චිම්පන්සීන් සාමුහිකව වැඩ කිරීමට අකමැතිය යනුවෙන් ඇති මතය මෑතක සිදු කෙරුණු පර්යේෂණයකින් අභියෝගයට ලක්වේ
අපේ පි‍්‍රමාටේස් ඥාති සොහොයුරන්වන චිම්පන්සීන්ගේ කෙලිලොල් හැසිරිම, දත් විදහා පා නගන අවංක සිනාහව අපේ ඇගැයීමට ලක්වුවත් මොවුන් තරගකාරී, දුෂ්ට, ඇතැම් විට ආක‍්‍රමික සත්ව විශේෂයක් හැටියට ද නම් දරා සිටිති. එහෙත් Proceedings of the National Academy of Sciences හි පළවූ වාර්තාවක් දක්වන්නේ ඉඳහිට ප‍්‍රචණ්ඩකාරී හැසිරීමට නැඹුරුවක් දැක්වුවත් චිම්පන්සීහු තරගකාරිත්වයට වඩා සහයෝගිතාවට කැමැත්තක් දක්වන බවයි(prefer cooperating over competing). ඇත්ත වශනේම චිම්පන්සීන්ද, එක්ව කටයුතු කිරීමට මිනිසුන් හා සමාන අනුපාතයකින් පෙළෙඹෙන බව පෙන්වන්නේ යයි වත්මන් අධ්‍යයනය මගින් කියැවේ. වානරයන් ප‍්‍රචණ්ඩත්වයට නැඹුරුවන විට එය බොහෝ විට එල්ලවන්නේ කණ්ඩායමක සාමාජිකයෙකු ලෙස (සහයෝගයෙන්) කි‍්‍රයාකිරීමට අකමැති අය කෙරෙහි යයිද පැවසේ.
එමරි සරසවියේ, ජාතික පි‍්‍රමාටේස් පර්යේෂණ මධ්‍යස්ථානයේ එළිමහන් කොටුවක රඳවා සිටින චිම්පන්සීන් 11 දෙනෙකු යොදාගෙන පරීක්ෂණය සැකසුම් කර තිබුණේ සහයෝගී චර්යාව මැන බැලීමටය. පරීක්ෂණය සකසා තිබුණේ යම් ප‍්‍රතිලාභයක් අත්පත් කරගන්නා පිණිස චිම්පන්සින් දෙදෙනෙකුහෝ වැඩි පිරිසක් එකිනෙකා හා සහයෝගීතාවයෙන් කටයුතු කරන්නේද යන්න දැක ගත හැකිවන ආකාරයටය. මෙහිදී ප‍්‍රතිලාභ වශයෙන් ආහාර සැපයනු අතර ඒවා ලබා ගැනීම පිණිස යම් බාධක ඉවත් කිරීම පිණිස චිම්පන්සීන්ට එක්ව සහයෝගයෙන් කටයුතු කළ යුතු විය. පරීක්ෂණයේදී චිම්පන්සීන් දෙදෙනෙක් සහයෝගයෙන් කටයුතු කරණ බව ස්ථිර වුවිටද පසුව තුන්වන්නෙකු ද එක්කර ගැණින.

මොවුනට ප‍්‍රතිලාභය ලබා ගැනීම පිණිස සෙසු අය බලා සිටින පරිසරයක් තුළ පැය 100ක් ලබා දුන් අතර එමගින් තරගාකාරීත්වයට අවශ්‍ය ඕනෑ තරම් අවස්ථා හා ඉඩ කඩ සැලසිණ. පර්යේෂකයන් ‘තරඟකාරිත්වය’ (competition) නිර්වචනය කළේ ප‍්‍රතිලාභය සැපයෙන ස්ථානයෙන් බලහත්කාරයෙන් තම සහෝදර චිම්පන්සීන් පළවා හරින ශාරීරික ආක‍්‍රමණකාරී බව හෝ තමන් කිසි කාර්යයක් ඉටුනොකර අන් අය වෙහෙසී ලබා ගත් ප‍්‍රතිලාභය පැහැර ගැනීමේ ‘පින් අඩිකාරී’ (freeloading) චර්යාව ලෙසටයි.
පර්යේෂණයට සම්බන්ධ කර ගනු ලැබුවේ ඒකාකිකයන්(individuals) සුළු සංඛ්‍යාවක් වුවද පර්යේෂණ ප‍්‍රතිඵල නම් විශදය. පැය 94 පරීක්ෂණ සැසිවලදී චිම්පන්සීහු එකිනෙකා හා සහයෝගයෙන් වැඩ කළ වාර ගණන 3565 කී. එනම් ඔවුන් තරගකාරීත්වයට ප‍්‍රවේශවනවාට වඩා පස් වාරයක් වැඩි සංඛ්‍යාවකි. ඊට අමතරව, ඔවුහු තරගකාරී චර්යාවෙහි යොදන්නන්ට දඬුවම් පැමිණවීම පිණිස විවිධාකාර වූ උපාය මාර්ගද අනුගමනය කළහ. වඩා ප‍්‍රජාහිතකාමී හා ඉවසන සුළු සගයින් සමග වැඩ කිරීමට වැඩි මනාපයක් දැක්වීම එක් උපාය මාර්ගයක් විය.

යම් කිසි අවස්ථාවක ආක‍්‍රමණකාරිත්වයක් පැන නැගුනේ නම් ඒ බොහේ විට වඩාත් තරගකාරී ස්වභාවය මැඩ පවත්වන්නට හෝ ‘පින් අඩි ගැසීම’ වැළැක්වීමටය. වැඩ නොකර ප‍්‍රතිලාභ පමණක් හොරෙන් ලබාගැනීමට කි‍්‍රයා කරන්නන් ගැන විශේෂයෙන්ම ආක‍්‍රමණශීලී ආකල්පයක් දරනු ලැබීය. එවැනි ‘පින් අඩි’ කාරයින්ට දඬුවම් කිරීමට තුන්වැන් පාර්ශ්වයක චිම්පන්සියන් ඉදිරිපත් වූ අවස්ථා 14ක්ම පර්යේෂකයන්ට තීරණය කිරීමට හැකි විය. ‘මානව සහයෝගිතාව අද්විතීය’යි බොහෝ විට විද්‍යා ලේඛනවලින් කියැවේ. එහෙත් ‘අපේ සමීපතම නෑයන් තරගකාරිත්වය හා අනුන්ගේ පහනින් එළිය බැලීමේ චර්යාව අධෛර්යමත් කරන බව ප‍්‍රථමවරට පෙන්වා දෙනු ලැබුවේ අපේ අධ්‍යයනයෙන් තමයි’ යනුවෙන් පවසන්නේ අධ්‍යයනයේ සම කර්තෘ, පි‍්‍රමාටේස් ගැන පර්යේෂණ සිදු කරණ ෆ්‍රාන්ස් ඩි වාල් ය.
අනෙකුත් සත්ව විශේෂ ගණනාවක්ම සහයෝගිතා චර්යාවන් පෙන්නුම් කරයි. මීට කදිම නිදසුන කුහුඹුවන්ය. එහෙත්, අධ්‍යයනයේ ප‍්‍රධාන කර්තෘ මාලිනී සුචක් පැහැදිලි කරන්නේ තම පර්යේෂණ කණ්ඩායම චිම්පන්සියන් අතරේ නිරීක්ෂනය කෙරුණු සහයෝගිතා චර්යාවන් වඩාත් කැපී පෙනෙන සුළු බවයි. සහයෝගිතාව පුළුල් විශේෂ සංඛ්‍යාවක් අතරේ පැතිර තිබෙනු දැකිය හැකි නමුත් එම සහයෝගිතාව ඥාතීන් වෙත යොමුවන්නක් වන අතර කලින් සැලසුම්කළ අන්දමකට යාන්ති‍්‍රකව කි‍්‍රයාත්මක වන්නකි. ‘අපේ අධ්‍යයනයේදී පෙනී ගියේ චිම්පන්සීන් ඇත්තටම සහයෝගිතාව ගැන සිතනවා පමණක් නොව සහයෝගීතාව උපරිමයකට ගෙන ඒමටත් තරගකාරිත්වය අඩුකිරීමටත් බලපාන තීරණ කි‍්‍රයාකාරිව ගන්න බවත්’ යයි සුචක් කියා සිටියි. චිම්පන්සින් මේ අධ්‍යනයේදී සිදුකළ කි‍්‍රයාවන් ප‍්‍රජානන වශයෙන් ගත් කළ වඩාත් ළංවන්නේ මිනිස් අප දක්වන සහයෝගිතාවට මිස කුහුඹුවන්ගේ (යාන්ති‍්‍රක) චර්යාවන්ට නොවේ යයිද ඇය කියා සිටියි.

මේ අධ්‍යයනයට සම්බන්ධ නොවූ, පරිණාමීය මානව විද්‍යාව සඳහා වූ මැක්ස් ප්ලෑන්ක් ආයතනයේ මයිකල් ටොමැසෙලන් ප‍්‍රකාශ කර සිටින්නේ පර්යේෂණය කුඩා එකක් වීම හැරුණු කොට තවත් අමතර සීමා ඇති බවයි. ඔහුගේ තර්කය වනුයේ මෙලෙස කොටුවක් තුළ දී තමන්ට ආහාර ලැබෙන වටපිටාවක චිම්පන්සීන් මේආකාරයට් හැසිරුණත් වනගතව ජීත්වෙද්දී වඩාත් තරගකාරීව මමත්වයෙන් කි‍්‍රයා කිරීමට කැමති බවයි. කෙසේ වෙතත්, අනෙක් පි‍්‍රමාටේස් සතුන්, අප කලින් සිතා සිටියාට වඩා අපට සමාන කම් දක්වන බවට සාක්ෂි එන්ට එන්ටම වැඩියෙන් ලැබෙන්නට පටන්ගෙන තිබේ. Scientific American සගරාවේ මෑතක පළවූ වාර්තාවක් අනුව පි‍්‍රමාටේස්ට අමතරව වදුරන්ද වයස් ගතවීමේදී සෙසු වදුරන්ට වඩා සිය ‘මිතුරූ’ වදුරන් සමග කල්ගත කිරීමට කැමති බවයි. කෙසේවෙතත් මහා වානරයන් වෙනත් ආකාරයේ සබදතවන්ද ඇති කර ගන්න බව පෙනීගොස් ඇත. ස්වභාවිකව වාසය කරණ චිම්පන්සියන් අනෙකුත් අය සමග තරග වැදීම පිණිස තවත් චිම්පන්සියෙකු සමග සහයෝගිත සබදතාවක් ගොඩනගාගැනීමටද ඉඩ තිබේ. කොහොම නමුත් අප බොහෝ දෙනා විශ්වාස කළේ මිනිසුන්අතර සහයෝගිතාව මෑතක වර්ධනය වූ ගති ලක්ෂනයක්ය, එය අනෙකුත් සතුන් අතර දක්නට ලැබෙන චර්යාවට වඩා වෙනස් ය යනුවෙනි. නව අධ්‍යනය එම අදහස සංශෝධනය කරයි. ‘අපේ සොයාගැනීමඅපට මතක් කර දෙන්නේ මිනිසුනුත් ඉතින් සත්වයන්ම තමයි යන්නයි’ සුචක් කියයි.
Scientific American හි පළවූ Like Humans, Chimps Reward Cooperation and Punish Freeloaders නම් ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න