නිරෝගී ජීවීතයක් ගත කිරීමට නම් වැඩි වැඩියෙන් පලතුරු සහ එළවලු කන්නයි වෛද්‍යවරුන් කියා සිටින්නේ දැන් කලක සිටමය. අඩුම තරමින් දිනකට පලතුරු සහ එළවලු කොටස් පහක්වත් ආහාරයට ගත යුතු බවයි, ඔවුන්ගේ අදහස. මේ පාඩම අප ඉගෙන ගන්නෙ කුඩා කාලයේදීමයි. සංවේදී ජීරණ පද්ධතියක් ඇති අය පවා පලතුරු කෑමට උනන්දු කෙරෙනවා. පලතුරු, එළවලු කන තරමට තමයි ලු ඇඟට ගුන. මතකනේ උපදේශය? An apple a day will keep the doctor away! එත් නව අධ්‍යනයක් හරහා ලබාගෙන ඇති සොයාගැනීමක් මෙම මතය උඩු යටිකුරු කිරීමට සමත් වෙලා තියෙනවා. තන්තු, විටමින,ඛනිජ, ප්‍රති ඔක්සිකාරක වැනි සෞඛ්‍යයට වැදගත් පෝෂක පලතුරුවල අඩංගු වන නමුත් ඒවා වැඩියෙන් ආහාරයට ගැනීම අපේ සිරුරට අහිතකර විය හැකියයි නව අධ්‍යනයකින් හෙළිවෙනවා.

පලතුරු සහ එළවලු වර්ග ගණනාවක්ම පෝෂක වලට අමතරව ශරීරයට හානිකරවීමේ විභවයක් ඇති ද්‍රව්‍යයකින් සමන්විත වන බව වෛද්‍යවරු දැන් හදුනාගනිමින් සිටිනවා. ඒ ද්‍රව්‍යය තමයි සෝබිටෝල්(sorbitol). සෝබිටෝල් කියන්නේ සිනීමය මද්යසාරයකි. මෙම සිනීමය මද්‍යාසාරය මුලිකව දැකිය හැක්කේ වියළි පලතුරුවලයි. විශේයෙන්ම වියළි මුද්දරප්පලම්, ඇප‍්‍රිකොට්, පීච්, රාස්ප්බෙරි ආදියෙහියි. කුඩා කැට සහිත සීනි(caster sugar) මෙන් භාගයක් පැණිරස ඇති සෝබිටෝල් වල ශක්තිය අඩංගු වන්නේද කුඩා කැට සහිත සීනි මෙන් අඩක් පමණයි. සීනිවලදී මෙන් නොව සෝබිටෝල් ජීරණය වෙද්දී ඉන්සුලින් මුදා හැරෙන්නේ නැති නමුදු ජීරණ ක්‍රියාවලියට සැලකිය යුතු වෙලාවක් ගතවන හෙයින් සාහිත්‍යමය අර්ථයකින් ගතහොත් අතුණු බහන් හෙවත් බඩවැල් වලට ‘වධයක්’ වෙන්න පුළුවනි.

වියලි පලතුරු බෑගයක තිබෙන ප්‍රමාණය වන සෝබිටෝල් ග්‍රෑම් 5ක් ගැනීමෙන් ශාරීරිකව අපහසුතාවලට පත්විය හැකි අතර ග්‍රෑම්20ක් හේතුවෙන් පාචනය ඇති වෙන්න පුළුවනි. ඒ කෙසේවෙතත්, කේක්, බිස්‌කට්, පැණි බිම යනාදියට වඩා නම් පැහැදිලිවම පලතුරු සිරුරට හිතකර බවයි විද්‍යාඥයන්ගේ මතයයි.
World of Knowledge සඟරාවෙහි DOES EATING LOTS OF FRUIT PROTECT THE BODY? යන ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න