සිය ජීවිත කාලය තුළ ඇමරිකා එක්සත් ජනපදයේ සෑම පුද්ගලයන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු සමේ පිළිකාව වැළඳී ඇති ලෙස රෝග නිර්ණය කෙරේ. එරට සෑම වසරක් පාසාම අළුතෙන් සමේ පිළිකා හඳුනා ගනු ලබන අතර ඉන් අවස්ථා 40,000 ක් පමණම මෙලනෝමා ලෙස හඳුනා ගනී: මෙලනෝමාව යනු මෙලනින් නිපදවන ෙසෙල වල ඇතිවන පිළිකාවකි. වාර්ෂිකව පුද්ගලයන් 10,000 ක් පමණ සමේ පිළිකාවෙන් නසිති. මෙයින් 7,000 කට වැඩිදෙනා මෙලනෝමා රෝගීන් ය. පාරජම්බුල කිරණවලට (Ultraviolet light හෙවත් බෝහෝ තැන්වල සඳහන් වන අන්දමට UV) නිරාවරණය අඩුකර ගැනීමෙන් මෙම පිළිකා බොහොමයක් වළක්වා ගත හැකියි.

පාරජම්බුල කිරණවලට පුද්ගලයන් වැඩිකොටම නිරාවරණය වන්නේ සූර්යාගෙන් එන කිරණවලිනි. සූර්යයාගේ අලෝක කිරණ විවිධ කලාප ගණනාවකින් සමන්විතය. UVA, UVB සහ UVC කිරණ ද ඊට ඇතුළත්ය. පෘථිවිය මතුපිටට පැමිණෙන පාරජම්බුල අලෝකයෙන් බහුතරය සමන්විත වන්නේ UVA වලිනි. UVA සම මත ඇති කරන්නේ සුළු බලපෑමක් වුවත් ඇතැම් ඔසු හෝ ලියුපසය (Lupus දද වැනි සමේ රෝග) වැනි රෝග හා සම්බන්ධ ප‍්‍රකාශ ධූලක (phototoxic) හෝ ප‍්‍රකාශ අසාත්මික (photoallergic) ප‍්‍රතිචාර මුදා හැරීමට එය මුල්විය හැකිය. UVB සමන්විත වන්නේ පෘථිවිය මතුපිටට පැමිණෙන පාරජම්බුල ආලෝකයෙන් සියයට 10 ක් පමණකි. එහෙත් එය, අව් තැපීම මෙන්ම ආශ‍්‍රිත සමේ හානිය ඇති කරලීමේ දී UVA වලට වඩා 1,000 වාරයක් වඩා කාර්යක්ෂමය. UVB සමේ පිළිකා අවදානම වැඩි කිරීම ඇතුළුව පිළිස්සුම් හා සමේ හානිය ඇති කරවයි. විෂබීජ නාශක පහන්වල (germicidal lamps) යොදා ගනු ලබන UVC මගින් නම් හානියක් සිදු නොවෙන තරම්ය. ඊට හේතුව එය හම පසාරු කිරීමේ මට්ටම අඩුවෙන් පැවතීමයි.

වායුගෝලය, විශේෂයෙන් ම ඕසෝන් ස්තරය පාරජම්බුල කිරණ පෙරන අතර හිමිදිරියේ සහ ගොම්මනේ වඩාත් කාර්යක්ෂමව එය ඉටු කරයි. පාරජම්බුල කිරණ විනිවිදීම වඩාත් දරුණු පෙරවරු 10.00 සිට පස්වරු 4.00 දක්වා කාලය තුළය. UVB තීව‍්‍රතාව, සෑම අඩි දහසකම ආරෝහණයේ දී සියයට 3 කින් වැඩිවන අතර ආලෝකය පරාවර්තනය වන්නා සේම බොහෝ වස්තුවලින් විවිධ අන්දමට පරාවර්තනය වේ. වැලි වලින් 1/3 ක් UVB පරාවර්තනය කළ හැකි අතර හිම, අයිස් සහ ජලය මගින් 100% ක්ම UVB පරාවර්තනය වේ. උත්ප‍්‍රාසය වන්නේ, ජල වාෂ්ප මගින් UVB අවශෝෂණය කර ගැනීම හෝ පරාවර්තනය කිරීම එතරම් සිදු නොවීමයි. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස වළාකුලින් බර දින UVB වලින් එතරම් ආරක්ෂාවක් සැපයීමට නොහැකි වෙයි.

UVB කෘතිමව නිපදවන මූලික ප‍්‍රභවයක් වන්නේ (අව්) තැපීමේ කුටිය (tanning booths). ඇමරිකානු චර්මවේද ඇකඩමිය (American Academy of Dermatology) ඇස්තමේන්තු කරන අන්දමට ඇමරිකානුවෝ මිලියනයක් දිනපතා මෙම සේවාහල්වලට (tanning salons) යති. සාමාන්‍යයක් වශයෙන් ගත් කළ ඔවුන් ඒවායේ විනාඩි 15 සිට 30 දක්වා කාලයක් ගත කරන අතර එය සම්පූර්ණ දවසක් මුහුදු වෙරළේ (අව්ව තපමින්) සිටියාට සමානය. සම දුඹුරු පැහැ කර ගැනීමේ ඇඳ හෙවත් ටෑනින් ඇඳවල් (tanning beds) ආලෝකය හම සහ ඇස් පිළිස්සන අතර සමේ පිළිකාව සෑදීමේ අවදානම ඉහළ දමයි. මෙවැනි සේවාවන් සාමාන්‍ය මට්ටමකට යොදා ගැනීමෙන් පවා මෙලනෝමාව ඇතුළුව සමේ පිළිකාව හට ගැනීමට හේතුවන බවට මහජන සෞඛ්‍ය විශේෂඥයන් මෙන් ම වෛද්‍ය වෘත්තිකයෝ නිරතුරුව ජනතාවට අනතුරු හඟවති. ඇමරිකා එක්සත් ජනපදයේ මහජන සෞඛ්‍ය සම්බන්ධ ප‍්‍රධාන පෙඩරල් ආයතන දෙක වන ආහාර සහ ඖෂධ අධිකාරිය (Food and Drug Administration) සහ රෝග පාලනය සහ නිවාරණය සඳහා වූ මධ්‍යස්ථානය(Centers for Disease Control and Prevention) සම ටෑනින් ඇඳවල් සහ හිරුපහන් (sun lamps) භාවිතා කිරීමෙන් වැළකී සිටීමට ජනතාව දිරිමත් කරයි.
පාරජම්බුල විකිරණයෙන් ඇතිවිය හැකි අවදානම තේරුම් ගැනීම මෙන් ම සමේ පිළිකාව සෑදීමේ අවදානම අඩුකර ගැනීම පිණිස තීරණ ගැනීම ගැන ජනතාව දැනුවත් කර යුතු බව මෙම ලිපිය පළ කරන Health Physics Society සංගමය පෙන්වා දෙයි. මෙකී අවදානම් සහ ඒවා අඩුකර ගැනීම ගැන ජනතාවට කරුණු වටහා දෙන අධ්‍යාපනික වැඩසටහන් දියත් කිරීම සඳහා මහජන සංවිධානවලට එම සංගමය සහාය පළකරයි. සමේ පිළිකාව පාරජම්බුල කිරණවලට නිරාවරණය වීමෙන් සෑදීමේ අවදානම අඩු කරනු වස් මෙම සංගමය ප‍්‍රධාන උපදෙස් දෙකක් සපයයි

1.ටැනින් ඇඳ සහ හිරු පහන් භාවිතයෙන් වැළකීම
වෛද්‍ය උපදෙස් හා නිර්දේශ තිබේ නම් පමණක් හැර මේවා භාවිතයෙන් වැළකී සිටිය යුතුය. සෞඛ්‍යමය වශයෙන් ඒවායින් සැලසෙන සෙතක් නැත.
2.සූර්යාලෝකයෙන් ඔබත් ප‍්‍රවේසම් වන්න.
හානිකර විකිරණයෙන් ගැලවීමට නම් ජනතාව පෙ:ව: 10.00 සිට ප:ව: 4.00 දක්වා කාලය තුළ අව්වට නිරාවරණයවීම අඩුකිරීම ඔබේ සෙවනැල්ල ඔබට වඩා කෙටි නම් සෙවන ඇති තැනකට යන්න.
සූර්යයාගෙන් මෙම පාරජම්බුල ආලෝකය ලැබෙන අතර මිනිස් ඇසට හසු නොවෙ. පාරජම්බුල ආලෝකය වනාහි රේඩියෝ තරංග, අධෝරක්ත විකිරණය, X කිරණ සහ ගැමා කිරණ සේම විද්‍යුත්-චුම්බක විකිරණ ස්වරූපයකි. විද්‍යුත්-චුම්බක විකිරණය තරංග හෝ අංශු වශයෙන් වෙනස් (විසම) තරංග ආයාම හා සංඛ්‍යාත ඔස්සේ සම්පේ‍්‍රෂණය කෙරේ. මේ පුළුල් තරංග ආයාම පරාසය හඳුන්වනු ලබන්නේ විද්‍යුත්-චුම්බක වර්ණාවලිය (electromagnetic (EM) spectrum) ලෙසයි. මේ වර්ණාවලිය සාමාන්‍යයෙන් කලාප හතකට බෙදනු ලැබේ. ඒ තරංග ආයාම අඩුවෙමින් සහ ශක්තිය හා සංඛ්‍යාත වැඩිවන ආකාරයටය. ඒවාට දී ඇති පොදු නාම වන්නේ රේඩියෝ තරංග, සූක්ෂම තරංග, අධෝරක්ත, දෘශ්‍ය ආලෝකය, පාරජම්බුල කිරණ, X කිරණ සහ ගැමා කිරණයි. පාරජම්බුල කිරණ හර්ට්ස් 8×1014 සිට 3×1016 දක්වා සංඛ්‍යාත සහ නැනෝ මීටර 380 සිට නැනෝමීටර 10 පමණ වන තරංග ආයාම සහ සහිතය.
Health Physics Society* වෙබ් අබවියේ ULTRAVIOLET RADIATION AND PUBLIC HEALTH යන ලිපිය සහ Live Science හී What Is Ultraviolet Light? යන ලිපිය ඇසුරෙනි
*The Health Physics Society is a non- profit scientific professional organization whose mission is to promote the practice of radiation safety. Since its formation in 1956, the Society has grown to approximately 6,000 scientists, physicians, engineers, lawyers, and other professionals representing academia, industry, government, national laboratories, the department of defense, and other organizations.





ප්‍රතිචාරයක් ලබාදෙන්න