පිරිමි සහකරුවෙකුගේ ඇසුර නොමැතිව බෝවීම සිදුවිය හැකි බව ඉන්දුනීසියානු මකරු පෙන්නුම් කර ඇත. සමස්ත යුරෝපයේම සිටින ලිංගිකව පරිණත කොමොඩෝ මකර ගැහැණු සතුන් දෙදෙනාම පිරිමි සතුන්ගේ සින්චනයක් නොමැතිව ජීව්‍ය බිත්තර දමා ඇතැයි විද්්‍යාඥයෝ Nature සඟරාවට වාර්තා කරති. ෆ්ලෝරා යනුවෙන් නම්කර ඇති එක් කොමොඩෝ මකර ගැහැණු සතෙකු ජීවත්වෙන්නේ එංගලන්තයේ චෙස්ටේර් සත්ව උද්යනහිය. ඇය කිසි දිනක පිරිමි සතෙකු සමග එකට සිට නැත. එසේ වුවද ඇය 2006 වසරේදී බිත්තර 11 ක ගොන්නක්(clutch) දමා ඇත. ඉන් පැටවුන් 8 දෙනෙක් හටගත් අතර එම පැටව් ලොව පුර සත්ව උද්යනයානාවල ජීවත් වෙති. ඊට කලින් 2006 ම ලන්ඩන් සත්ව උද්යනහි සුන්ගයි නමින් යුතු කොමොඩෝ මකර ගැහැණු සතෙකු බිත්තර 22 ක ගොන්නක් දැමූ අතර ඉන් සාමාන්‍ය පිරිමි පැටවුන් හතර දෙනෙකු ජනිත විය. එහෙත් ඊට වසර දෙකාහමාරක තිස්සේ සිටම සුන්ගයි පිරිමි සතෙකු ඇසුරු කර තිබුනේ නැත.
සමහර උරගයන්ට අවුරුදු ගණනාවක් තිස්සේ ශුක්‍රාණු තබාගැනීමට හැකි නිසා විද්්‍යාඥයන් මුලින් කලපනා කළේ සුන්ගයි ගේ බිජු පිරිමි සතෙකු නිසා හටගත්තේ යයි යනුවෙනි. එහෙත් ජානමය විශ්ලේසනයකින් පැවසුනේ පිරිමි සතා ඇයට සර්වසම නොවි හැර එවැන්නක් සිදු විය නොහැකි බවයි.
එහෙත් මේ කන්‍යා උපත් මහත් ආන්දෝලනයක් ඇති කළේ කෞමරෝධ්බාවය (parthenogenesis) යනුවෙන් හදුන්වනු ලබන අලිංගික ප්‍රජනන ක්‍රමය පෘෂ්ඨවංශිකයන් අතර දුර්ලබ නිසයි. එවැන්නක් සිදු කළ හැක්කේ පිටිකොන්ද සහිත විශේෂ 70කට ආසන්න සංඛ්‍යාවකටය. ඒ කියන්නේ සමස්ත ප්රුෂ්ටවන්සියන් අතරින් සියයට 0.1 ට පමණය. ඇතැම් උරගයන්ට කෞමරෝධ්බාවයෙහි යෙදිය හැකි බව ජීව විද්්‍යාඥයන් දැන සිටියද සත්ව උද්යාන පාලකයෝ නම් ඉන් පුදුමයට පත්වූහ.
මවක් පමණක් සිටින්නේ වී නමුත් ජනිතයන් ක්ලෝන නොවේ. ඊට හේතුව අසංචේතිත බිජුවල ඇත්තේ මවගේ ජානවලින් අඩක් පමණක් වීම නිසාය. අනෙක් අඩ ශුක්‍රානු වලින් සැපයෙනු ඇත යනුවෙන් අපේක්ෂිතයි. පුර්ණ ප්‍රමාණයම සපුරාලිම පිණිස කෞමරෝධ්බාවයෙදි සිදුවන්නේ මවගේ ක්රෝමසෝම කට්ටලයෙන් අඩක් දෙගුන විමයි. මේ හේතුව නිසා මවගේ ජාන සියල්ලම ජනිතයා උරුම කර ගත්තද ඒවා මවගේ ජෙනොමයේ අනුපිටපතක් නොවේ.
පෙනීයන පරිදි මෙම කොමොඩෝ මකරුන්ගේ බිජ ජාන දෙගුනවිම සිදුවන්නට ඇත්තේ ශුක‍්‍රාණු වෙනුවට වෙනත් බිජුවක් සංසේචන කාර්යඉටු කිරීමෙනි. බීජ සෛලයක් සැදීමේ ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය වන අණ්ඩෝද්භවය(oogenesis) බිජ අනුපිටපතක් අඩංගු කුඩා ඩිම්බයක් වැනි ධ්‍රැවීය දේහයක්(polar body) හටගන්වයි. සාමාන්‍යයෙන් සිදුවන්නේ ධ්‍රැවීය දේහය සුරුණ්ඩිවී ගොස් අතුරුදන් විමයි. එහෙත් කොමොඩෝ මකරුන් සම්බන්ධයෙන් ගත් විට පැහැදිලිව පෙනියන්නෙ ධ්‍රැවීය දේහය ශුක‍්‍රාණු ලෙස ක්‍රියාකරමින් ඩිම්බ කලල බවට හරවා ඇති බවයි.
කොමොඩෝ මකරුන්ට ලිංගිකව මෙන්ම කෞමරෝධ්බාවයෙන් ප්‍රජනනය කිරීමේ හැකියාව ලැබෙන්නට ඇත්තේ ඉන්දුනීසියානු කොදෙව් රැසේ හුදකලා වාසස්ථාන වල ගෙවන ජිවිතය හේතුවෙන් විය හැකියි. වෙනත් විශේෂයන්ද හුදකලා වුවිට කෞමරෝධ්බාවයට පෙළබඹනු පර්යේෂකයන් දැක ඇත. කුණාටුවකදී වැනි හේතු නිසාවෙන් අසල්වැසි වෙනත් මුහුදුබඩ තිරයකට් ගසාගෙන ගියවිට තනිව ජීවත් වීමට සිදුවීම නිසාවෙන් ගණාවස පිහිටුවීම වස් ගැහැණු කොමොඩෝ මකරුන් මෙම ක්‍රමයට අනුගත වන්නට ඇති බව පර්යේෂකයෝ අනුමාන කරති.
කෞමරෝධ්බාවයෙන් සිදුවන කන්‍යා උපත් වැඩිකොටම ඇතැම් අපෘෂ්ඨවංශකයන් සුළු කොටසකට සිමාවූ දුර්ලභ සිදුවීමක් ලෙස ජීව විද්‍යා පොත්වල සඳහන් වුනත් විද්‍යාත්මක මෙවලමක් ලෙස මෙම සංසිද්දිය යොදා ගනිමට වර්තමානයේ ඇතැම් විද්‍යාන්ගයෝ උත්සහයක යෙදෙති. ඒ කළලමය පියවි සෛල(stem cell) පර්යේෂණ සඳහායි. ඒ සිදුරක් විදිමෙන් මිනිස් ඩිම්බ බෙදීයාමට සැලැස්විය හැකිදැයි බැලීමේ සංකීර්ණ පර්යේෂණ වෙනුවෙනි. එහෙත් වචනයකට වැරදි අර්ථ කතනයක් දීමක් මිස එවැනි අති නවීන පර්යේෂණ මෙයට වසර දෙදහසකට පෙර බෙත්ලෙහෙමේ දී සිදුනොවන්නට ඇත.
Fact or Fiction Science Tackles 58 Popular Myths(From the Editors of Scientific American) ග‍්‍රන්ථයෙහි Komodo Dragons Show That Virgin Births Are Possible ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න