අභ්‍යාවකසය හරහා ගමන් කරන අමුතු මාදිලියේ ධුම කේතුවක් හෙවත් වල්ගාතරුවක් සොයා ගැනීමට විද්‍යාඥයන් සමත් වෙලා තියනවා. මේ වල්ගා තරුවේ විශෙෂත්වය තමයි සාමාන්‍යයෙන් වල්ගා තරුවක දකින්නට ඇති වලිගය හෙවත් අයිස් හා දුවිලි අංශු නොමැති වීම. වලිගා රහිත බළල් විශේෂයක් වන මෑනක්ස් යනුවෙන් නම පටබඳි මෙම C/2014S3 ධුම කේතුව සැදුම් ගෙන ඇත්තේ සම්ප්‍රදයනුකුල මිදුණු රොඩුබොඩු වලින් නොව පාෂාණමය මුලයන්ගෙන්. ඒ කියන්නේ මෙම ධුම කේතුවේ මුලාරම්භය ඌට් වලාවෙන් වීමට ඇති ඉඩ කඩ අඩුයි යන්නයි. නක්ෂත්‍ර ඒකක 30,000 ටත් 100,000ටත් අතර දුරකින් සූර්යයා වටා කක්ෂගත වායුහා දුවිලි වලින් සමන්විත ධුම කේතු වලාව ඌට් වලාව ලෙස හදුන්වනවා.

එසේ නම් මේ ධුම කේතුව ආවේ කොයිබ සිටද? එහි පාෂණමය භූ ලක්‍ෂණ ගැන සලකන විට එය පැමිනෙන්නට ඇත්තේ මේ සෞර ග්‍රහ මණ්ඩලයේ අපේ පෘථිවිය ද පිහිටි කොටසින් බවක් පෙනී යනවා. කෙසේ වෙතත් මේ ධුම කේතුව අපේ සෞර ග්‍රහ මණ්ඩලයෙන් ඔබ්බෙහි කොපමණ නම් කාලයක් ගත කර ඇත් ද කිවොත් එහි මුලින්ම අපේ අභ්්‍යවකාසයෙන් ඈතට වීසිවී යද්දී තිබූ ගති ලක්‍ෂණ අත්‍යවෂ්‍යයෙන්ම සංරක්ෂණය වෙමින් මිදී ඇත.

ධුම කේතු හෙවත් වල්ගාතරු බොහොමයක්ම සූර්යයා වෙත පැමිණෙද්දී ඒවා දියවෙන්නට පටන් ගන්නවා. ඒවා පිටුපසින් අප සාමාන්‍යයෙන් දකින දුවීලී සහ අයිස් වලිගය හට ගන්නේ ඒ නිසාවෙනි. එහෙත් C/2014S3 ධුම කේතුවට වලිගයක් නොමැතිනම් ඉන් අදහස්වන්නේ සෞර ග්‍රහ මණ්ඩලයේ සහ පෘථිවියෙහි සුන්බුන් වලින් එය සැදුම් ගෙන ඇති බවයි. එමෙන්ම, මෙම වලිගය රහිත වල්ගා තරුව, අපගේ ග්‍රහයා ග්‍රහ මණ්ඩලයේ උපත හා ව්‍යුහය ගැන ඉගෙනීමට මග පාදන මහඟු වස්තුවක් බවයි.
All About Space (UK) 2016 සගරාවෙහි 53 කලාපයෙහි පළවූ Tailless Comet may have come from Earth යන ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න