මෙයට වසර දෙදහසකට පෙර ග‍්‍රීක වෛද්‍ය ලේඛකයෙකු වූ ඩයිඔස්කොරයිඩ්ස් පෙන්වා දුන්නා ඔකිඩ් වල බල්බ වෘෂණ වල පෙනුම ඇතැයි යනුවෙන්. වෘෂණ සඳහා යොදන ග‍්‍රීක වචනය ඔකිස්(orchis) යන්නයි.  ඔකිඩ් යන ඉංග‍්‍රීසි වචන බිඳී ආවේ එම වචනයෙන්. සිංහල බසින් ද ඊට යෙදෙන්නේ ඔිකිඩ් යන්නයි. ඔකිඩ් මුල්වලින් සාදාගනු ලබන මහෞෂධය හෙවත් සියලූ රෝග නිවාරණ ඔසුව වාජීකාරක ගුණයෙන් යුක්ත බවත් විවිධ ප‍්‍රජනන ගැටළුවලට පිළියමක් බවත් ආදී යුගයේ ග‍්‍රීකයන් විශ්වාස කළා.

ඔකිඩ් වල එවැනි ගුණ නොමැති වුව ද එය දුටු දුටු දන මන පිනවන ඉතා පියකරු මලක් බව නම් අවිවාදිතයි. ඇතැම් ඔකිඩ් සිය පරාග අවට පැතිරෙන බව සහතික කරගන්නේ ලිංගික ක‍්‍රියාවන් මගිනුයි. ඔව්, මීමැස්සන් ලිංගික ක‍්‍රියාවන්වලට සම්බන්ධ කර ගැනීම මගින්. මීමැස්සියන්, මී මැස්සන් ආකර්ෂණය කරගන්නේ විවිධ සෘජුදාම හයිඩ්‍රොකාබන්(straight-chain hydrocarbons) ගණනාවක් නිපදවීමෙනුයි.  ඉතින්, සමහර ඔකිඩ් මෙම සුවඳ අනුකරණය කරන(mimic) අතර  මීමැස්සියන් හැඩගත් මල් නිපදවනවා. එතකොට මීමැස්සන් එම මල මීමැස්සියක් යයි සිතා  එය සමග ව්‍යාජ සංසර්ගයේ යෙදෙන්නට තැත් කරන්නේ පරාගණය සිදුකරමිණුයි.

Ctsm Karen Armstrong 'Sunset Valley Orchids' HCC 76pts 20124893 l

Catasetum නම් ඔකිඩ් වලට පිරිමි මල් සහ ගැහැණු මල් ලෙස වෙනස්ව පෙනෙන මල් තිබෙනවා. මීමැස්සා පිරිමි මලකට වැහුවහම ඔහු ඇබැද්දියකට මුහුණ පානවා. මොකද, පිරිමි මල ඇළෙන සුළු පරාග වරුසාවකින් මීමැස්සා නහවන නිසා. එතකොට මීමැස්සා පිරිමි මල අතහැර ගැහැණ මල් වෙත යොමු වෙන්නේ තමන් නොදැනුවත්වම මලින් මලට පරාග අරගෙන යමිනුයි. මල්වුණත් වර්ගයාගේ පැවැත්මට යොදන උපක‍්‍රම පුදුමයි, නේද?

 

BRAIN FUEL; 199 Mind expanding inquiries into the Science of Everyday Life ග‍්‍රන්ථයේ What flower was named for its resemblance to testicles?  යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending