මුලින්ම කියන්න තියෙන්නේ මානවයන් සැබවින්ම ස්වභාවික වරණයේ(natural selection)  නිතිරීති වෙනස් කර නොමැති බවයි. වෛද්‍ය හා සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ මෙන්ම විද්‍යාව හා තාක්ෂණයේ දියුණුව ද සම්බන්ධ කරගත් මහා සංස්කෘතියක් මානව අපට තිබෙන හෙයින් ස්වභාවික වරණයෙන් මානවයන් මුක්තව ඇතැයි  සිතීමට අප පෙළඹෙන්න පුළුවනි. එහෙත්, ස්වභව ධර්මය වෙනදා සේම ක‍්‍රියාත්මකයි. පරිණාමය වනාහී කාලය ගෙවෙද්දී ප‍්‍රවේණ්‍යනු සංඛ්‍යාතවල(gene frequencies) ඇතිවෙන වෙනසක් ලෙස විග‍්‍රහ වෙනවා. එයින් හැගවෙන්නේ පරම්පරා ගණනාවක්  ගතවෙද්දී ජාන කීටුවේ(gene pool) වෙනස් කම් ඇතිවන අතර වෙනත් ජීවීන් තරමටම. ප‍්‍රමාණයටම  මානවයෝ ද එම වෙනස්කම් අත්විඳිති. සමහර මිනිස්සු ජීවත්වෙති. සමහරු මියයති. සමහරු අනෙක් අයට වඩා වැඩි ජාන ප‍්‍රමාණයක් පවරති. එම හේතුව නිසා තාලය ගත වත්ම මානව ජාන කීටුවේ වෙනසක් ඇතිවෙනවා.

gg_humans_evolving_main

කෙසේවෙතත්, මේ සංස්කෘතික හා තාක්ෂණික  මැදිහත්වීම් හමුවේ ජාන කීටුවේ සංයුතිය මත කිසියම් බලපෑමක් ඇතිවිය හැකියයි අපට අදහස් කළ හැකි අතර එවැනි බලපෑමක් තිබෙනවා තමයි. නිදසුනක් හැටියට වසූරිය ගැන බලමු. මීට වසර ගණනාවකට පෙර වසූරිය හේතුවෙන් මිලියන ගනන් ජනතාව මිය ගියා. ඉතින් ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට සිය ජාන පැවරීමට අවස්ථාව නොලැබෙන්නේ ඔවුන් ප‍්‍රජනන වයසට පෙර මිය ගිය හෙයින්. එතකොට සිද්ධවුනේ ජාන කීටුවට එම පුද්ගලයන්ගේ ජාන අහිමව යාමයි. ඒත් දැන් වසූරිය මෙලොවින් තුරන් කර ඇති නිසා, එම රෝගය නිසා මිය යාමට ඉඩ තිබූ අය දැන් ජිවත් වෙමින් බාගදා දරුවන් ද ලබමින් එ ආකාරයට මානව ජාන කීටුවට දායක වෙන්න පූළුවනි යනුවෙන් තවත් නිදසුනක් ගෙන හැරපාමින් කියන්න පුළුවනි. රටවල් සංවර්ධනය වෙද්දී, ආර්ථිකව සමෘද්ධිමත් වෙද්දී උපත් අනුපාතිකය හැමවිටම පහළට යනවා. අද දින ඉහළම උපත් අනුපාත වාර්තාවෙන්නේ ලතින් ඇමරිකාව. අප‍්‍රිකාවේ සහ ආසියාවෙන්. මෙම ප‍්‍රදේශවල ජනතාව තමයි දැන් මානව ජාන කීටුවට ප‍්‍රධාන වහයෙන් දායක වෙන්නේ. පරම්පරා ගණනායක් යද්දි මානව විශේෂය සංවර්ධත රටවලට වඩා මෙම රටවල පිරිසගේ ජානවලින් ජාන වැඩියෙන් සමන්විත වෙනු ඇති.

Scientific American’s ASK THE EXPERTS හී පළවූ  Is the human race still evolving? Isn’t culture a more powerful force? ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending