වඳව ඇති උරග වර්ගයේ සත්ත්ව විශේෂයක්වන ඩයිනසෝරයන් ගැන ලොකු කුඩා අප හැමදෙනාටම ඇත්තේ ඉමහත් උනන්දුවක්. ඔවුන් ගැන සඳහන් ශාස්ත‍්‍රීය ලිපිලේඛන මහා ගොන්නට අමතරව කතා පොත්. කාටූන, වීඩියෝ හා චිත‍්‍රපට, රූපවාහිණී වැඩසටහන්, සෙල්ලම් බඩු හා පිරවූ බොනික්කන් ආදි වශයෙන් විවිධ ස්වරූපයෙන් නිවෙස් වලදී, කඩසාප්පුවලදී ඩයිනසෝරයන් අපට නිතර මුන ගැසෙනවා. මෙයට වසර මිලියන ගණනකට පෙර මීසෝසොයික යුගය නම් භූ යුගයේ ජීවත් වු සත්ත්ව විශේෂයක් වුවත් ඔවුන් අපට කොපමණ නම් ‘හුරු‘ ද කීවොත් කුඩා දරුවනට පමණක් නොව වැඩිහිටි අපට පවා ‘දැනෙන්නේ‘ ‘හිතෙන්නේ‘ මෑතක් වනතුරුම ජීවත්වු සතුන් හැටියටයි. අති දැවැන්ත, මහා භයානක සත්ව වීශේෂයක් වුවත් අපට ඔවුන් ගැන ඇත්තේ සුහද හැගිමක්. විද්‍යාව දියුණු වී ඇති මෙවන් අවධියක ඇත්තටම ඩයිනසෝරයෙකු ක්ලෝන කිරිමට අපට නොහැකිද?

අවසානයට ඇසූ ප‍්‍රශ්නයට මෙන්ම මාතෘකාවෙන් අසා ඇති ප‍්‍රශ්නයට පිළිතුරු වශයෙන් විශේෂඥයන් නම කියා සිටින්නේ ඩයිනසෝරයන් පමණක් නොව නෂ්ටප‍්‍රාප්තව දිගු කාලයක් ගතවූ සතුන්ගේ DNA යළිගොඩනැගීමේ හැකියාවක් තව බොහෝ, බොහෝ, බොහෝ කාලයකට අපට ඇති නොවන බවයි. ඇත්තටම ඔවුන් සිතන අන්දමට නෂ්ටප‍්‍රාප්තව දිගු කාලයක් ගතවූ සතුන්ගේ DNA උත්ථානය කිරිම කිසිදා කල නොහැක්කක්. නෂ්ටප‍්‍රාප්ත සතුන් ගැන සලකතොත් DNA වසර දහස් ගණනකට වඩා සැබවින්ම පැවකිය හැකිද යන්න පැහැදිලි නැහැ. නෂ්ටප‍්‍රාප්ත විශේෂයකින් ප‍්‍රකෘති තත්ත්වයට ආපසු ගෙන ඒමට හැකි බව සැක රහිතව. විවාද රහිතව මෙතෙක් පෙන්වීමට කිසිවෙකුටවත් හැකිවී නැහැ.

මාතෘකාවෙන් අසා ඇති ප‍්‍රශ්නය අසන්නට අප පොළඹවන්නේ DNA තාක්ෂණය සම්බන්ධයෙන් මෙතෙක් මානවයන් ලබා ඇති ප‍්‍රගතියයි. එහෙත්, ක්ලෝනකරණය මෙතෙක් ලබා ඇති ඉදිරි ගමනක් වෙතොත් ඒ ෙසෙලීය මට්ටමෙහි මිස DNA පටයක මට්ටමෙහිදි (level of a strand of DNA) නොවෙයි. එමෙන්ම කිසිම නෂ්ටප‍්‍රාප්ත සතෙකුගේ ජීවි ෙසෙලයක් මේ වනතුරු අපට ලැබි නැහැ. එලෙස ෙසෙල නොමැතිව මෙතෙක් බැටළුවන් සම්බන්ධ ක්ලෝනකිරීම හා සමාන ක්ලෝනකිරීමක් කළ නොහැකිය. ඉතින් අද්‍යතන DNA ලබාගැනීමේ හැකියාවකුත් නැතිනම් ජීව DNA ක්ලෝන කර ගැනීමටත් නොහැකි නම් ඩයිනසෝර ක්ලෝන කිරීමේ දිනයක් ගැන අඩුතරමින් පුරෝකතනයක්වත් කරන්නට නොහැකියි. තවද, කාර්යය සර්ථක කර ගැනිමට නම් අද්‍යතන DNA ලබාගැනීමේ හැකියාව ලැබුනත්, DNA ක්ලෝන කර ගැනීම අප දනිතත් නිශ්චිත කලල තත්ත්වයන් නිර්මාණය කිරීමේ (creating the exact embryonic conditions )බාධකයද අප ජය ගත යුතුවෙනවා.
Scientific American’s ASK THE EXPERTS පළ කර තිබූ How close are we to being able to clone a dinosaur? නම් ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න