සංසේචනය නොවූ බිජු (unfertilized eggs) අපමණ සංඛ්‍යාවක් ලන කිකිළියන් ස්වාභාවික පරිණාමය මගින් නිර්මාණය වී නොමැති බව ප‍්‍රථමයෙන්ම කිව මනාය. ඇත්තටම එවැනි කිකිළියන් නිර්මාණය කරනු ලැබ ඇත්තේ මානවයන්ගේ මෑනවීමෙනි. මෙම මානව කි‍්‍රයාදාමය හෙවත් මැදිමත්වීම නම් කිහිපයකින්ම හැඳින්විය හැකිය. ‘මානවයන් ඇති කළ පරිණාමය’ (human-caused evolution) කෘතිම වරණය (artificial selection) හෝ වරණීය බෝකිරීම (selective breeding) එම නම්ය. උචිතෝන්නිය (survival of the fittest) යනුවෙන් දැක්වෙන පරිණාමීය හෝ ජානමය ගතිලක්ෂණ උරුමවීම යන පරිණාමීය සිද්ධාන්ත තවමත් කෘතිය වරණයට වලංගු වේ. එහෙත් උචිතමයා කවුද යන්න තීරණය කරන කි‍්‍රයාකාරකයා (ඒජන්තයා) මානවයෙකු මිස ස්වාභාවික පාරිසරික බලපෑම නොවේ.

වරණීය බෝ කිරීමේදී ඊළඟ පරම්පරාවේ දෙමාපියන් බවට පත්කිරීම සඳහා කිසියම් විශේෂයක යෝග්‍ය ගතිලක්ෂණ සහිත සාමාජිකයන් පමණක් තෝරා ගනු ලබන්නේ මානවයන් විසිනි. වරණීය බෝකිරීමට ලක්වූ පරම්පරා ගණනාවකට පසුව ජීවීන්ට වැඩි වැඩියෙන් අභිලාෂිත ගතිලක්ෂණ පිහිටයි. මෙසේ අභිලාෂිත ගති ලක්ෂණ ඇතිවීම පිණිස මිනිසුන් එම ජීවීන් පුහුණු කරනවා හෝ ඉගෙනුමට පාත‍්‍ර කරනවා නොවේ. ඇත්තටම, ඊළඟ පරම්පරාවට නව ගති ලක්ෂණ (නව ගති ලක්ෂණ යනු ආකෘතික වශයෙන් ගතහොත් එක් තනි පරම්පරාවක් තුළ ඉතා සුළු වශයෙන් දැක්වෙන වෙනස්කම්ය) ඇති කරවන්නේ ජානමය විකෘතීන් හේතුවෙනි. විකෘතීන් නිසා ඇතිවන ගති ලක්ෂණ බොහොමයක් අභිලාෂිත වන්නේ හෝ අදාළ වන්නේ නැත. එහෙත් අභිමත ගතිලක්ෂණ සහිත ජීවීන් තෝරාගනු ලබන අතර ඊළඟ පරපුර නිර්මාණය කරනු පිණිස යොදා ගනු ලැබේ.
ජානමය වශයෙන් විකරණය කළ (modified) ආහාර ගැන පවසන විට ඓන්ද්‍රීය අහාරම අනුදක්නා අයට නම් සිතට නැෙඟන්නේ ‘අස්වාභාවික’ ‘සෞඛ්‍යයට අහිතකර’ සහ ධුලක (වස විස සහිත) යන වදන් විය හැකියි. එහෙත් ඇත්ත කතාව නම් අපගේ ගොවිකමින් ලබාගන්නා ආහාර සියල්ලම වසර දහස් ගණනක් මුළුල්ලේ වරණීය බෝ කිරීමෙන් ජනමය වශයෙන් වෙනස් කර ඇති ආහාරවීමයි. මිනිසුන්ගේ පරිභෝජනය සඳහා ආහාර ජානමය වශයෙන් ප‍්‍රශස්ත තත්ත්වයට ගෙන ඒම සඳහා නූතන ජෛවීතාක්ෂණ පර්යේෂණාගාරයක් අවශ්‍ය වන්නේ නැත. ඉදිරි පරම්පරාව සඳහා මූලාකෘතියක් හෝ ආදිමයෙකු වශයෙන් අවශ්‍ය වන්නේ ගොවියෙකු වඩා මිහිරිතම ඇපල් ගෙඩියක බීජ තේරීම නැතහොත් වැඩියෙන්ම බිත්තර දමනා කිකිළිය තේරීම පමණකි.


අපට එකවර සිහියට නඟාගැනීමට අසීරු වුවත් මිනිසුන් කෘෂිකර්මාන්තය ආරම්භ වූ දා පටන් වරණීය බෝකිරීම මගින් ජානමය නවීකරණයෙහි යෙදෙන ජානමය ජීව ඉංජිනේරුවෝය. වසර සිය දහස් තුළ පරම්පරා ගණනාවක් අවෑමෙන් ගෘහාශි‍්‍රතකරණයට ලක් කළ කිකිළියන් වසරින් වසර වැඩියෙන් බිත්තර දමන්නේ මේ ගති ලක්ෂණ මිනිසුන් විසින් වරණය කරනු ලැබීමේ හේතුවෙනි. අද අප ආහාරයට ගන්නා ගොවිතැනින් උපන් ආහාර — තිරිඟු වේවා සහල් වේවා, ගව මස් වේවා කිරි වේවා — මේ ආහාර ඒවායේ ආදි කල්පිත වනගත පූර්ව ගාමිකයන්ට වඩා පෝෂණයෙන් වඩාත් සරු රසයෙන් වඩාත් සපිරි සහ බහුල බවින් වඩාත් වැඩි වීමට හේතුව මිනිසා වරණීය බෝකිරීම මගින් සිදු කළ මැදිහත්වීමයි.
බාගදා මෙම ලිපියෙන් මාතෘකාව හැටියට යොදා ඇති ප‍්‍රශ්නයට පසුව කෙනෙකුගේ සිතට මෙලෙස ප‍්‍රශ්නයක් ආ හැකිය : ‘කොහොමට හෝ කිකිළියන් අසංසේචිත බිජු ලන්නේ ඇයි?’ මීට හේතුව බිත්තර වැඩිපුරම වර්ධනය වන්නේ සංසේචනය වීමට පෙරාතුව වීමයි. තම බිත්තර සංසේචනය වේද නැද්ද යන්න කිකිළියට කලින් සිතා ගත නොහැක. එහෙයින් සංසේචනය වේය යන අදහස පෙරදැරි කරගෙන කිකිළියට බිත්තර වර්ධනය කිරීමට සිදුවේ. වනවාසීව ගතවෙද්දී මෙය යස අගේට සිදුවේ. ඊට හේතුව කුකුළු කිකිළියන් වනගතව වාසය කරන අවධිවල දී සම්භෝගය බහුලවීමයි. එහෙයින් බිත්තර බොහොමයක් සංසේචනය වේ.
Science Questions with Surprising Answers හී පළවූ Why did evolution create a chicken that lays so many unfertilized eggs when that is so wasteful? ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න