පැස්බරා වැල්ලේ හිස සගවා ගැනිම ගැන කතා බොහෝ සංස්කෘතීන්වල අසන්නට ලැබෙනවා. ඉහත චිත‍්‍රයෙන් ද පෙනෙන අයුරු පැස්බරා විශාල සතෙක්. හිස කුඩායි. ඉතින් , කුඩා හිස පමණක් සගවා ගෙන විශාල සිරුර එලියේ කාටත් දැකිය හැකි ලෙස ප‍්‍රදර්ශනයවන්නේ නම් එය ඇත්තටම හාස්‍යය දනවන කාරණාවක්ම තමා. මේ ‘විහිළු‘ ක‍්‍රියාව පදනම් කරගෙන දේශපාලඥයන් ද ඇතූළුව සමාජයේ ඇතැමුන් තමන්ගේ වැරදි සගවා ගැනිමට ගන්නා අසාර්ථක උත්සාහය උපහාසයට ලක් කරනු වස් අපේ රටේ ද මේ සාම්ප‍්‍රදායික ප‍්‍රවාදය නැතිනමි මිත්‍යා කතාව කා අතරත් පාහේ ප‍්‍රචලිතයි.

පැස්බරාගේ ක‍්‍රියාව අප ඉහත මිත්‍යා කතාවක් ලෙ ස දැක්වූයේ පැස්බරා කිසිවිටකත් විශේෂයෙන්ම සතුරෙකු අභිමුඛව වැල්ලේ හිස සගවා නොගන්නා නිසයි. ඇත්තවශයෙන්ම තර්ජන අභියෝගයකට මුහුණ පා සිටින විට පැස්බරා බේහෙවින් ආක‍්‍රමණශීලී බවයි විදයාඥයන් පෙන්වාදෙන්නේ. ක්ලයිව් රූට්ස් විසින් රචිත “Flightless Birds” නම් ග‍්‍රන්ථයට අනුව නම් පැස්බරා විලෝපියන්ට ප‍්‍රතිචාර දක්වන්නේ එක්කෝ ප‍්‍රහාර එල්ල කිරීමෙන් නැතිනම් පලායාමෙන්. එසේ නැතුව වැල්ලේ හිස සගවා ගැනීමෙන් නම් නොවේ. ඉතින් පරිණාමීය වශයෙන් එවැන්නක් සිදුවී නොමැති බව අමුතුවෙන් කිව යුතු නැහැනේ?
පැස්බරා සතුව බලගතු පාද යුගලයක් ඇති අතර කපායන අයුරු පාද පහර එල්ල කිරීමෙන් පුද්ගලයන්ට මාරක පහර එල්ල කළ අවස්ථා වාර්තා වී තිබෙනවා. අනෙක් අතට, අනතුරක් හමුවේ පළා යන විට සිය බලගාතු පා උපයෝගී කරගෙන පැයට සැතපුම් 50ක තරම් වේගයක් ජනනය කිරීමට පැස්බරාට පුළුවන්. එමෙන්ම පැයට සැතැපුම් 30ක වේගයක් පැය භාගයක් තිස්සේ රඳවා ගැනීමටද හැකියි.

ඉතින් වැල්ලේ හිස සගවා ගැනීමේ මිත්‍යාවට පාදක වේන්න ඇත්තේ කුඩා හිසක් සහ දිගු ගෙලක් තිබෙන පැස්බරා වැලි ගිලිමට හිස පහළට යොමු කිරීම විය හැකියි. කොහොමවුණත් පැස්බරා තම විශාල සිරුර වසන් කිරීමට කුඩා හිස වැල්ලේ සගවා ගන්නා මෝඩ සතෙකු ලෙස සලකා පැස්බරුන් ආසන්නයට යාම නම් මිනිසුන් වහයෙන් සිදු කරන මෝඩ ඇතැම් විට අනතුරු දායක ක‍්‍රියාවක් ලෙස සැලනිය හැකියි. (ඔව්, තමන්ගේ ලොකු වැරදි වසන් කිරීමට පැස්බර වෘතය අනුගමනය කිරීමත් ඒ හා සමාන මෝඩ වැඩක් වෙන්න පුළුවන් තමයි.)
Science questions with Surprising Answers වෙබ් අඩවියේ පළවූ How did evolution ever lead ostriches to hide their head in the sand when an enemy approaches? ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න