සිටින අවධියක මෙවැනි බේගල් කතා ළමුන්ට සංකීර්ණ, මිශ‍්‍ර පණිවුඩ ලබා දිය හැකි යයි ඔවුහු අදහස් කරති. බොරුකීමෙන් දෙමාපිය-දරු බන්ධනයන්ට ද හානි පැමිණිය හැකි යයි තවත් අධ්‍යයන පර්යේෂකයෙකු වන සෙන් දියගෝ හි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ගේල් හේමන් පවසයි. ඇතැම් පිළිවෙත් ඉගෙනීමෙන් ළමුන් ඈත් කිරීමට ද එය මඟ පෑදිය හැකිය.

‘දරුවා ළවා A, B සහ C යන කාරණා ඉටුකරවා ගැනීම පිණිස අප සෑම විටම දරුවාට බොරු ගොතා කියන්නේ නම්, තමන් A, B සහ C යන කාරණා කල යුත්තේ මන්ද යන්න දරුවා කිසිදිනෙක උගෙන ගන්නේ නැත.’ යනුවෙන් පවසන්නේ මොන්ටි‍්‍රයෙල් හි මැක්ගිල් සරසවියේ වික්ටෝරියා තල්වාර්ය ‘දෙමාපියෝ බොරුකීම නිතර යොදා ගන්නේ නම් ඉන් සිය දරුවාට ඉගෙනීමේ අවස්ථා අහිමි කරති.’ වික්ටෝරියා වත්මන් අධ්‍යයනයට සම්බන්ධ නොවූවෙකි.
දරුවා කෙරෙහි සම්පූර්ණයෙන් සත්‍යවාදී වීමෙන් මදක් ඈත්වී – දරුවා කුරුටු ගා ඇති චිත‍්‍රයක් ලස්සනයි කියා සිටීම ආදී වශයෙන් — සුළු බොරුවක් කීම එතරම් වරදක් නොවන බව එම පර්යේෂකයන්ගේ මතයයි. ‘එහෙත් ඇත්ත වසන් කිරීමේ එවැනි පහසු කි‍්‍රයාමාර්ගයකට නැඹුරුවීමට පෙර මතුවී තිබෙන ගැටලූව ගැන හොඳින් සිතා බලා අනෙකුත් විකල්පයන් ගැන ද සොයාබැලිය යුතු යයි හේමන් ඉල්ලා සිටියි.

දෙමාපියන් බොරුකීම ගැන සොයා බැලීම පිණිස පර්යේෂකයෝ අධ්‍යයන දෙකක් සිදු කළහ. ඒවායේදී දෙමාපියන්ට මෙන්ම ස්වේච්ඡාවෙන් සහභාගිවූ සිසුන් පිරිසකට උපකල්පිත තත්ත්වයන් හා සිද්ධි ගැන ප‍්‍රශ්න නවයකට පිළිතුරු දීමට සිදු විය. දෙමාපියන් දරුවාගේ චර්යාව හැඩ ගැස්වීමට හෝ දරුවා සතුටු කිරීමට බොරු ගොතා තිබේද යන්න සොයා බැලිණ. එක් අධ්‍යයනයක් සඳහා උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන් 130 දෙනෙක් යොදා ගනු ලැබූහ. ඔවුන් කුඩා අවධියේ දී ඔවුන්ගේ දෙමාපියන් මේ අන්දමේ ‘බොරු’ ගොතා තිබේද යන්න එකී අවස්ථා හා සිද්ධි නවය ඇසුරෙන් සොයා බැලිණ. උපකල්පිත ‘බොරු’ වලින් අඩුතරමින් එකකටවත් සිසුන්ගේ 90%ක් ධනාත්මක ඇගැයීමක් ලබා දුන්හ. අනතුරුව පර්යේෂකයෝ දෙමාපියන් 130 දෙනෙකුට(වැඩිපුරම මව්වරුන්) එම කතා බැලීමට සලස්වා ඒ හා සමාන බොරු ගොතා සිය දරුවාට කීවේදැයි ප‍්‍රශ්න කෙරිණ. එහිදී දෙමාපියන්ගෙන් 70%ක් කියා සිටියේ බොරු කීම පිළිගත නොහැකි බව සිය දරුවන්ට උගන්වන බවයි. එසේ වුවද මෙම දෙමාපියන්ගෙන් 80ක් කියා සිටියේ මේ ආකාරයේ එක් බොරුවක් හෝ තමන් සිය දරුවන්ට කියා ඇති බවයි. (නිදසුනක් ලෙස) දරුවා කෑකොස්සන් ගැසීමට හෝ අධිකව කතා කිරීම වැළැක්වීම පිණිස එසේ බොරුකියා ඇත්තේ දරුවා ආචාරශීලීව තබා ගැනීමට හෝ දරුවාගේ පොදු යහපත පතාය. නින්දට නොගියොත් හෝ (දෙමාපියන් කියන) කිසියම් ආහාරක් නොගෙන සිටියොත් හෝ (දරුවනට) නරක දේවල් සිදුවිය හැකි බව බොහෝ දෙමාපියන් කියූ දෙයකි. එක් මවක් තම පුතාට කියා සිටියේ කෑම පත සම්පූර්ණයෙන් නොකෑවොත් මුහුණේ කුරුළුෑ ගෙඩි ඒමට හැකි බවයි. තවත් සමහර මාපියෝ මැජික් සතුන් මැවූහ.
දෙමාපියන් බොරු කීමට පෙළඹෙන්නේ ඇයි? හේතු ගණනාවක් නිසා යයි හේමෑන් කියයි. මේ හේතු තමන්ටම වාසි හෝ සහන සැලසීමේ සිට (ගමනක් යෑමට සැරසී නිවී සැනහිල්ලේ ගෙයින් පිටව යාම සඳහා අඩන දරුවාට බොරුවක් කීම) ඇතැම් අහිතකර දෙයින් දරුවා ආරක්ෂා කිරීම (ප‍්‍රවෘත්ති නරඹද්දී දරුණු මිනීමැරුමක විස්තර වසන් කිරීමට බොරුවක් කීම) දක්වා පුළුල් පරාසයක් ගනී.’ දරුවන් ඇතැම් විට ඔවුන්ගේම දිගු කාලීන යහපතට හානියක් වන ආකාරයෙන් හැසිරෙන්න පුළුවන්. දරුවා යහමඟට ගෙන ඒම පිණිස බොරු කීම ද ඇතුළත්ව දෙමාපියන් විසින් ක‍්‍රමෝපායන් ගණනාවක් යොදා ගන්නා පුළුවනි. එහෙත් එදිනෙදා දවස ගෙවා ගැනීමේදී සත්‍යභාවය පිළිබඳ දරුවන්ගේ විශ්වාසය කෙරෙහි දිගු කාලීනව ඍණාත්මක බලපෑම් සිදුවීම ගැන සිත් යොමු කිරීමට දෙමාපියන් ප‍්‍රමුඛත්වයක් දෙන්නේ නැහැ.’ යනුවෙන් හේමෑන් පෙන්වා දෙයි. ‘මව්පිය දෙදෙනා බොරු කියන එක සාධාරණද කියන එකට වඩා දරුවාට කිව යුත්තේ කුමක්ද යන්න ගැන පැහැදිලි පිළිවෙතක් සකසා ගැනීමයි වැදගත්. බොහෝ විට දෙමාපියන් ඒ වෙලාවේ කටට එන බොරුවක් කියනවා. කියන දේ ගැන තැකීමක් වත් එය දරුවා කෙරෙහි බලපාන ආකාරය ගැන හිතන්නේ වත් නැහැ. සිද්ධියක් ඇති වූ විට තමන්ගේ විශ්වාසය අනුව අවංක භාවය පිළිබඳ පිළිවෙතෙහි පිහිටා දරුවාට කරුණු කීම ඒ මොහොතේ කටට එන දෙයක් කීමට වඩා යෝග්‍යයයි ‘හේමෑන් වැඩිදුරටත් කියා සිටී.
Live Science හී පළවූ Parents Lie to Children Surprisingly Often ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න