සියුමැලි පෙනුමකින් යුත් මණ්ඩුකයන්යෝ හෙවත් මැඩියන් රාති‍්‍රයේ එක දිගට නගන බක බක හඬ හැරුණු කොට මිනිස් අපට කරදරකාරීව හැසිරෙන සත්වයෙකු ද නොවේ. එහෙත්, මේ මිහිතලය මත ඇති ඉතාමත් දරුණු දේශගුණික තත්ත්වයන් යටතේ ජීවත්වීමට මොවුහු පුරුදුව සිටිති. එමෙන්ම කාන්තාරවල, නිවර්තන වැසි වනාන්තරවල ආදී වශයෙන් ප‍්‍රායෝගිකව ගතහොත් ඕනෑම තැනක මැඩියන් දැකිය හැකිය. මොවුන්ගේ පැවතුම් හෙවත් ප‍්‍රවර්තන උපායමාර්ග ගතහොත් ඒවා හඳුන්වා දිය හැක්කේ අති නිර්මාණශීලී ක්‍රමෝපායන් ලෙසය. අත්‍යන්ත පරිසර තත්ත්වයන්ට (environmental extremes) මුහුණදීමේ දී විවිධ මැඩි විශේෂ උපාය මාර්ග දෙකක් අනුගමනය කරති. එනම්, සිසිර තරණය(hibernation) සහ ගිම්හානතරණයයි(estivation).
සෞම්‍ය කලාපීය දේශගුණ ප්‍රදේශවල ශීතල ශීත ඍතුවේදී සිසිර තරණය සුලබ ප‍්‍රතිකි‍්‍රයාවකි. සීත ඍතුවේ කාල ගුණයෙන් හා විලෝපියන්ගෙන් ආරක්ෂාවීමට සුදුසු වාසයට අවකාශයක් සත්වයා සොයා ගනී. නැතහොත් තනාගනී. ඉන් අනතුරුව එම සත්වයාගේ පරිවෘත්තීය (metabolism)ප‍්‍රකටව මන්දගාමී වන්නේ ශරීරයේ ශක්ති ගබඩාව උපයෝගී කර ගනිමින් ශීත ඍතුව ‘නිදාගෙන’ ගත කිරීමට හැකිවන අයුරිනි. වසන්තය උදාවෙත්ම සත්වයා අවදි වී සිය සිසිර වාසස්ථානයෙන් බැහැර වන්නේ ආහාර ගැනීම හා අභිජනනය යන කාර්යයන් ඉටු කර ගැනීම පිණිසය.

Leopard frog සහ ඇමරිකානු bullfrog වැනි දිග මැඩියෝ සිසිරතරණයෙහි යෙදෙන්නේ දිය යටය. මේ සම්බන්ධයෙන් ප‍්‍රචලිත වී ඇති වැරදි අවබෝධයක් වන්නේ මේ ජලජ මැඩියන්, ජලජ කැස්බෑවන් සේම විලක හෝ ගඟක පතුලේ මඩ හාරා ඒ තුළ සීත ඍතුව ගෙවන්නේය යනුවෙනි. ඇත්තවශයෙන්ම මැඩියන් මඩ හාරා ඒ තුළට වැදී තරමක වේලා ගත කළහොත් ඔවුන් හුස්ම හිරවී මිය යනු ඇත. සිසිරතරණයේ යෙදෙන කැස්බෑවන්ගේ පරිවෘත්තීය කෙතරම් මන්දගාමී වන්නේද කියතහොත් මඩ ගොඩෙහි සීමිත ඔක්සිජන් සැපයුමෙන් සිසර ගෙවා ගැනීමට හැකිවේ. කෙසේ වෙතත් සිසිරතරණයේ යෙදෙන ජලජ මැඩියන්ට ඔක්සිජන් බහුල ජලය අවශ්‍ය වන අතර සීත ඍතුවේ වැඩි කොටස ගෙවන්නේ මඩ මත ලැග හෝ එහි යාන්තමට වැළලී ගෙනය. වරින් වර ඔවුන් සෙමින් පිහිනීමද සිදු කිරීමට ද ඉඩ ඇත.
ගොඩබිම මැඩියන්, සාමාන්‍ය සිසිර තරණය කරන්නේ ගොඩබිමෙහිය. ඇමරිකානු ගෙම්බන් සහ අනෙකුත් මැඩියන් වැනි කැනීමට දක්ෂ මැඩියෝ තුහින රේඛාවට යටින් පස ආරක්ෂිතව ගැඹුරට හාරති. Wood frog සහ spring peeper වැනි තැනීමට හැකියාවක් දක්වන්නේ නැති මැඩි විශේෂ හාරනු වෙනුවට ලී කොටවල සහ ගල්වල පටු පැල්ම හා සිදුරු සොයා ගනිති. නැතිනම් තැන්පත් කොළ කසළ හැකි තරම් දුරකට හාරති. මෙම සිසිර වාසස්ථාන අහිතවත් කාල ගුණයෙන් එතරම් ආරක්ෂාවක් සැපයීමට අපොහොසත්ය. එමෙන්ම ඒවායේ වාසය කරන්නන් සමග එම වාසස්ථාන මිදීයාමේ යාමටද පුළුවන.
ඒ කෙසේ වෙතත්, මැඩියන් මැරී යන්නේ නැත. මන්ද? මිදීමවරනයයි(antifreeze). සිරුරු කුහරයේ, ආශයෙහි (bladder) සහ සම යට අයිස් ස්ඵටික සෑදෙන බව ඇත්ත තමයි. එහෙත් මැඩියාගේ වැදගත් අවයවවල අධිකව ග්ලූකෝස් සාන්ද්‍රණයවීම හේතුවෙන් මිදීම වැළකේ. භාගෙට මිදුණු මැඩියෙකු හුස්ම ගැන්ම නතර කෙරෙන අතර උගේ හදවත ගැස්මද නතර වනු ඇත. මැඩියා මිය ගොස් ඇති බව පළවේ. එහෙත්, සිසර වාසස්ථානය හිමාංකයට වඩා උණුසුම් වූ විට මැඩියාගේ මිදුණු කොටස් හිමහරණය (දියවීමට) වන්නට පටන් ගෙන හදවත හා පෙනහළුවල කි‍්‍රයාකාරීත්වය යළි ඇරඹේ. දිවිගෙවන මළවුන් යනුවෙන් දෙයක් ඇත්තටම ඇති සැටියකි!
ගිම්හානතරණය

ගිම්හානතරණය සිසිර තරණයට සමානය. එය අහිතකර පාරිසරික තත්ත්වයන්ට ප‍්‍රතිචාර වශයෙන් සතෙකු පත්වන අකි‍්‍රය (නිදිගත) ස්වභාවයයි. අප මේ දක්වන අහිතකර පාරිසරික තත්ත්වය නම් ඇතැම් නිවර්තන කලාපවල දිගට අල්ලා සිටින වියළි ඍතුවයි හෙවත් වාරයයි. මැඩි විශේෂ කිහිපයක්ම ගිම්හාන තරණයෙහි යෙදෙන බව සොයා දැන ගෙන ඇත. ඔවුන් අතුරෙන් වඩා ප‍්‍රකට දකුණු ඇමරිකාවේ ornate horned frog නම් විශේෂය සහ අපි‍්‍රකාවේ bullfrog නැමැති විශේෂයයි.
වියළි ඍතුව උදාවත්ම මෙම මැඩියෝ පස ඇතුළට හාරා ගෙන ගොස් අකි‍්‍රය වෙති. මාස ගණනක් පැවතිය හැකි විස්තීරණ වියළි වාරයේදී ඔවුහු අමුතු දස්කමක් පාති. සමෙහි හානි නොවු ස්තර ගණනාවක්ම ඔවුහු හැර දමති. එනම් හැව අරිති. එසේ කරන්නේ මුළු සිරුර ම වසා පවතින බීජ කෝෂයක් සාදා ගනිමිනි. එසේ කරද්දී නාසය පමණක් නිරාවරණය කර තබන්නේ හුස්ම ගැනීමටය. මේ මැඩියෝ මුළු ගිම්හානයම බීජ කෝෂය තුළට වී ගත කරති. ආපසු වැසි පැමිණි පසු ඔවුහු තම වැස්ම ඉවත්කරමින් තෙත ගතියෙන් යුතු පස හාරාගෙන මතුපිටට පැමිණෙති.
Scientific American’s Ask the Experts හී පළවූ How do frogs survive winter? Why don’t they freeze to death? යන ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න