රසායනික ක‍්‍රියාවලියක් හරහා තමයි එහෙම කඳුළු උනන්නේ. ඇල්ලියුම් සේපා (Allium sepa) යනුවෙන් දැක්වෙන ලූන ද ලීක්ස් ද සුදලූනු ද ආදී වශයෙන් ඇල්ලියුම් ගණයේ විශේෂ 500 කි. ඇල්ලියුම් සේපා මහා ඇලෙක්සැන්ඩර් ද දැන සිටි පුරාණ එලවළුවක්. ලූනු විටමින් B, C සහ G වැනි පෝෂක ද, ප්‍රෝටීන ද, පිෂ්ටය සහ අනෙකුත් අත්‍යවශ්‍ය සංයෝගවලින් ද අනූනයි. එහි අඩංගු රසායන දිලීර සහ බැක්ටීරියා වර්ධනයට එරෙහිව කාර්යක්ෂමව ක‍්‍රියා කරයි. ඒවායින් ආමාශය, පුරීතතය(colon) සහ සමේ පිළිකාවෙන් ආරක්ෂාවක් සපයයි. ඒවා, ප‍්‍රතිප‍්‍රදාහ, ප‍්‍රතිආසත්මිකාරක, ප‍්‍රතිඇදුම සහ ප‍්‍රතිමධුමේහ ගුණයෙන් යුක්තයි රුධිර පීඩනය, අතිමධුරක්තිය ආදී යට බලපාන හේතුවලට ප‍්‍රතිකාර කිරීමේදී ඒවා උපකාරී වේ.

ලූනු කපද්දී කඳුළු එන්නේ ඇයිදැයි යන්න ගැන දැන් නැවතත් යොමු වන්නේ නම් කඳුළ හටගන්නේ එහි ඇති වාෂ්පශීලී තෛල මගිනි. එළවළුවලට ඒවායේ කැපීපෙනෙණ රසය එන්නේ එම තෛලවලිනි. තවද එම තෛලවල ඇමයිනො අම්ල සල්ෆොක්සයිඩ් යනුවෙන් හැඳින්වෙන අණු අඩංගුවෙනවා. ලූනු කපද්දී allinases නම් එන්සයිම මුදා හැරෙන අතර ඒවා එකී අණු සල්ෆෙනික් අම්ලය බවට පරිවර්තනය කෙරෙනවා. ඉන් පසුව එම අම්ල syn-propanethial-S-oxide සෑදීම පිණිස යළි සැකසෙනවා. කඳුළවලට මුලපුරන්නේ syn-propanethial-S-oxide යි. ඒවා thiosulfinate සෑදෙන ආකාරයට ඝනීභූත වී ලූනු කපද්දී එන තියුණු ගන්ධයට දායකවෙනවා. ඇස් වලින් කඳුළු එන්නේ ඒවා නිසා යයි බොහෝ විට වැරදියට සැලකෙනවා. ලූනු ගෙඩිය මුලින්ම ලෙලි ගසන්නට පටන් ගෙන තත්පර 30කින් පමණ syn-propanethial-S-oxide සෑදීම උපරිමයකට පත්වෙන අතර එහි රසායනික පරිණාමය විනාඩි පහකින් පමණ නිමාවට පත්වෙනවා.
Update:
ලූනු කැපීමේදි ඇසට ඇතිවන බලපෑම අප කාටත් පාහේ හුරුපුරුදුය. ඇස් දන්න පටන් ගෙන කඳුළු ගැලිම ඇතිවෙයි. අපේ ඇසෙහි ආරක්ෂක ඉදිරි පෘෂ්ඨයවන ස්වච්ඡ මණ්ඩලය(the cornea) පක්ෂ්මීය ස්නායුවේ(ciliary nerve) සංවේදී තන්තුවලින් ගහණය. පක්ෂ්මීය ස්නායුව, මුහුණේ සහ හිසෙහි ඉදිරිපස කොටසේ සිට ස්පර්ශ, උෂ්ණත්ව, සහ වේදනා සංවේදයන් මොළය වෙත ගෙන යන තෙබිඩි ස්නායුවේ (trigeminal nerve) ශාඛාවකි. ස්වච්ඡ මණ්ඩලයෙහි ස්වයංසාධක චාලක තන්තු කුඩා ප‍්‍රමාණයක් ද තියනවා. අශ‍්‍රැ (lacjrymal කඳුළු) ග‍්‍රන්ථීන් සක‍්‍රීය කරන්නේ මෙම තන්තුය. නිදහස් ස්නායු කෙළවරවල් syn-propanethial-S-oxide සොයා ගෙන පක්ෂ්මීය සුනායුවේ ක‍්‍රියාකාරිත්වය මෙහෙයනවා. මධ්‍යම ස්නායු පද්ධතියේ එය සටහන් වන්නේ දැවෙන සංවේදනයක් ලෙසටයි. මෙම ස්නායු ක‍්‍රියාකාරිත්වය ප‍්‍රතීකව ස්වයංසාධක චාලක තන්තු සක‍්‍රීය කරනවා. ඒවා, දැවෙන ගතිය සෝදා හරින්නට කඳුළු මුදා හරින ලෙස අශ‍්‍රැ ග‍්‍රන්ථීන් වෙත නියෝගයක් කරන සංඥාවක් ආපසු ඇස වෙත රැගෙන යනවා.
Scientific American’s Ask the Experts හී පළවූ Why do my eyes tear when I peel an onion? ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න