කිසිම ඩයිනසෝරයෙකුට විෂ සහිත කෙළ තිබූ බවට ඒකාන්ත සාක්ෂි නැතුවා වගේම ජුරාසික් පාක් චිත‍්‍රපටයේ දැක්වෙන විෂ විදින ඩයිනසෝරයා මැවීම පදනම් වී ඇත්තේ සැබෑ සාක්ෂි මත නොවෙයි. කෙසේ වෙතත්, සෝල්ටිලෝහී කාන්තාරයේ කෞතුකාගාරයේ මැක්සිකානු පුරා තත්ව විද්‍යාඥ(Mexican paleontologist) රුබෙන්  ඒ රොඩිරිගෝස් ඩි ලා රෝසා හඳුනානොගත් මාංශභක්ෂක ඩයිනසෝරයෙකුට අයත් එක් තනි දතක් සොයාගෙන තියෙනවා.  සර්පයන් විෂ විදිමට උපයෝගී කරගන්නාවූ තව්ව සිහිගන්වන තව්වක් එම දතෙහි දැකිය හැකිවුණා. මම ම ගිහින් ඒ දත පරක්ෂා කරලා තියෙනවා. ඒත් එය, කාරණාව තහවුරු කරන සාක්ෂියක් කියලා නමි මට තාම ඒත්තු ගිහින් නැහැ. මෙම උපන්‍යාසය හෙවත් කල්පිතය නිසියාකාරව ඇගැයරැුිමට නම් තවත් නිදර්ශන අවශයවෙනවා.

download (2)එහෙම කිව්වා වුණත් අද සිටින විශාලතම උරග විලෝපියා වන (ඉන්දුනීසියානු දූපත්වල වෙසෙන අඩි 10ක් දිගැති) “කොමඩෝ මකරා” (Komodo dragon)  නම් උරගයාගේ ඛේටයෙහි හෙවත් කෙළවල ගෙදුර විසගැන්වීම පිණිස මාරක බැක්ටීරියා තොගයක් තිබෙන බව කියන්න ඔීනෑ. ඇතැම් මාංශ භක්ෂක ඩයිනසෝරයන්  ගොදුර හපමින් දෂ්ට කරමින් මේ හා සමාන සහ අප‍්‍රසන්න  චර්යාවන් පෙන්නුම් කරන බව ඇතැමුන් කියා සිටිනවා.

 

ශාක භක්ෂක ඩයිනසෝර වර්ගයක් වන දැවැන්ත සෝරපොඩ්, බ්රැකියසෝරස්, ඇපටසෝරස් චැනි තමුන්ට ඩඩා විශාල ගොදුරු අහර ගැනීමට පොරවදිද්දී ඇලෝසෝරස් වැනි  ජුරාසික අවධියේ (කුරුල්ලන් බිහිවූ මෙසොසොයික යුගයේ දෙවන අදියර — කි‍්‍ර. පූ. ව. මිලියන 208 සිට 146 අතර යුගය) විලෝපියන්ට මෙම චර්යාවන් විශේෂයෙන්ම ප‍්‍රයෝජනවත් උපාය මාර්ගයක් වෙන්නට ඇති. එසේ වුවද, මේ මත සියල්ල තවම ඇත්තේ අනුමාන මට්ටමෙන් බව කිව යුතුයි.

Scientific American’s Ask the Experts හි පළවු Did any dinosaurs have poisonous saliva, as in Jurassic Park? හි යන ප‍්‍රශ්නයට පිළිතුරු සැපයූයේ Scott D. Sampson, Curator of Vertebrate Paleontology, Utah Museum of Natural History, and Assistant Professor of Geology and Geophysics, University of Utah, Salt Lake City.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending