පෘථිවිය සූර්යයා වටා කක්ෂ ගතව යන ගමනේදී පෘථක්කරණය වූ හෙවත් සිඳී බිඳී ගිය ධූම කේතු සුන්බුන් හරහා යන විට උල්කා වර්ෂා ඇතිවේ. සූර්යයා වටා යන පෘථිවියේ කක්ෂය බොහෝ දුරට වෘත්තාකාර වුවද බොහෝ ධූම කේතු ගමන් කරන්නේ දික්ගැස්සුණු ඉලිප්සීය කක්ෂයකය. මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් සමහර ධූම කේතු කක්ෂ පෘථිවියේ ගමන් මග හරහට වැටේ නැතිනම් අඩ වශයෙන් එකක් මත එකක් වැටේ (අතිච්ඡාදනය වෙයි = overlap).
ධූමකේතුවක න්‍යෂ්ටිය සෑදී ඇත්තේ අයිස්මය ද‍්‍රව්‍යවලින් සහ ලිහිල්ව බැඳුණු ‘කසළ’ වලිනි. මේ කාරණාව නිසා, ධූමකේතුවක් සූර්යයා ආසන්නයෙන් පසුකර යනවිට බොහෝ දුරට වේ. එසි ප‍්‍රථිපලයක් ලෙස පැහැදිලිව දැකිය හැකි ‘වලිගයක්‘ නිර්මණය වේ. ධූමකේතුවලට වග්ගා තරු කියන්නේ ඒ නිසා විය හැකියි. වැඩිකොටම වැලිකැට ප‍්‍රමාණයේ අංශුවලින් සමන්විතවන මෙම පාෂාණමය සුන්බුන් ඒවායේ මව් ධූමකේතුවටආසන්නයේ දිගෑදුනු කක්ෂයක අඛණ්ඩව ගමන් කරයි. සූර්යයා වටා යන සිය වාර්ෂික ගමනේදී පෘථිවිය මෙම කක්ෂය ෙඡ්දනය වන විට හෙවත් හරහට වැටෙන විට මේ සුන්බුන් හා ගැටීමට පුළුවන් අතර ඒවා පෘථිවි වායුගෝලයට ඇතුල් වෙත්ම දැවී යන්නේ ඇසට පෙනෙන උල්කා වර්ෂාවක් සමගිනි.
කිසියම් ධූමකේතුවක කක්ෂයන්ට සම්බන්ධ කොට සළකන උල්කා වර්ෂා සෑම වසරකම එකම කාලයක වාගේ තමයි ඇතිවෙන්නේ. ඒ පෘථිවි කක්ෂයේ එම ස්ථානවල දී ඝට්ටන සිදුවන නිසාවෙනි. කෙසේවෙතත්, ධූමකේතුවේ සමහර කොටස් සුන්බුන්වලින් වඩාත් පොහොසත් නිසා උල්කා වර්ෂාවක ප‍්‍රබලත්වය වසරින් වසරට වෙනස් වෙයි. උල්කා වර්ෂාවක් වඩාත්ම ප‍්‍රබල මව් ධූමකේතුව පසුකර ගොස් සුළුවෙලාවකින් එම ධූමකේතුවේ ගමන් මග හරහා පෘථිවිය යන විටයි.
උල්කාෂ්මයක් ගැටී ගුවන් සේවා මගී ගුවන් යානා පුපුරා යා හැකිද?

ඇත්තටම වෙන්න පුළුවන්. ඒත් සම්-භාවිතාව හෙවත් එය සිදුවීමට ඇති හැකියාව නම් අඩුයි. ඇමරිකා එක්සත් ජනපදයේ ගුවන් සේවා මගී ගුවන් යානා වර්ග ඵලය එරට මෝටර් රථ වර්ග ඵලය හා සැසඳීමෙන් දළ ඇස්තමේන්තුවක් සිදු කළ හැකිය.
සාමාන්‍යයෙන් කාරයක වර්ග ඵලය වර්ග මීටර 10ක්. එ රට කාර් ප‍්‍රමාණය දළ වශයෙන් මිලියන 100 ක් පමනවේ. එවිට මුළු වර්ග ඵලය වර්ග කිලෝමීටර 1,000 ක් පමණවේ. ගුවන් සේවා යානා වලින් ආවරණය වන ප‍්‍රමාණය වර්ග කිලෝමීටර 10කට වැඩි නොවේ. පසුගිය ශත වර්ෂයටම උල්කාෂ්ම ගැටී ඇත්තේ කාර් තුනක පමණක් බව යි වාර්තවෙන්නේ. ඒ අනුව සම්-භාවිතාව අඩුයි, ඒත් සිදු විය නොහැක්කක් නොවෙයි.
අනික් කාරණාව මේකයි: උල්කාෂ්මයක් ගුවන් යානයක ගැටෙනවා නම් එසේ වීමට වැඩි සම්-භාවිතාවක් ඇත්තේ අහසේ දී නොව බිම තිබියදියි. මන්ද, ගුවන් යානා වැඩි කලක් ගතකරන්නේ අහසේ නොවන නිසයි.
Scientific American’s ASK THE EXPERT හී What causes a meteor shower? සහ Is it possible that a meteorite could strike a commercial airliner and cause it to explode? යන ලිපි ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න