මේ දිනවල කවුරු කවුරුත් නිතර කතා බහ කරන්නේ  ජලය හෙවත් වතුර ගැනයි. ගංවතුර, වැසි ජලය, පිටාර ගලන ජලය නිසා ඇතිවී තිබෙන පීඩාව ගැනයි. අවධානය මෙලෙස ස්වාභාවිකව ඇතිවන හා ඒ ආශ‍්‍රිත පීඩා හා ප‍්‍රශ්න වෙත යොමු වෙද්දි අපේ රටේ ද වැසියනට ජලය ලබාදෙන ප‍්‍රජා ජල සැපයුම හරහා ඇති විය හැකි අපදාවක් ගැනයි මේ තතු වාර්තාව.

water-supply

ජනතාවට ජලය සැපයෙන නල ජල පද්ධතිවල ඇතිවන දෝෂ හේතුවෙන් ඇති වන පීඩා ලංකාවේ අපට නම් හුරුපුරුදුයි. නල පද්ධතියේ කාන්දුවිම් හා පුපුරා යාම් නිසා ජල සැපයුම ඇනහිටිම සහ කාන්දුවීමේ ප‍්‍රතිඵල ලෙස සිදුවන ජල නාස්තිය ගැන තමයි මෙම අවස්ථාවල සාමාන්‍යයෙන් අපේ සිත් යොමුවන්නේ. එහෙත් මෙවැනි කාරනා අපේ වගේ රටවලට පමණක් සිමා වන්නේ නැහැ. පසුගිය පෙබරවාරියේ ඇමරිකාවේ මිචිගන්හි ජල නලයක් පුපුරා යාමෙන් දින තුනක් තිස්සේ එහි වැසියනට ජලය උණුකර පානය කිරීමට සිදු වුණා. ඒ ජල කාන්දුව හරහා සිදුවන ජල දුෂණය පිටුදැකිමටයි. ීජසැබඒසෙසජ Scientific American සගරාවේ 2016 මැයි කලාපයේ පළවි ඇති වාර්තාවක් අනුව නම් ප‍්‍රධාන ජල සැපයුමේ මෙවැනි බිඳවැටීම් දැන් දැන් ඒරට පවා එතරම් දුලබ නැහැ. එම වාර්තාවෙන් අවධානය යොමු කර ඇත්තේ ජාතියේ වයස් ගත ජල සැපයුම් පද්ධතිය ආදේශකිරීම හා නවීනරණයකිරීම ගැනයි. මේ සදහා යෝජනාවී ඇති එත් විසදුමක් තමයි මළනොකන පීවීසී නල අළුතෙන්ම එලිම හෝ තිබෙන නල වෙනුවට ඒවා යොදා ගැනීම. මීට අමතරව සමහර ප‍්‍රජාවන් ගෘහ ආශ‍්‍රිත ජලය යළි සංස්කරණයකොට ප‍්‍රයොජනයට ගැනීමේ ක‍්‍රියාදාමයන්ට යෙමුව තිබෙනවා.එමෙන්ම වැසි කුණාටුවලින් පසුව වහලෙන් වීථිවල ජලය යළි ප‍්‍රයෝජනයට ගැනිමත් එහි කොටසක්. මෙවැනි ප‍්‍රවෙශයන් අවශ්‍ය සම්පූර්ණ ජල පරිමාව අඩු කිරීමට බලපෑමෙන් හදිසි පීඩන ඉහළ යාම් අඩුකර නල මත ඇතිවන වුවමනාවට වඩා අධික පීඩනය ලිහිල්කර ගැනීමටද  ඉවහල්වෙනවා. එපමණක් නොවෙයි අවශ්‍ය මුුලු ජල ප‍්‍රමාණයම පොම්ප කිිරීමල නල අළුත්වැඩියාව අතුළු නඩත්තුව සඳහා වැයවන මුදල් අඩුකරගැනීමටද බලපායි.

water line

මෙන්න ඇමරිකාවේ ප‍්‍රධාන ජල සැපයුම් පද්ධතියට අදාළ සංඛ්‍යා කිහිපයක්

ඇමරිකා එක්සත් ජනපදය තූළ  ප‍්‍රධාන ජල නල මුලු දිග: 1,180,000 (සැතපුම්)

එරට වසරක් පාසා ප‍්‍රධාන ජල නල පද්ධතියේ බිඳවැටීම්: 240,000

වයස්ගත ප‍්‍රධාන ජල නල පද්ධතිය ආදේශකිරීමට ඉදිරි වසර 30 තුළ වාර්ෂකවවැයවෙතැයි ගනන් බලා ඇති මුදල: $ 17 බිලියන

මේ වාර්තාවෙහි ප‍්‍රධාන අවධානය ඇ.එ. ජනපදය ගැන වුවත්  අපේ රවේ ප‍්‍රතිපත්ති සම්පාදකයන්ට මෙන්ම ජල පාරිභොජකයන්ට ද වැදගත් යමක් මින් සංනිවේදනය වෙතැයි තතු අපි විශ්වාස කරනවා.

Scientific American  සගරාවෙහි  Mortal Mains  ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending