සීතල හේතු කොට ගෙන සෙම්ප‍්‍රතිශ්‍යාව සෑදෙතැයි යන්න අපේ සමාජයේ බොහෝ දෙනා අතර සුලබව පවතින මතයක්. එහෙත් සීතල හා වයිරස ආසාදනයක්වන සෙම්ප‍්‍රතිශ්‍යාව අතර එවැනි හේතුඵල සම්බන්ධතාවක් නැති බවයි විද්‍යාඥයන්ගේ මතය. මෙ වැරදි මතය තහවුරු විමට සාධක ගණනාවක් බලපානවා.

අපි දන්නවා සෙම්ප‍්‍රතිශ්‍යාව බෝ කරවන වෛරස ගණනාවක්ම තිබෙන බව. මේ වෛරස සීත කාලයේදි වඩාත්ම සීඝ‍්‍රයෙන් පැතිරෙනවා. ඊට හේතුව සීතල නිසා ජනතාව වැඩි වේලාවක් නිවෙස් (හෝ ගොඩනැගිලි) තුළට වී එකිනෙකා ආසන්නයේ ගතකිරීම නිසා එක් අයෙකුගෙන් තවකෙනෙකුට  වෛරස බෝවීමේ හැකියාව වැඩියි. ඉතින් සීත සමයේ සෙම්ප‍්‍රතිශ්‍යාව බෝවිම වැඩි විය හැකි තමයි. ඒත් සෙම්ප‍්‍රතිශ්‍යාවට හේතුව සිතල නොවෙයි.

images (11)

සීතල කාලවලදී දොර ජනෙල් වසා තැබීම අප පුරුද්දක් කර ගෙන තිබෙනවා. එවිට පිරිසිදු වාතයට නිවස තුළට ඇතුල්විමට නොහකිවීම නිසා නිවස තුළ වාතයේ සාන්ද‍්‍ර ගතවී ඇති වෛරස සාන්ද‍්‍ර ගතවීම අඩුවීමක් සිදුවන්න අපහසුයි. එ නිසා වෛරස බෝවීමේ හැකියාව වැඩියි.

 

සීත ඍතුවේ  පවතින සීතල, වියළි සුළග හේතුවෙන් නාසයේ ශ්ලේෂ්මල පටලය(mucous membrane) ඉදිමීමට ඉඩ තිබෙනවා. එවිට අප බොහෝ දෙනා සෙම්ප‍්‍රතිශ්‍යාවේ ලක්ෂණයක් ලෙස හදුනාගන්නා ‘නාසයෙන් සොටුදියර‘ගැලීම (runny nose) ඇතිවෙනවා. එම නිසා සීතල නිසා සෙම්ප‍්‍රතිශ්‍යාව බෝවීමේ හේතුවෙන් මේ රෝග ලක්ෂණය පහළ වූ යේ යයි සිතීමට අප පෙළෙඔනවා.

Sick child wiping his noseමේ අනුව, සීතල නිසා සෙම්ප‍්‍රතිශ්‍යාව සෑදෙනවාද? කියලා ඇසුවොත් අපට කියන්න තියෙන්නේ උත්තරය අනෙක් පැත්තට හරවන්න කියලයි. ඒ කියන්නේ, සීතල යනු බොහෝවිට උණක මුල් රෝග ලක්ෂණයයි. උණ යනු සෙම්ප‍්‍රතිශ්‍යාව බෝ කළ වෛරසය නිසා හට ගත්තක්. උණ මගින් සීතල ඇති කරනවා. ඒ මිස සීතල සෙම්ප‍්‍රතිශ්‍යාවට හේතු පාදක වූවා නොව එම වෛරසයේ ප‍්‍රතිඵලයක් ලෙසයි දක්වන්න පුලුවන් වන්නේ.

 

New Scientist මගින් පළ කරනු ලබන  Why Don’t Penguins’ Feet Freeze?: And 114 Other Questions හී  අංක 2 Feeling OK? ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending